නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය
අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන්නේ තාවකාලික පදනමකින් දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ය. එය කලින් අමාත්‍යංශවලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා ය. දක්ෂකමට වඩා ජ්‍යේෂ්ඨත්වයට මුල් තැන දී ඇති බව පෙනේ. ජෝන් අමරතුංග වැනි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් සමග ගනුදෙනු කරමින් සිටි වයෝවෘද්ධ චරිත ඊළඟ මහ මැතිවරණයෙන් පරාජය වී ඉවත් ව යන්නට ඉඩ තිබෙන බැවින් ඔවුන්ගේ සිත් සතුටු කර විශ්‍රාම ගන්වන්නට මෙම ඇමති තනතුරු පිරිනමා ඇති බව පෙනේ. ඔවුන් ඇමති තනතුරුවලට පෙරේත, නො ලැබුණොත් පලි ගහන පැරණි දේශපාලන සංස්කෘතියට අයිති නිසා ඔවුන් කළමනාකරණය කර ගන්නට ද අවශ්‍ය ය. එසේම, මෙම දින 100 තුළ පෙන්වන කාර්යසාධනය මත අනාගත ඇමතිවරුන් තීරණය වනු ඇත. අතුරලියේ රතන හිමි ඇමති තනතුරු එපා කීවාදැයි මම නො දනිමි. එහෙත් ඔහු ඇමති මණ්ඩලයේ සිටිය යුතු කෙනෙකි. අකිල විරාජ් කාරියවසම් වැනි නාමල් රාජපක්ෂගේ නම කියන්නට බියෙන් සිටි පුද්ගලයකුට අධ්‍යාපන ඇමතිකම වැනි අතිශය වැදගත් තනතුරක් භාර දී තිබේ. වී. රාධාක්‍රිෂ්ණන්ට අධ්‍යාපන රාජ්‍ය ඇමති තනතුර පැවරීමෙන් එය තුලනය වේ ද යන්න පැහැදිලි නැත. උසස් අධ්‍යාපන ඇමති ධුරය රජීව විජේසිංහට පැවරීම හොඳ ය. ඔ...