අප්‍රේල් 08න් පසු ජවිපෙ නායකයකු ඇතුළු 'අනාගත' විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක් වන්න පතති | 'Future' MPs including a JVP leader seek to elect to defect

(2010 අප්‍රේල් 07-W3Lanka ) විපක්ෂයෙන් තරග කර ජනවරමක් ලබාගෙන එය නින්දිත ලෙස පාවා දෙමින් ආණ්ඩුවට එක් වීම අප්‍රේල් 08දායින් පසුව ද ලාංකීය දේශපාලනයේ ප්‍රධාන පිළිකාව වන ලක්ෂණ දැනටමත් පහළව තිබේ.


මේ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නිල වශයෙන් ම ආණ්ඩු පක්ෂයට එක් වී හමාර ය. මොනරාගල දිස්ත්‍රික්කයේ එජාපෙ අපේක්ෂක ලැයිස්තුව ටිපෙක්ස් ගා වෙනස් කළ හිටපු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර හා ඔහුගේ ටිපෙක්ස් අනුප්‍රාප්තිකයා වන ආනන්ද කුමාරසිරි ද මේ වන විට දුවන්නේ ආණ්ඩුවේ තෙල්වලිනි. මොවුන් ජය ගත්තොත් අනිවාර්යයෙන් ම ආණ්ඩුවේ මන්ත්‍රීන් වනු ඇත.


එසේ ම, ගම්පහ දිස්ත්‍රික්කයේ හා කැගල්ල දිස්ත්‍රික්කයේ හිටපු එජාප මන්ත්‍රීන් දෙදෙනෙක් ද ආණ්ඩුව සමග රහස් එකඟතාවන් ඇති කරගෙන තිබෙන බව වාර්තා වේ.


සුවිශේෂ ම කාර්යය වන්නේ රජරට පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග වදින ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙක් ද ආණ්ඩුවේ ලොක්කන් සමග රහස් ගනුදෙනුවක නියැලීමයි. ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත් මොහු ද ආණ්ඩුවට එක් වනු ඇතැයි සැකයක් ජවිපෙට ඇති බව වාර්තා වේ.


විපක්ෂයට ඡන්දය දෙන ජනතාව මෙම පිරිස් හඳුනාගෙන ඔවුනට මනාප නොදී බැහැර නොකළොත් අප්‍රේල් 08දායින් පසුව ද විපක්ෂයට ඡන්දය දෙන ජනයාට සිදු වන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට ය. 

Comments

  1. සල්ලි සල්ලි සල්ලි.. දෙයියන්ගෙ මල්ලි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.