ඇමති බබාලාට නිලධාරි කොබාලාගෙන් ඇති කරදර ගැන (මාල)දිවයින ළමා පත්තරයේ සරණපාල බබා මෙසේ ලියයි

(2010 අප්‍රේල් 28 - W3Lanka
ඇමැතිවරුන්ගේ නමින් ජාවාරමකට සැරසෙති! (හානේ බලන්නකෝ මේ නිලධාරි කරන වැඩ!)


(අ)සරණපාල පමුණුව (කුක්කු බබා)


අලුතින් පත්වූ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සඳහා අලුත් අලුත් අමාත්‍යාංශ කාර්යාල ඇති කිරීම සඳහා ඇතැම් අමාත්‍යාංශ නිලධාරීන් විසින් සියුම් ව්‍යාපාරයක්‌ ගෙන යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කර ඇත. (බලන්න ඇමතිලාට හොරෙන් මුන් කරන කැත වැඩ!) අලුතින් පත්වූ සියලුම අමාත්‍යවරුන් සඳහා අංග සම්පූර්ණ සේවා අමාත්‍යාංශ කාර්යාල තිබියදී ඒවා වෙනුවට අලුතින් රුපියල් ලක්‍ෂ ගණනින් ගෙවා කාර්යාල ගොඩනැඟිලි කුලියට ගැනීමටත් ඒවායින් සැළකිය යුතු මුදලක්‌ සාක්‌කුවලට දමා ගැනීමටත් මෙම ඡාවාරම් පසුපස සිටින අයගේ අරමුණ වී ඇතැයිද කියති. (මේ මුදල් යන්නේ නිලධාරින්ගේ සාක්කුවට විතරමයි.)


රට සංවර්ධන කිරීම කෙසේ වෙතත් නිලධාරී පැළැන්තිය දැන් සිටම තම මඩිය තරකර ගැනීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරමින් ඇතැම් ඇමැතිවරුන් නොමග යෑවීමේ මෙබඳු ක්‍රියාකාරකම් අරඹා ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි. (බලන්නකෝ, මේ චූටි ඇමතිවරුන්ගේ නොදන්නාකමින් මේගොල්ලන් අයුතු ප්‍රයෝජන ගන්න හැටි!)


කෙසේ හෝ යළිත් එබඳු තත්ත්වයක්‌ උදා වුවහොත් අමාත්‍යවරුන්ගේ අභිනව කාර්යාල සකස්‌ කිරීම සඳහා රුපියල් කෝටි ගණනක්‌ වියදම් වියහැකි බවද කාර්යාල කුලියට ගතහොත් ඒවා එකලස්‌කර අලුතින් අමාත්‍යාංශ කාර්යාල බවට පත්කිරීමට කුලිය මෙන්ම කෝටි ගණනක මුදලක්‌ වියදම් වන බවද වැඩි දුරටත් එම ආරංචි මාර්ග හෙළිකර ඇත. (මීට කලින් කවදාවත් ඇමතිවරු කාර්යාල වෙනස් කරලා නැහැනේ! අනේ පව් (අ)සරණපාල! හා, හා, ඔච්චර බය වෙලා කලිසම තෙමා ගන්න එපා.)

Comments

  1. මේවට ඉස්සර දිවයින කස්‍ිය කිවේ අතේ රෝල් කියලා. දැන් මොනා ද කියන්නේ ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා