මේ ආණ්ඩුව තහනම් නොකරන්නේ තහනම් කිරීම පමණි. | Many things banned; few actually enacted

(2010 අප්‍රේල් 17 - W3Lankaකැලනියේ මර්වින් සිල්වාගේ සියඹලාණ්ඩුවේ මත්පැන් තහනමත් සමග මේ ආණ්ඩුව විසින් කරන ලද තහනම් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. 


ඔබට මතක නැති වී තිබෙන්නට පුළුවන් නිසා පසුගිය කාලයේ කරන ලද තහනම් කිරීම් කීපයක් නැවත මතක් කරමු. 



  • මයික්‍රොන් 20ට වඩා අඩු තුනී පොලිතින් තහනම් කිරීම.
  • ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානය කිරීම තහනම් කිරීම.
  • ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කිරීම.
  • වයස අවුරුදු 18ට අඩු ළමයින්ට දුම්වැටි විකිණීම තහනම් කිරීම.
  • වෙනත් අයට හිමි ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කිරීම.
  • ජංගම දුරකථන තාක්ෂණයක් වූ සී.ඩී.එම්.ඒ. තාක්ෂණය භාවිතා කරන දුරකථන තැනින් තැන ගෙන යාම තහනම් කිරීම.
  • වැඩිහිටියන්ට පමණක් වන චිත්‍රපට බැලීම වැඩිහිටියන්ට ද තහනම් කිරීම.
  • අසභ්‍ය යයි කියන දත්ත අඩංගු වෙබ් අඩවි තහනම් කිරීම.
  • රාත්‍රී 11න් පසු හෝටල්වල මත්පැන් සැපයීම තහනම් කිරීම.
  • පෝ දාට මත්පැන් විකිණීම තහනම් කිරීම.
  • රාත්‍රී 10න් පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කිරීම.
  • ඉරිදාට ටියුෂන් තහනම් කිරීම
  • පෝ දාට ටියුෂන් තහනම් කිරීම.
  • පාසල්වල ජංගම දුරකථන තහනම් කිරීම.
  • ද්විපහර ත්‍රිරෝද රථ ආනයනය තහනම් කිරීම.
  • ද්විපහර ත්‍රිරෝද රථ සඳහා අමතර කොටස් ආනයනය කිරීම තහනම් කිරීම.
  • අධික ලෙස දුම් පිට කරමින් වාහන ධාවනය තහනම් කිරීම.
  • බස් රථවල අධික ලෙස සෙනග පැටවීම තහනම් කිරීම.
  • බස් රථවල ටිකට් නොදී මුදල් ගැනීම තහනම් කිරීම. 
  • යුද්ධ කාලයේ ධීවරයන්ට මුහුදු යාම තහනම් කිරීම. 
  • කොළඹ නගරයේ පාර අයිනේ වාහන නවතා තැබීම තහනම් කිරීම.
  • ඒකොන්ට වීසා තහනම් කිරීම.



ආගම් වෙනස් කිරීම තහනම් කිරීමේ හා ගව මස් කෑම තහනම් කිරීම ආදී උවමනා ද ජාතික හෙළ උරුමයේ භික්ෂු දේශපාලකයන්ට තිබේ. 


කොට ගවුම්, කොට හැට්ට, ගැහැනුන්ට කලිසම් ආදිය තහනම් කිරීමේ උවමනාව ආණ්ඩුවට කඩේ යන ඇතැම් සරසවි ඇදුරන්ට තිබේ. 


ආදරය කිරීම හා සංසර්ගයේ යෙදීම (අනෙක් අයට) තහනම් කිරීමේ උවමනාව ද ඇතැමුන්ට තිබේ. 


මේ ආණ්ඩුව විසින් තහනම් කරනු නොලැබුවේ තහනම් කිරීම පමණි. තහනම් කිරීමෙන් පසු තහනම් කළ කටයුතු ගජරාමෙට සිදු වීම මේ ආණ්ඩුවේ විශේෂත්වයකි. 


ආදරය කිරීම හා සංසරගයේ යෙදීම තහනම් කරනවාට අපි පක්ෂ ඒ නිසාය. මක් නිසාද යත් තහනමෙන් පසු ඒවා වැඩිපුර සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බැවිනි. 


ලංකාවේ මිනිසුන්ට ඉහත කී දේවල ලොකු මදිපාඩුවක් තිබේ. බොහෝ ප්‍රශ්නවලට හේතුව එයයි. 









Comments

  1. ස්ංසර්ගයේ යෙදීම සම්බන්දයෙන් මෙය ලිවීමට සිත් විය.
    සති අන්තයේ බොහෝ ජෝඩු හෝටල් කාමර වෙත ඇදෙන්නේ ස්ංසර්ගයේ යෙදී ටිකක් විනොද වන්නටය. නමුත් දුප්පත් කමට පොඩි හෝටලයකට එසේ ගිය විට එයට පොලීසියෙන් පනියි. ඉන් පසු ලෝකේ ඇති සියලු චෝදනා එල්ල කොට ඔවුන්ව උසාවි දමයි. වරද අනාචරයේ හැසිරීමය. (තමන්ගේ පෙම්වතා සමග ස්ංසර්ගයේ යෙදීම පොලීසියට අනුව අනාචරයේ හැසිරීමකි.)
    නමුත් මෙසේ පනින පොලිස් කාරයා නොසිතන හෝ සිතුනත් දන්නේ නැති ලෙස සිටින දෙයක් තිබෙ. එනම් මේ ජෝඩු බොහෝ දෙනා සතියේ දවස් 5ක් හෝ 6ක් වෙහෙස මහන්සී වී වැඩ කර තමන්ට ලැබෙන එකම නිවාඩු දවසේ මෙසේ විනොද වීමට මෙලෙස හෝටල් කරා පැමිනෙන බවය.

    ආර්තික අපහසුකම් නිසා විවාහවීමට වරම් නැති උනත් ඔවුන්ගේ තරුණ සිත්වලද පෘතක්ජන ආසාවන් ඇති බව මේ කාලකන්නි පොලිස් කාරයන් හිතන්නේ නැත. අල්ලාගෙන ගොස් උසාවි දැමූ විට පදින්ච්චි මුලු ගමම මේ ගැන දැන ගෙන ඉතිරි ජීවිත කාලයම ඇයගෙ මුලු පවුලටම ලැජ්ජා වීමට සිදු වෙන බවද මේ කාලකන්නි පොලිස් කාරයන් හිතන්නේ නැත.

    මෙය කියවන ඔබ තරුණ පොලිස් භටයෙක් නම් කරුනාකර මේ ගැනත් හිතන්න. ඔබට පෙම්වතියක් සිටී නම්, ඔබත් ඔබගේ පෙම්වතිය සමග මෙලෙස ගොස් විනොද වීමට අකමැතිද ? .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා