Posts

Showing posts with the label මත්පැන්

මත්පැන් බොන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට විරෝධය!

Image
මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ.  මත්පැන්වලින් අය කරන බද්ද දඬුවම් ස්වරූපී එකකි.  මත්පැන් බොන්නන්ට ආණ්ඩුව දඬුවම් කරයි.  අධික ලෙස මත්පැන් බී රෝහල්ගත වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහජන මුදල් වැය වන නිසා මත්පැන්වලින් යම් ප්‍රමාණයක බද්දක් අය කිරීම සාධාරණ ය. එහෙත් දැන් සිදු වන්නේ එය නො වේ. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ම බාර් දමාගෙන මත්පැන් විකිණීමේ ජාවාරමේ යෙදෙන ගමන්, සුරා බදු ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන සිටිමින්, බොරු මතට තිතකට මුවා වී ජනතාවගේ සාක්කුව සූරා ගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබේ.  මත්පැන් බද්ද වැඩි කළ විට කිසිවෙක් කටක් අරින්නේ නැත. ජනමාධ්‍ය, සිවිල් සමාජය මෙන්ම මත්පැන් බොන්නන් ද ඇතුළුව හැමෝම හැසිරෙන්නේ කිසිවක් සිදු නො වූ ගානට ය. ඒ ඇයි? තමන් උපයන මුදලින්, කිසිවකුට කරදරයක් නො වන පරිදි මත්පැන් ටිකක් බී සතුටු වන්නට යමෙක් කැමති නම් එහි වරද කුමක් ද? එය මේ අන්දමින් බදු පනවා දඬුවම් කරන්නට තරම් වරදක් ද? මත්පැන් බොන මිනිසුන්ට මානව හිමිකම් නැද්ද?  බදු වැඩි කළා කියා මිනිසුන් බොන එක අඩු වී නැත. අඩු වී තිබේ නම් මේ රටේ බාර් එකක් හෝ වැ...

ලබුත් තිත්ත වන අබුද්දස්ස කාලේ හාමුදුරුවන්ට ලැයිසෙං දුන්නා ම මොකද ආයිබෝං

Image
(2011 අගෝස්තු 10,   W3Lanka )  මත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට හෙවත් හාමුදුරවරයෙකුට හෙවත් වැරදි කළ විට චීවරධාරියකු ලෙස මාධ්‍ය විසින් නම් කරනු ලබන අයකුට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළ බව මාධ්‍ය වාර්තා කළ හ.  කුරුණෑගල නගරයේ වැව පාරේ වෑන්රථයක් ධාවනය කරමින් තවත් වෑන් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලද මෙම භික්ෂූන් වහන්සේගේ හෙවත් හාමුදුරුවරයාගේ හෙවත් වැරදි කළ විට චීවරධාරියා ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පුද්ගලයාගේ මුවින් මද්‍යසාර ගඳ වාහනය වීම නිසා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් පසු උන් වහන්සේ අනුමත වී සිටි බව තහවුරු වූ බව පොලිසිය අධිකරණයට වාර්තා කළේ ය.  එහෙත්, උන් වහන්සේගේ නීතිඥයන් පෙන්වා දුන්නේ මෙම භික්ෂූන් වහන්සේ හෙවත් හාමුදුරවරයා හෙවත් වැරදි කළ විට චීවරධාරියා ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පුද්ගලයා දියවැඩියාව රෝගියෙක් බැවින්, අරිෂ්ඨ හා කසාය සිංහල බෙහෙත...

ලංකාවට පෙරේ(වා)රා!

Image
(2011 මාර්තු 28,   W3Lanka )  1960 දශකයේ මුල් භාගයේදී මුදල් ඇමති ඇන්.ඇම්. පෙරේරා ගෙන ඒමට උත්සාහ කළ පනතකින් අදහස් කෙරුණේ පුද්ගලයකුට තමන්ට බීමට අවශ්‍ය රා නිපදවා ගැනීම සඳහා ගසක් මැද ගැනීමේ නිදහස ලබා දීමයි. එහෙත්, සුපුරුදු පරිදි ඊනියා මත්පැන් විරෝධීහු එයට විරුද්ධව කළ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස පනත හකුළා ගන්නට සිදු විය. එදා අප අසා ඇති පරිදි ඩී.බී. ධනපාල මහතාගේ කර්තෘත්වයෙන් යුත් ලංකාදීප පුවත්පතේ ‍ඓතිහාසික හෙඩිමක් පළ විය. ඒ වනාහි පොල් ගෙඩි අකුරෙන් පෙරේ-රා යන්නයි. ලේඛකයා මෙම සටහන තබන ස්ථානය පිහිටි ඉඩමේ 1970 දශකයේදී ගමේ ප්‍රසිද්ධ කිතුලක් තිබිණි. එහි මල කැපුවේ ජුලියස් සිං‍ඤෝ ය. හැන්දෑවට කිතුල අසල වන රොද තුළ ජුලියස් සිං‍ඤෝ පුංචි පහේ බාර් එකක් පවත්වා ගෙන ගියේ ය. එක් කලෙක මෙම ගම අයිති පොලිස් ස්ථානයේ අධිපතිව එක්තරා වීරයෙක් පැමිණියේ ය. ඔහුට කිතුල් මල් පෙන්නන්නට බැරි ය. ජුලියස් සිංඤෝගේ මලට ද පොලිසිය ආවේ ය. ඔහු ගසට යවා මල මුලින් ම කැප්පවූ පොලිසිය මල ඔහුගේ ම කරේ තබා පොලිසි ගෙන ගියේ ය. කිතුල් රා නැති වන විට කසිප්පු ආවා විනා සහ ගමේ බේබදුකම වැඩි වුණා මිස අඩුවක් නම් වූයේ ...

සිගරැට්, බීඩි, අරක්කු බොන මිනිස්සුන්ට ද හිමිකම් ඇත.

Image
(2011 පෙබරවාරි 24,  W3Lanka )  ශ්‍රී ලංකාවේ 2009 වසරේදී සිගරැට් කෝටි 420ක් සහ බීඩි කෝටි 227ක් පරිභෝජනය කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ. එම පරිභෝජනයට අනුව සිගරට් සඳහා බදුවලින් 2009දී රුපියල් කෝටි 3780ක ආදායමක් උපයාගෙන ඇති බවද එම පිළිතුරෙහි දැක්වේ. ඒ අනුව,  සෑම දුම්වැටියකින් ම ආණ්ඩුව රු. 9ක පමණ බද්දක් අය කරගෙන ඇති බව පෙනේ. මෙම දුම්වැටිවලින් සිගරැට් කෝටි 10ක් හැර අනෙක් සියල්ල දේශීය නිෂ්පාදනයි. සිය රට දේ සිරි සැප දේ කිව්වාට හැම විට ම එහෙම වන්නේ නැති බව එයින් පෙනේ. එහෙත්, අපේ රටේ පාලකයන්ට සව් සිරි සැප දීමට මේ දුම් බොන්නන් සෑහෙන බදු ගෙවා ඇති බව පෙනේ. බදු ගෙවන ජනතාවට රජය ගරු කළ යුතු ය. මන්ද ආණ්ඩුව රැක ගන්නේ ඔවුන් නිසා ය. දුම් බොන්නන්ට ද අයිතිවාසිකම් තිබේ. යමෙකු දුම් බී මිය යන්නට කැමති නම්, එය ඔහුගේ පෞද්ගලික කැමැත්තකි. එහෙත්, සෙසු අය අක්‍රිය දුම් පානයට ගොදුරු කර ගන්නට ඔහුට හිමිකමක් නැතුවා සේ ම, තමන් උරන දුම්වැටිය වෙනුවෙන් ගෙවන මිළට ගුණාත්මක වශයෙන් ඉහළ දුම්වැටියක් ලබා ගන්නට ද ද...

තිතට මත් වන ඇමති වෙල්ගම සහ මත්පැන් බොන මිනිසුන්ගේ අයිතිවාසිකම් | The rights of social drinkers and Minister Kumar Welgama

Image
( 2010 සැප්තැම්බර් 14,  W3Lanka )   මතට තිත සංකල්පය හොඳමුත් තමන් හැන්දෑවට අඩියක් ගහන මිනිසෙකු බව ද, තමන් බලයට පත් කළ ජනතාව එය දන්නා බව ද කලුතර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඊයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ ය.  සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට බේබදුකම නිසා රෝගී වන අයට ලබන වසරේ සිට රජයේ රෝහල්වලින් නො මිළේ ප්‍රතිකාර නො ලැබෙන අතර ඇමති කුමාර වෙල්ගමට නම් ප්‍රතිකාර ගන්නට තරම් ධනයක් තිබේ.  ජනාධිපතිගේ මතට තිත සංකල්පය ඉවත දමා තිතට මත් වන ඔහු බලයට පත් කළ කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව අතරින් සෑහෙන පිරිමි ප්‍රතිශතයක් ද හොඳ‍ට බොන අයයි. ඒ අය අතරින් බේබදුකම නිසා ලෙඩ වන සිය ඡන්ද දායකයන් වෙනුවෙන් ඇමති කුමාර වෙල්ගම යමක් කළ යුතුව තිබේ.  හැන්දෑවට අඩියක් ගැසීම ලෝකයේ බොහෝ පිරිමින්ගේ සමාජ පුරුද්දක් වන අතර ඒ සඳහා පංති භේද නැත. අඩියක් ගසා කාටවත් කරදරයක් නො වන සේ සතුටක් ලැබීම වරදක් නො වේ. අඩි ගැසීමෙන් ශරීර සෞඛ්‍යයට හානි සිදු වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ මත්පැන් බාල වීමයි. බාල මත්පැන් එක්කෝ හොර හැලි...

රටේ ප්‍රධාන ම බදු ගෙවන්නන් පිරිසක් වන බේබද්දන්ට එරෙහි සෞඛ්‍ය ඇමතිගේ කුණු කතා හෙළා දකිමු!

Image
සුනිල් අයියේ, කතා කරපංකො මඩං (2010 ජුනි 21,  W3Lanka )  බේබදුකම නිසා රෝගාතුරව රෝහල්ගත වන පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීමේ ක්‍රමයක් සැකසීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන සැලසුම් කරගෙන යන බව අද දිනමිණ පුවත්පත පවසයි. මේ සිරිසේන නියෝජනය කරන දිස්ත්‍රික්කය පොළොන්නරුවයි. පාසල් පන්ති කාමරයේදී මත්කුඩු හා මත්පැන් පානය කළ බව කියන පොළොන්නරුව තෝපාවැව මහ විදුහලේ උසස් පෙළ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනම් කොට ඇති බව වාර්තා කරන්නේ ආණ්ඩුවේ ම දිනමිණයි. අයියෝ මේ සිරිසේන නම් මාර ම නිර්මානාත්මක පොරකි. ඔහු කියන්නේ මේකලා බීලා ලෙඩ හදාගෙන ආවා ම උන්ට ප්‍රතිකාර කරන්නට වියදම් වන්නේ මහජන මුදල් ය කියා ය. මේ නීතිය ගෙන ආ පසු බේබද්දන්ට සිදු වන්නේ බීලා ම මැරෙන්නයි. මන්ද, ලෙඩේට මුල බේබදුකම යයි දොස්තර තීරණය කළොත් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවන්නට සිදු වන බැවිනි.  සෞඛ්‍ය ඇමතිවරයා නො දන්නා සිම්පල් කාරණය වන්නේ බේබද්දන් යනු මේ රටේ ප්‍රධාන ම බදු ගෙවන්නන් පිරිසක් බවයි. ජනතාවගේ මතට තිත තබන්නට යන මේ සත් ගුණවත් ආණ්ඩුවට කළ හැකි හොඳ ම ක්‍රියාවක් වන්නේ මත්පැනින් බදු මුදල් ඉපයීමෙන් හා අරක්කු ව...

කැලනියේ බාර් ඇරලා | Liquor shops open in Kelaniya

Image
(2010 අප්‍රේල් 26 -  W3Lanka  )  අභිනව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලෙස පත් වී සිටින මර්වින් සිල්වා අප්‍රේල් 08 දින පැවති මහ මැතිවරණයෙන් විශාල මනාප ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු නියෝජනය කරන කැලනිය ආසනයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කර ප්‍රදේශයේ සාරධර්ම පිළිබඳ අදහස් රාශියක් දැක්වූයේ ය.  එම තහනම අතරතුර ද කැලනිය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවිය ගජරාමෙට සිදු විය. බැහැරින් අරක්කු ගෙන ඒමට යන මිනිසුන්ගෙන් ත්‍රිරෝද රියදුරන්ට හයර් වැඩි වී තිබුණු බව ද වාර්තා වේ. ඇතැම් ත්‍රිරෝද රියදුරෝ ජනමාධ්‍යවලට අදහස් දක්වමින් මර්වින් සිල්වා මන්ත්‍රීගේ ක්‍රියාව මහ ඉහළින් අගය කළහ. දැන් එකී මත්පැන් තහනම ඉවත් කර තිබේ. ඒ අනුව රජයට බදු ගෙවන මත්පැන්හල් මෙන් ම බදු නොගෙවා කැලනිය විහාරය සමීපයේ දේශපාලන බලයෙන් පවත්වාගෙන යන මත්පැන්හල් ද, හොර මත්පැන්හල් ද දැන් විවෘත ය.  මර්වින් සිල්වා මන්ත්‍රීවරයා කළ කතාවලට කුමක් සිදු වූයේදැයි නොදනිමු.  දැන් ඉතින් වැඩේ හරි යයි සිතූ බේබදු සැමියාගෙන් ගුට් කන ගැහැනුන්ට හා සැමියා හීනියට අඩියක් ගැසූ දාට ඇති සැප නොලැබීම යාවිදැයි දුක් වූ ගැහැනුන්ට...

මේ ආණ්ඩුව තහනම් නොකරන්නේ තහනම් කිරීම පමණි. | Many things banned; few actually enacted

Image
(2010 අප්‍රේල් 17 -  W3Lanka )  කැලනියේ මර්වින් සිල්වාගේ සියඹලාණ්ඩුවේ මත්පැන් තහනමත් සමග මේ ආණ්ඩුව විසින් කරන ලද තහනම් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.  ඔබට මතක නැති වී තිබෙන්නට පුළුවන් නිසා පසුගිය කාලයේ කරන ලද තහනම් කිරීම් කීපයක් නැවත මතක් කරමු.  මයික්‍රොන් 20ට වඩා අඩු තුනී පොලිතින් තහනම් කිරීම. ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානය කිරීම තහනම් කිරීම. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කිරීම. වයස අවුරුදු 18ට අඩු ළමයින්ට දුම්වැටි විකිණීම තහනම් කිරීම. වෙනත් අයට හිමි ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කිරීම. ජංගම දුරකථන තාක්ෂණයක් වූ සී.ඩී.එම්.ඒ. තාක්ෂණය භාවිතා කරන දුරකථන තැනින් තැන ගෙන යාම තහනම් කිරීම. වැඩිහිටියන්ට පමණක් වන චිත්‍රපට බැලීම වැඩිහිටියන්ට ද තහනම් කිරීම. අසභ්‍ය යයි කියන දත්ත අඩංගු වෙබ් අඩවි තහනම් කිරීම. රාත්‍රී 11න් පසු හෝටල්වල මත්පැන් සැපයීම තහනම් කිරීම. පෝ දාට මත්පැන් විකිණීම තහනම් කිරීම. රාත්‍රී 10න් පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කිරීම. ඉරිදාට ටියුෂන් තහනම් කිරීම පෝ දාට ටියුෂන් තහනම් කිරීම. පාසල්වල ජංගම දුරකථන තහනම් කිරීම. ද්විපහර ත්‍රිරෝද රථ ආ...

කැලනියට සියඹලාණ්ඩුවක් ‍| De facto state in Kelaniya

Image
(2010 අප්‍රේල් 17 -  W3Lanka )  ගම්පහ දිස්ත්‍රික් ජනතාව විසින් අති විශාල මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත් කර ගන්නා ලද ආචාර්ය මර්වින් සිල්වා කැලනිය ආසනයේ මත්පැන් විකිණීම තහනම් කිරීමේ විශේෂ නියෝගයක් නිකුත් කර ශබ්ද විකාශන මගින් එය දැනුම් දී තිබේ. මත්පැන් විකිණීම සඳහා රජය විසින් බලපත්‍ර ලබා දී ඇති බාර්වලට ද මේ තහනම අදාල බව ආචාර්ය මර්වින් කියයි. මේවා දකින අපට නම් බොන්නේ නැතුවත් සූර්ය. මහින්දානන්ද සිල්වා හිටපු ඇමති කැලනියේ හිටියා නම් චූලෝදර, මහෝදර සටනේ අලුත් පිටපත බලා ගන්නට තිබිණි. 1987-89 කාලයේ ජවිපෙ කැරැල්ල අතරතුරදී ද මෙවැනි නියෝග නිකුත් කරන ආණ්ඩුවක් ක්‍රියාත්මක විය. එම නියෝග නොපිළිපැද්ද අයගේ කටවල් කැපීම, අත-පය කැපීම, ලයිට් කණුවල බැඳ තැබීම, වෙඩි තබා මළ මිනී ප්‍රදර්ශනය කිරීම වැනි දඬුවම් ලැබිණි. එකල ජනතාව ඒ ආණ්ඩුවට කීවේ සියඹලාණ්ඩුව කියාය. දැන් කැලනියට සියඹලාණ්ඩුවක් ලැබී තිබේ. මර්වින් සිල්වා ජනාධිපතිකමට පත් කර ගත්තා නම් රට ම සියඹලාණ්ඩුවක් කර ගන්නට පුළුවන.

දෙසැම්බර් 31 පෝය. එදාට මතට තිතද? කොමාවද?

Image
(2009 ඔක්තෝබර්  05 - W3Lanka ) මේ වසරේ දෙසැම්බර් 31 දිනට යෙදී තිබෙන දුරුතු පෝය දිනයේදී රජයේ මතට තිත ප්‍රතිපත්තිය බල්ලාට දමා පෝ දින මත්පැන් වෙළඳාමේ තහනම ඉවත් කිරීමට රජයට බලපෑම් සිදු වෙමින් ඇති බව වාර්තා  වේ.  යුද්ධයේ නිමාවෙන් පසු නිදහසේ ෆන් එක විඳින්නට රැස් වන අලුත් අවුරුදුකාරයන්ට මත්පැන් සැපයීම සඳහා මෙසේ තහනම ඉවත් කරන්නැයි හෝටල් අයිතිකරුවන් බලපෑම් කරන බව දැනගන්නට ඇත. එහෙත් මහින්ද චින්තනය විජයග්‍රහණය කරවූ මේ රටේ ජනයාට ‍පෝය දිනයක එසේ ආතල් ගැනීමට අයිතියක් නැති බැවින් මෙදිනට මහා සිල ව්‍යාපාරයක් දියත් කරන ලෙස ද, මත්පැන් තොල ගාන එවුන් කුදලා කූඩු කරන ලෙස ද, ඔවුන් ඇල්ලීම සඳහා ත්‍රිවිධ හමුදාව ම යොදවන ලෙස ද W3Lanka යෝජනා කරයි.

දුප්පත් කම්කරුවන්ට ලාබෙට අරක්කු ටිකක් දියව් - ඇමති මිල්රෝයිට මල් මිටක්

Image
(2009 සැප්තැම්බර් 28 - W3Lanka ) වැඩ කරන කම්කරුවන් සඳහා අඩු මිලකට මිලදී ගත හැකි රජයේ අනුමත මත්පැන් වර්ගයක්‌ ලබාදිය යුතු බව තමාගේ අදහස යෑයි ජනතා වතු කළමනාකරණ සහ සංවර්ධනය කිරීමේ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා ප්‍රධාන සුරාබදු පරීක්‍ෂක සහ සුරාබදු පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ 15 වැනි සංවත්සර අමතමින් කීවේය. "සුරාබදු දෙපාර්තමේන්තුවට අමතරව සෑම පොලිස්‌ ස්‌ථානයකින් සහ තවත් වැටලීම් ඒකකවලින් මත්පැන් වැටලීම් කරනවා ඒත් නීති විරෝධී මත්පැන් නැවැත්වීමට බැරිවෙලා තියෙනවා. එසේ බැරිවී තිබෙන්නේ අඩු ආදායම් කම්කරුවන් නීති විරෝධී මත්පැන්වලට පුරුදු වී සිටීම නිසයි. එම නිසා නීති විරෝධී මත්පැන් නැති කිරීමට එම කම්කරුවන්ට අඩු මිලකට මත්පැන් වර්ගයක්‌ ලබාදිය යුතුයි," යි ඇමති පවසයි. ඇතැම් කම්කරුවන් ඇඟපතේ අමාරුවට ක...