ඡන්දදායකයන්ගෙන් හතරෙන් එකක් ඡන්දය දීම ප්‍රතික්ෂේප කරති | Every one forth of Sri Lankan voters reject voting

(2010 අප්‍රේල් 09 - W3Lanka ) අප්‍රේල් 09දා පාන්දර 5.00 පමණ වන විට  නිකුත් වෙමින් තිබෙන ඡන්ද ප්‍රතිඵල අනුව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ සිංහලයන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල ඡන්දදායකයන්ගෙන් 20%ක් පමණ සිතාමතා ම ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි.


සෑම මැතිවරණයකදී ම ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 15%ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ නොකරති. මිය යාම, විදේශගත වීම, ප්‍රදේශයෙන් බැහැර වීම හා මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම ආදිය  මෙම උදාසීනභාවයට සාමාන්‍යයෙන් හේතු වේ. අලුතෙන් 20%ක් පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ නොකර සිටින්නේ මෙම සාමාන්‍ය ප්‍රතිශතයට අමතරවයි.


දෙමළ සටන පරාජය කර යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු සාපේක්ෂ වශයෙන් සාමකාමී වටපිටාවක් රට තුළ පවතිද්දීත් සිංහල ජනයාගෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙක් පමණ මෙසේ අලුතින් ඡන්දය ප්‍රකාශ නොකර සිටින්නන්ගේ ගොඩට එක් වීමට පෙළඹී තිබෙන්නේ මන්ද යන කරුණ විමසා බැලිය යුතුව තිබේ.


අපගේ නිගමනය වන්නේ සමස්තයක් ලෙස රටේ ජනගහණයෙන් 25%ක් හෙවත් සෑම හතරදෙනෙකුගෙන් ම එක් අයෙක් මෙම දේශපාලන ක්‍රමයට විරෝධය පළ කරමින් ඡන්දය දීමට නොපැමිණ සිටින බවයි.


මෙම සංදර්භය තුළ මෙම මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් ජය ලබා නැත. සමස්තයක් ලෙස, රටේ ජනගහණයෙන් බහුතරය විසින් මෙම දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කර තිබේ ය යන නිගමනයට නො එළඹීමට හේතුවක් අපට නොපෙනේ. ප්‍රතික්ෂේපිත දේශපාලන ක්‍රමයක් ඔස්සේ රටක් පාලනය කිරීම සඳහා සුජාත ජනවරමක් ලබා ගත නොහැකිය.

Comments

  1. Hahaha. They didn't vote because it was blindingly obvious that the UPFA was going to win. People have little interest in a general election held right after a presidential election.

    ReplyDelete
  2. In some Western countries a voter turnout of 50% or less is the norm. Bloody frogs in the well.

    This is the end of Jeppas and UNP. I hope Gotabaya hangs you.

    ReplyDelete
  3. Bardo Flanks, dear frog out of well, can you please tell us in which democracy the opposition is hanged. In addition, We the frogs in the well do not know about a hangman called Gotabaya.

    ReplyDelete
  4. nice pic anyway !

    ReplyDelete
  5. Bardo Flanks:
    According to your analysis, all the people who haven't voted were the supporters of the Opposition?
    It was obvious that the Government was going to win this election, but do you think they will get the 2/3 majority as expected?

    ReplyDelete
  6. http://perthkavi.blogspot.com/2010/04/blog-post_09.html
    ඡන්දෙ දෙන්න එපා කියල තියෙද්දි යන්නෙ කවුද? හිකිස්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා