නාගරික සංවර්ධනය රාජපක්ෂලාගේ අතට ගන්නේ කුමටද? | Why urban development is taken to the control of Rajapaksas

(2010 අප්‍රේල් 23 - W3Lanka )නාගරික සංවර්ධන අධිකාරිය මෙතෙක් එය අයත් වූ පූජාභූමි සංවර්ධන හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් ගලවා ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන එහි සභාපති ධුරයට ජනාධිපති සහෝදර ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ. 


මෙය නාගරික සංවර්ධනය ඍජුව ජනාධිපති බලාධිකාරයට පවරා ගැනීමක් ලෙස සැලකීම වඩා උචිත ය. නාගරික සංවර්ධනය යන විෂය එතරම් සුවිශේෂ වන්නේ ඇයි?


පශ්චාත් යුදකාලීන ලංකාවේ ක්‍රියාත්මක‍ වෙමින් පවතින සංවර්ධන සැලසුම්වලදී නාගරික සංවර්ධනයට සුවිශේෂ වැදගත්කමක් හිමි වේ. විශේෂයෙන් ම කොළඹ නගරය වානිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේදී ද, නුවර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය වැනි නගර ප්‍රාදේශීය කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේදී ද එම නගර සැලසුම්වල දැඩි වෙනස්කම් සිදු කිරීමට සිදු වනු ඇත. 


සරළව කීවොත්, අතන මෙතන අනවසරයෙන් අටවාගෙන සිටින කඩ, වැඩපළවල් හා නිවෙස් ආදිය බෝ ගස් පා මුල පන්සල් මුවාවෙන් පිහිටුවාගෙන තිබෙන ව්‍යාපාරික ස්ථාන ද ඇතුළුව කඩා ඉවත් කිරීමට සිදු වනු ඇත. එසේ ම, නගර පරිසරය අවලස්සන කරන පැල්පත් නිවාස ආදියට ද සමු දීමට සිදු වනු ඇත. 


කොළඹ නගරය සූදානම් කරනු ඇත්තේ දැන් කොළඹ ජීවත් වන බහුතරයක් දුගීන් වන කොළොම්පුර වැසියන්ගේ ජීවිත නඟා සිටුවීමට නොව දෙස් විදෙස් ව්‍යාපාරිකයන්ට, ඔවුන්ගේ පාරිභෝගිකයන්ට හා ඔවුන්ට ශ්‍රම සේවා සපයන්නන්ට යෝග්‍ය වන පරිදි ය. 


කොළඹ දියුණු වන විට දැන් ඔය පේමන්ට් කඩ අටවාගෙන සිටින, කුලී වැඩක් කර වත්තක අනවසර පැල්පතක දුක සේ ජීවත් වන මිනිසුන්ට සිදු වනු ඇත්තේ එකී සංවර්ධනයට ඉඩ දී ඉවත් වීමට හෝ එම සංවර්ධනය සමග ගැටගැසී යන්තම් පණනල ගැට ගසා ගැනීමට කොණක් සොයා ගන්නටයි. සිගමනින්, සොරකමින් හා වෙනත් දිළිඳු පාදඩකම්වලින් කොළඹ සමාජයට ගැට ගැසී සිටින මිනිස් ජීවිතවල ඉරණම කසල තත්වයට ම පත් වනු ඇත. 


මේ වනාහි මෙවැනි වේගවත් නාගරික සංවර්ධනයක් ඉලක්ක කළ ලෝකයේ වෙනත් බොහෝ තැන්වල සිදු වූ දේ ය. බටහිර පන්නයේ මෙවැනි 'සංවර්ධන' මූලෝපායන් විසින් විෂමතාවන් වැඩි කරයි. ධනවතා අතිශයින් ධනවත් වන අතර දිළින්දා වඩාත් දිළිඳු වෙයි. 


මහින්ද රාජපක්ෂ රජය විසින් ඉලක්ක කර තිබෙන්නේ ද රනිල් වික්‍රමසිංහ ඉලක්ක කළ ආකාරයේ ම 'සංවර්ධනයක්' බවට සාක්කි ඕනෑ තරම් තිබේ. 


මෙහි ඇති අර්බුදකාරී තත්වය කදිමට පෙන්වන නිදසුනක් වන්නේ විල්පත්තුවේ නෑඹුල් වන උරුමය සංචාරකයන්ට විකිණීම සඳහා ඒ මැදින් පාරක් කපමින් දැන් කරමින් සිටින මහා වන විනාශයයි. හරිත සමාජවාදය පිළිබඳ හා බටහිර සංවර්ධන මූලෝපායන්ගේ දෝෂ පිළිබඳ න්‍යාය දෙසා බාන චම්පික රණවක පරිසර ඇමතිට තම තනතුර රැක ගැනීම සඳහා රාජපක්ෂ පවුල විසින් සිය විෂය පථය හරහා කපන මහ පාර සාධාරණීකරණය කරමින් කතා කරන්නට වීම අපූරු සිද්ධියකි. 


2004දී ජවිපෙ හා කොටි සංවිධානය එක්ව සිංහල ‍හා දෙමළ ජාතිවාදයන් පාවිච්චි කරමින් රනිල් වික්‍රමසිංහ රජය පරාජය කළේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නමින් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉදිරිපත් කරන ලද ධනේශ්වර සංවර්ධන සැලසුම ඉදිරියට ගියහොත් තම දේශපාලන ව්‍යාපාරවලට අවස්ථාව අහිමි වේ ය යන බියෙනි. 


දැන් ඒ හා සමාන ම ආර්ථික සැලැස්මක් ජාතිකවාදී පිට කට්ටකින් හා දැඩි ලෙස මර්දනකාරී හදවතකින් සමන්විත රාජ්‍ය යන්ත්‍රයක් විසින් ඉදිරියට ගනිමින් තිබේ. ධනවාදය යළි මුහුණට මුහුණ හමු වෙමින් තිබේ. ජවිපෙ ඔබ කොහිද? 

Comments

  1. Brilliant. I hope Gota bulldozes these slums including the slumdogs who live in them. Perhaps they should use multi-barrel. I don't know. I want this scum annihilated. I know Gota won't take no for an answer. Good luck to the Muslim refugee filth who live in these shanty towns.

    Does the development of Hambantota as Sri Lanka's second major city come under Gotabaya too?

    We liked Ranil's vision for development. It's his fellation of the Tamils that we didn't like. Now we can have Ranil's economics and Mahinda's nationalism. Brilliant.

    ReplyDelete
  2. A bold display of racist mind of the ardent supporters of the present Sri Lankan rulers!

    But keep in mind that these human filth filled the ballot boxes for the rulers.

    Thank you for being naked.

    ReplyDelete
  3. Incorrect. Here are the general election results.

    Colombo Central
    UNP+DNA 70%
    UPFA 27%

    Colombo North
    UNP+DNA 67%
    UPFA 31%

    Colombo East
    UNP 61%
    UPFA 38%

    Colombo West
    UNP+DNA 73%
    UPFA 25%

    I assume the UPFA preferences would have gone to the likes of slumlord Duminda Silva.

    The overwhelming majority of the middle-class suburban Sinhalese population who live or work in Colombo do not want these slums and Muslim refugee ghettoes. We don't want these illegal squatters to invade our Buddhist schools.

    We want more high rise buildings, more shopping malls, more entertainment venues, better car parks in these areas and no මුඩුක්කු බල්ලෝ. W3Lanka readers and supporters are welcome to host them in their own homes.

    Our city free of human filth.

    ReplyDelete
  4. පේමන්ට් එකේ කඩ අටවාගෙන දුකසේ ජීවත් වෙන මිනිස්සු? ඇත්තට?

    පිටකොටුවේ පේමන්ට් එකේ "කඩයක්" ඉස්සරහා විනාඩි දෙකක් හිටගෙන ඉන්න බලන්න. "මහත්තය, අපේ බ්ස්නස් එකක් කරගන්න ඉඩ දීල මෙතනින් යනවද පවු නොදී" කියල අහගන්න වෙන්නෙ නැද්ද?

    පේමන්ට් එකේ "දුක සේ" වෙලඳාම් කරන කෙනෙක්ගෙන් බෙල්ට් එකක් එහෙම අරගෙන තියෙනවද?

    පේමන්ට් කඩ කියන්නෙ තවත් එක පාතාලයක් වෙලා. දුප්පත් කම කියන්නෙ රටේ තියෙන මිල අධිකම ඉඩම් බලෙන් අල්ලා ගැනීමට නිදහසට කාරනයක් ද?

    කොම්පඤ්ඤ වීදියෙ රේල් පාර දෙපැත්තෙ තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ගෙ ගෙවල් නෙවෙයි, බලෙන් ඇති කරපු තවත් මුස්ලිම් ජනාවාසයක්.

    ReplyDelete
  5. Colombo Central
    UPFA 27%

    Colombo North
    UPFA 31%

    Colombo East
    UPFA 38%

    Colombo West
    UPFA 25%

    They who casted their votes for UPFA are not slumdogs?

    The comments mentioned above say Sri Lankan capitalists cant understand the grievances of ppl.

    Sri Lankan capitalistic class is not matured enough.

    ReplyDelete
  6. @bumuthurnu

    They are slumdogs as well. These people are likely to have voted for Duminda Silva, Jeevan Kumaratunga, Thilanga Sumathipala and the like.

    We're not capitalists, merely suburban, middle-class SInhalese.

    ReplyDelete
  7. yes, yes, I know most of middle class ppl in sri lanka are deadly suffering from the frustration

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා