අලුත් ඇමති මණ්ඩලය ගැන ගැඹුරින් | A deep analysis on the new cabinet

(2010 අප්‍රේල් 23 - W3Lanka ) ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නේ ය. ඇමතිවරු සංඛ්‍යාව අඩු වී තිබේ. එහෙත්, බොහෝ අමාත්‍යංශ ද බලතල හැලී, කෙට්ටු වී තිබේ.


වැදගත් ම විෂය කීපයක් වන මුදල් හා සැලසුම්, ආරක්ෂාව, වරාය හා ගුවන් සේවා, මහාමාර්ග කෙළින් ම ජනාධිපති අතේ ය. ජනාධිපතිවරයාගේ නම ජනමාධ්‍ය හා තොරතුරු ඇමති ලෙස සඳහන් වන්නේ නැතිමුත් දැනට එම විෂය පවතින්නේ ද ජනාධිපති අතේ ය. ජනාධිපති පුත් නාමල් රාජපක්ෂට මේ අමාත්‍යංශ හැසිරවීම හරහා අනාගත රාජ්‍ය නායකත්වයට පුහුණුව ලබා ගත හැකි වනු ඇත.


ඊළගට වැදගත් ම කොටස් ටික එකතු කර ආර්ථික සංවර්ධන නමින් අලුත් අමාත්‍යංශයක් හදා එය ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂට දී ඇත. මෙමගින් ප්‍රායෝගිකව රජයේ දෙවන ස්ථානය බැසිල් රාජපක්ෂට හිමි වේ. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු පත් කරන්නට තරම් විශාල එකකි. එනම් ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රංජිත් සියඹලාපිටිය හා  මුත්තු සිවලිංගම් ය. 


නාමික දෙවැන්නා වන අගමැති දි.මු. ජයරත්නට බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ පිහිට ය.


පසුගිය සමයේ සෞඛ්‍ය ඇමති වූ නිමල් සිරිපාල ද සිල්වා ලද අපකීර්තිය ලබා ගැනීම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේනට ලබා දී තිබේ.


තවත් එවැනි ම අපකීර්තිය හිමි වන අමාත්‍යංශයක් වූ අධ්‍යාපන අමාත්‍යංශය පෞද්ගලික අධ්‍යාපන ව්‍යාපාරිකයකුව සිටි බන්දුල ගුණවර්ධනට භාර දී තිබේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාට මෙවර දි තිබෙන්නේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයයි.


ප්‍රවාහන කොන්ත්‍රාත් ව්‍යාපාර හා සම්බන්ධ පවුලකින් පැවත එන කුමාර් වෙල්ගමට ප්‍රවාහනය පවරා තිබේ.


ජනාධිපති සෙවණේ හිඳිමින් ශ්‍රීලනිප නායකත්වය ඉලක්ක කරගෙන සිටින හිටපු ජනමාධ්‍යවේදියකු වන ඩලස් අලහප්පෙරුමට භාර දී ඇත්තේ තරුණ කටයුතු හා රැකී රක්ෂා ය.


පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් දෙදෙනෙකුට වැදගත් විෂයන් වූ සංස්කෘතිය පවිත්‍රා වන්නිආරච්චිට ද, පාර්ලිමේන්තු කටයුතු සුමේධා ජී. ජයසේනට ද ලැබෙන පරිදි බෙදා දී කාන්තා සංවර්ධනය මැදවච්චියේ තිස්ස කරල්ලියද්දට භාර දී තිබේ. කාන්තා හා ළමා සංවර්ධන නියෝජ්‍ය ඇමතිකම පවා දී ඇත්තේ කාන්තාවකට නොව එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට ය.


විදේශ අමත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් සිටි මහින්ද සමරසිංහට ලැබී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයයි. විදේශ ඇමතිකම ජී.එල්. පීරිස් මහාචාර්යවරයාට ලබා දී ඇත.


හරිත සමාජවාදියකු වූ චම්පික රණවකගෙන් පරිසර අමාත්‍යංශය ආපසු ගෙන ගල් අඟුරු බලාගාරවලින් පරිසර දූෂණය ඇරඹෙන්නට නියමිතව තිබෙන සමයක විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය භාර දී තිබේ.


අනුර ප්‍රියදර්ශන යාපාට මෙතෙක් නමට පමණක් දී තිබුණු ජනමාධ්‍ය අමාත්‍යංශය එහි ඇත්ත හසුරුවන්නන් වන රාජපක්ෂ පවුල අතට ගෙන යාපාට පරිසර අමත්‍යංශය දී ඇත.


චතුර, වේගවත් කථිකයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඉදිරියේදී වේගයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂිත බඩු මිළ ගැන කතා කිරීමට අවස්ථාව දෙමින් සමුපකාර හා අභ්‍යරන්තර වෙළෙද කටයුතු අමාත්‍යංශය ඔහුට දී ඇත. එජාපයෙන් ආණ්ඩුවට කරණමක් ගසමින් ඔහු ඉල්ලා ගත් ඉඩම් විෂය එහුට අහිමි වී තිබේ. ඔහු නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කය ලංකාවේ වැඩි ම රාජ්‍ය ඉඩම් ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කයයි.


ජෝන් සෙනෙවිරත්න රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වෙද්දී 1994 සිට පාර්ලිමේන්තුවේ සිටියත් කැබිනට් ඇමතිකමක් නැතැයි හැමදා ම වැළපෙන ඩිලාන් පෙරේරාට මෙවරත් හිමි වී තිබෙන්නේ ජෝන් සෙනෙවිරත්න යටතේ නියෝජ්‍ය ඇමතිකමයි.


හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකට දී තිබෙන රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට පැවරෙන කාර්යය කුමක්ද යන්න තවම පැහැදිලි නැත. නියෝජ්‍ය ඇමති කෙනෙකුවත් පත් කර නැතිකමින් මෙම අමාත්‍යංශයේ වැදගත්කම පෙනේ. 


කලින් මේ රටේ තිබුණු මානව හිමිකම් අමාත්‍යංශය අන්තර්ධාන වී තිබේ. ඒ තව දුරටත් මානව හිමිකම් ලංකාවට වැදගත් නොවන නිසා වන්නට පුළුවන.


ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනමාධ්‍ය විෂයේ සිය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ මර්වින් සිල්වා ය. එය ලංකාවේ මාධ්‍ය නිදහස් පිළිබඳ විවේචනය කරන්නන්ට දුන් නියම කණේ පාරකි.


ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු වන රෙජිනෝල්ඩ් කුරේට කැබිනට් ඇමති ධුරයක් නැත. ලැබී ඇත්තේ ආතාවුද සෙනෙවිරත්න යටතේ අධිකරණ නියෝජ්‍ය ඇමතිකමයි.


රංජිත් සියඹලාපිටිය කීකරු ළමයාට බැසිල් රාජපක්ෂගේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ නියෝජ්‍ය තනතුර ලැබී ඇත.


රෝහිත අබේගුණවර්ධනට ඡන්දයට වැය කළ මුදලට ගැලපෙන්නට ජනාධිපති යටතේ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය ඇමතිකම ලැබී තිබේ. දයාශ්‍රිත තිසේරා ද වරාය හා ගුවන්සේවා ඇමතිවරයෙකි.

Comments

  1. විදේශ ඇමතිකම ජී.එල්. පීරිස් මහාචාර්යවරයාට ලබා දී ඇත.
    හරිත සමාජවාදියකු වූ චම්පික රණවකගෙන් පරිසර අමාත්‍යංශය ආපසු ගෙන ගල් අඟුරු බලාගාරවලින් පරිසර දූෂණය ඇරඹෙන්නට නියමිතව තිබෙන සමයක විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය භාර දී තිබේ.

    I believe GL is suitable for this post. rajiva wijesinha would be prime candidate but still he is new to parliment.
    Abour Champika, frankly speaking he did well in his earlier post and new one is another suitable one for him. With the ever increasing power requirenmets of the country we need some one who is not a idiot on this matter.
    And coal plants are not that much disturbing to nature if you plan and handle properly.

    Media for mervin:
    LOL...I can't stop laughing about this...

    ReplyDelete
  2. i cannot stop crying when i see the list of ministers, as they say.

    let them change the name of the city of Colombo as Rangoon 2 very shortly.Then voter buffaloes in (sri ) Lanka may understand there are two identical countries in the world.

    Sorry (sri) Lankans, But,even great Einstein couldn't formulate how to go back in time.

    ReplyDelete
  3. What an ironic title!

    How can you do a deep analysis about something so shallow?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා