Posts

Showing posts with the label rejected votes

ඡන්දදායකයන්ගෙන් හතරෙන් එකක් ඡන්දය දීම ප්‍රතික්ෂේප කරති | Every one forth of Sri Lankan voters reject voting

Image
(2010 අප්‍රේල් 09 -  W3Lanka  )  අප්‍රේල් 09දා පාන්දර 5.00 පමණ වන විට  නිකුත් වෙමින් තිබෙන ඡන්ද ප්‍රතිඵල අනුව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ සිංහලයන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල ඡන්දදායකයන්ගෙන් 20%ක් පමණ සිතාමතා ම ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි. සෑම මැතිවරණයකදී ම ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 15%ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ නොකරති. මිය යාම, විදේශගත වීම, ප්‍රදේශයෙන් බැහැර වීම හා මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම ආදිය  මෙම උදාසීනභාවයට සාමාන්‍යයෙන් හේතු වේ. අලුතෙන් 20%ක් පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ නොකර සිටින්නේ මෙම සාමාන්‍ය ප්‍රතිශතයට අමතරවයි. දෙමළ සටන පරාජය කර යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු සාපේක්ෂ වශයෙන් සාමකාමී වටපිටාවක් රට තුළ පවතිද්දීත් සිංහල ජනයාගෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙක් පමණ මෙසේ අලුතින් ඡන්දය ප්‍රකාශ නොකර සිටින්නන්ගේ ගොඩට එක් වීමට පෙළඹී තිබෙන්නේ මන්ද යන කරුණ විමසා බැලිය යුතුව තිබේ. අපගේ නිගමනය වන්නේ සමස්තයක් ලෙස රටේ ජනගහණයෙන් 25%ක් හෙවත් සෑම හතරදෙනෙකුගෙන් ම එක් අයෙක් මෙම දේශපාලන ක්‍රමයට විරෝධය පළ කරමින් ඡන්දය දීමට නොපැමිණ සිටින බවයි. ම...