තිතට මත් වන ඇමති වෙල්ගම සහ මත්පැන් බොන මිනිසුන්ගේ අයිතිවාසිකම් | The rights of social drinkers and Minister Kumar Welgama

(2010 සැප්තැම්බර් 14, W3Lanka) මතට තිත සංකල්පය හොඳමුත් තමන් හැන්දෑවට අඩියක් ගහන මිනිසෙකු බව ද, තමන් බලයට පත් කළ ජනතාව එය දන්නා බව ද කලුතර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඊයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ ය. 


සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට බේබදුකම නිසා රෝගී වන අයට ලබන වසරේ සිට රජයේ රෝහල්වලින් නො මිළේ ප්‍රතිකාර නො ලැබෙන අතර ඇමති කුමාර වෙල්ගමට නම් ප්‍රතිකාර ගන්නට තරම් ධනයක් තිබේ. 


ජනාධිපතිගේ මතට තිත සංකල්පය ඉවත දමා තිතට මත් වන ඔහු බලයට පත් කළ කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව අතරින් සෑහෙන පිරිමි ප්‍රතිශතයක් ද හොඳ‍ට බොන අයයි. ඒ අය අතරින් බේබදුකම නිසා ලෙඩ වන සිය ඡන්ද දායකයන් වෙනුවෙන් ඇමති කුමාර වෙල්ගම යමක් කළ යුතුව තිබේ. 


හැන්දෑවට අඩියක් ගැසීම ලෝකයේ බොහෝ පිරිමින්ගේ සමාජ පුරුද්දක් වන අතර ඒ සඳහා පංති භේද නැත. අඩියක් ගසා කාටවත් කරදරයක් නො වන සේ සතුටක් ලැබීම වරදක් නො වේ. අඩි ගැසීමෙන් ශරීර සෞඛ්‍යයට හානි සිදු වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ මත්පැන් බාල වීමයි. බාල මත්පැන් එක්කෝ හොර හැලි අරක්කු හෙවත් කසිප්පු ය. නැතිනම්, රජයේ බලපත්‍ර සහිත මත්පැන් හල්වල විකුණන කසිප්පු මිශ්‍ර කරන ලද අරක්කු ය. 


බාල අරක්කු ජාවාරම ඉහවහා ගොස් ඇත්තේ මත්පැන්වල අධික මිළ නිසා ය. හොර මත්පැන්වලින් හා බලපත්‍ර සහිත අරක්කුවලට කසිප්පු මිශ්‍ර කිරීමෙන් අධික ලාභයක් ලැබිය හැකි ය. මෙසේ ලාභ ගරන්නන් අතර ආණ්ඩුවේ ඇමතිවරු ද වෙති. ජනාධිපතිවරයා ළඟ ම ගැවසෙන එක් ඇමතිවරයතුට බාර් දහයක් පමණ ඇති බව වාර්තා වේ. 


මත්පැන් බී මිනිසුන් ලෙඩ වීම වැළැක්විය හැකි එක් ආකාරයක් වන්නේ අලෙවි කරන මත්පැන්වල තත්වය ඉහළ නැංවීමයි. ඒ සඳහා කළ හැකි දෙයක් වන්නේ මත්පැන් මිළ පහළ හෙළීමයි. මන්ද, මත්පැන් මිළ පහළ හෙළූ විට එයට කසිප්පු මිශ්‍ර කර අධික ලාභ ලබා ගත නො හැකි ය. එසේ ම මිනිසුන් කසිප්පු වෙනුවට නීත්‍යනුකූල අරක්කු බොන බැවින් කසිප්පු ජාවාරම ද අසාර්ථක වේ. ආණ්ඩුව අසාධාරණ අන්දමින් ලබා ගන්නා බදු ඉවත් කළ විට මත්පැන් මිළ අඩු වේ.


මතට තිත ගැන බණ දෙසන ආණ්ඩුවක් මත්පැන් විකුණා ලාභ ගැනීම වැරදි ය. එසේ ම කසිප්පුවලට ගහන දඩවලින් රජය ආදායම් ලැබීම ද වැරදි ය. බුදු දහම අනුව ද එය නො කළ යුතු වෙළඳාමකි. ලංකාවේ මිනිසුන් බහුතරය ජීවත් වන්නේ මේ ආණ්ඩුව කියන හැටියට නිසා මිළ අඩු කර ගමේ කඩේ මත්පැන් විකුණන්නට තිබ්බත් ජනාධිපතිවරයා කීවොත් මිනිස්සු මත්පැන් බො‍න්නේ නැත. 


ඔය මොනවා කීවත් බොන එකේ ආතල් එක දන්නා බොන එකා කුමාර වෙල්ගම ඇමති මෙන් මොකා තිත තිබ්බත් දිගට ම බොයි. ලංකාවේ වැඩිපුර බොන්නේ පිරිමි ය. පවුල්වල ගැහැනු සිය සැමියන්ගේ බීමට අකැමැති වැඩි වන, ලෙඩ වන, දුප්පත් වන හා දැන් නම් සමාජයේ වපර බැල්මට ලක් වන නිසා ය. සැමියා හීනියට අඩියක් ගැසූ දාට ඔය කියන අන්දමින් නරක නැති බව ජීවිතයේ රස දන්නා ගැහැනු දනිති. 


ලංකාවේ මිනිසුන්ට දැන් හැන්දෑව ගත කරන්නට තිබෙන්නේ රූපවාහිනිය පමණි. පවුල පිටින් චිත්‍රපටයක් බලන්නට යන්නට මුදල් නැත. චිත්‍රපට ශාලාවල තත්වය අන්තිම ය. නාට්‍ය කලාවක් කියා දෙයක් නැත. කොහේ හෝ සංගීත සංදර්ශනයක් ඇති විට සැතපුම් සිය ගණන් දුර සිට තරුණයන් නටන්නට එම ස්ථානවලට එති. ඒ හැන්දෑවට සතුටු වන්නට වෙන ලාභ ක්‍රම නැති නිසා ය. අපේ රටේ මිනිසුන් මොකද චිත්‍ර ප්‍රදර්ශන, නැටුම්, ශාස්ත්‍රීය සංගීතය අහන්න යන්නයැ. පවුල් ආරාවුල් ඇරෙන්නට ලංකාවේ මිනිසුන්ට ෆන් ගන්නට වෙනත් ක්‍රම නැති බව ජනාධිපතිතුමා දන්නේ නැති බැවින් ඒ බව ඔහුට දන්වන්නැයි අපි එතුමා වටා සිටින අසංඛ්‍යයක් උපදේශකවරුන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙ වුණොත්, ලංකාවේ දැන් නිතර සිදු වන අන්දමේ මිනිහා ගෑනිගේ බෙල්ල මිරිකීම හා ගෑනි මිනිහාට මෝල් ගසෙන් ගසා මැරීම අඩු වනවා ඇත. 


ලංකාවේ මිනිසුන් මත්පැන් බොන එක වැරදි නම් රජය අරක්කු පෙරන එක ඊටත් වඩා වැරදි ය. වැරදි ලෙස පෞද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආපසු රජයට පවරා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග රක්ෂණ සංස්ථාවට හිමි වී තිබුණු ඩිස්ටිලරීස් සමාගමේ කොටස්වලින් 3.89%ක්ද රජයට හිමි විය. ඩිස්ටිලරීස් ලංකාවේ ප්‍රධානම මත්පැන් සමාගමයි.


මතට තිත තැබූ දා සිට 2008 වන තෙක් පමණක් ආණ්ඩුව අලුතෙන් බාර් බලපත් 200ක් පමණ නිකුත් කර තිබේ. 2008දී පමණක් අලුතෙන් බාර් බලපත් 36ක් නිකුත් කර ඇති බව 2009දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සුරාබදු කොමසාරිස්ගේ 2008 පරිපාලන වාර්තාව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, වත්මන් ජනාධිපති බලයට පත් වූ 2005 වසර අතහැර දමා 2006 ජනවාරි 01 සිට 2007-10-12 දින දක්වා පමණක් අලුත් බාර් ලයිසන් 66ක් නිකුත් කර තිබේ. ඒ අනුව වත්මන් ජනාධිපතිතුමා මතට තිත කෙසේ වෙතත්, 2008 වන විට බාර් ලයිසන් සෙන්චරිය ගසා ඉවර ය. දැන් සමහර විට ඩබල් සෙන්චරිය ද ගසා තිබෙන්නට ඉඩ තිබේ. 


ලංකාවේ දියුණු තොරතුරු තාක්ෂණය නිසා රජයේ වෙබ් අඩවි බොහොමයක් යාවත්කාලීන නො වන නිසා දෙයියන්ගේ පිහිටෙන් මොන රෙද්දක් ගැනවත් අලුත් සංඛ්‍යාලේඛන සොයා ගැනීමට බැරි ය.


මිළ වැඩිකම නිසා හෝ මතට තිත නිසා හෝ සැර මත්පැන් බීම 2008දී සියයට දෙකකින් අඩු වී තිබෙනමුත් බීර බීම සියයට 15කින් වැඩි වී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස මත්පැන් බීම වැඩි වී තිබේ. රටට හිතැති මත්පැන් ලෝලීහු 2008 අවුරුද්දේ සැර මත්පැන් ලීටර් කෝටි හතරහමාරකට වඩා හා බීර ලීටර් පන්කෝටි හැත්තෑ ලක්ෂයකට වඩා පානය කළහ. හොර මත්පැන් කෙතරම් බීවාදැයි සුරාබදු කොමසාරිස් නො දන්නා මුත් දඩ හා බලපත් ගාස්තු වශයෙන් පමණක් රු. හැට දෙකෝටි තිස් ලක්ෂයකට වඩා දෙපාර්තමේන්තුව උපයා තිබේ. 2008 වසරේ සුරාබදු ආදායම රු. කෝටි 2744ක් පමණ වේ. මෙය 2007 වසරට වඩා රු. කෝටි 300ක ඉහළ යාමකි. සමස්ත කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියම සඳහා ඒ කාලයේ ගිය වියදම රු. කෝටි 845කි.


සුරාබදු දෙපාර්තමේන්තුවට අනුව 2006.12.09 වන විට රජය මත්පැන්වලින් අය කරන ලද සුරා බදු ප්‍රමාණයන් පහත දැක්වේ. ඒවා දැන් තවත් වැඩි වී තිබේ.



මත්පැන්
රු.
සීනි, තල්, පොල් අරක්කු බෝතලයකට


421.00


විදේශීය මත්පැන් බෝතලයකට
550.00


5%ට අඩු මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බීර ලීටරයට
37.50


5%ට වැඩි මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බීර ලීටරයට


53.50


වයින් ලීටරයට


275.00


දුම්කොළ කිලෝවකට සුරාබදු


10.00




මේ අනුව බැලුවත්, අරක්කු බෝතල් 1000ක් බිවු මිනිසෙක් මේ වන විට රජයට ගෙවා ඇති බදු මුදල රු. ලක්ෂ හතරකට වැඩි ය. දවසකට අරක්කු කාලක් බොන අයෙකු පවා අවුරුදු 12ක් යන්නට පෙර මෙම ප්‍රමාණය බොති. රජය මෙවැනි ගඳ ගහන සල්ලිවලට අකැමැති නිසා මේ මුදල් ආපසු ගෙවිය යුතු ය. එවිට මේ මිනිසුන්ට නරක් වූ අක්මාව වෙනුවට අලුත් අක්මාවක් දමා ගැනීමට හෝ අක්මාව චකබ්ලාස් වනතුරු කණ පැලෙන්න ම ගහන්නට පුළුවන.


(මෙම ලේඛකයා ඇමති කුමාර වෙල්ගම සේ පුරුද්දක් ලෙස මත්පැන් බොන අයෙකු නො වේ. එහෙත්, ඔහු මත්පැන් බොන මිනිසුන් නො බොන අයට වඩා හොඳ යයි විශ්වාස නො කරයි. )


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මෙවා කියවද්ද බොන්න හිතෙන්නෙ පැලෙන්න, මෙ විහිලු බල බල ඉන්න බැහැ.අපි අරක්කු බිලා මැරෙද්දි තව මනුස්සයො කිපදෙන්ක් හරි ගොඩ යනවා නෙ.. හික්..හික්..

    නොබොන අයගෙ ඇතුල එලියට පෙන්නෙ නැහැ, බොන අය ඇතුල එලියට දානවා ඉබෙම. ඉතින් බොන අය අතරත් හොද මිනිස්සු ඉන්නවා, නොබොන අය අතරත් හොද මිනිස්සු ඉන්නවා. සිංහල මිනිස්සු ගැන දන්නවා, එයාලා පොඩි උන් වගෙමයි එපා කියන දෙම තමයි කරන්නෙ.

    අරක්කු නොබි මෙ වෙන දෙවල් බලන් ඉන්නෙ කොහොමද.
    රජතුමාගෙන් අහන්න වෙන්නෙ
    "අලියට උඩින් යන උරුලැවෙක් ඇද්ද"
    එක අහන්න එකෙක් රජතුමා ලඟ නැහැ.

    ReplyDelete
  2. ඔය ආණ්ඩුවේ අරක්කුයි හොර අරක්කුයි කියල වෙනසක් නෑ. ලෙඩ හැදෙනවා හැදෙනවාමයි. බීලා මැරියවු

    ReplyDelete
  3. මම අහල තියෙන විදියට සමහර යුරෝපීය රටවල් සැර මත්පැන් වලින් මිනිසුන්ව ටිකෙන් ටික ඈත් කරන්න බීර සහ වයින් වගේ සැර අඩු බීම වලට මිනිසුන්ව සාර්තකව හුරුකරලා තියෙනවා.හැබැයි එහෙම කරන්න තීරන අරන්තියෙන්නේ දියුනු දේශපාලනයක් එක්ක. මිනිස්සුන්ව මරලා හරි ආන්ඩුව කරගෙන යනවා කියලා හිතන පාලකයෝ ඉන්න, ඒ පා(ල )කයන්ට වඳින පුදන පුරවැසියො ඉන්න රටක එහෙම දේ කරන්න පුලුවන් වෙයි ද?

    ReplyDelete
  4. සුරාවේ අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන ජනයා මිසක්
    නොබොන මීමෝ දනී කෙලෙසත්

    ReplyDelete
  5. සුරාවෙහි අගයත්,
    එහි ඇති මනා ගුණයත්,
    බොන සුදනෝ දනිත්,
    නොබොන අනුවණ දනෝ නොදනිත්

    මම අහලා තියෙන්නේ මෙහෙමයි :)

    ReplyDelete
  6. සුරාවෙහි අගයත්,
    එහි ඇති මනා ගුණයත්,
    බොන සුදනෝ මිසක්
    නොබොන අනුවණ මීමෝ නොදනිත්

    හසිත කෙ, කුමාර , එකතුවෙලා දෙයක් ගොඩ නගන්න ඔනා. වෙලාවක සෙට් එක බොන්න එකතුවෙමු

    ReplyDelete
  7. @රවා

    මම නම් සුරාවට නැහැ අයියා. ඒත් වෙන මොනවා හරි බොන්න සෙට් වෙමු. සොෆ්ට් ඩ්‍රින්ක් වගේ දෙයක් :)

    ReplyDelete
  8. මට පේන්නේ හසිත set වෙන්නෙ Bite එක ඉවර කරන්න වගේ.

    ReplyDelete
  9. සුරාවේ අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන ජනයා උතුමෝ මිසක්
    නොබොන ගොන්තඩි කෙලෙස පවසත්

    ReplyDelete
  10. mathata thitha thiyanna path karala thiyenne carlo fonseka minihath hodabebaddek thamai

    ReplyDelete
  11. DO NOT WASTE YOUR TIME SUKERS

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා