තිතට මත් වන ඇමති වෙල්ගම සහ මත්පැන් බොන මිනිසුන්ගේ අයිතිවාසිකම් | The rights of social drinkers and Minister Kumar Welgama
( 2010 සැප්තැම්බර් 14, W3Lanka ) මතට තිත සංකල්පය හොඳමුත් තමන් හැන්දෑවට අඩියක් ගහන මිනිසෙකු බව ද, තමන් බලයට පත් කළ ජනතාව එය දන්නා බව ද කලුතර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඊයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ ය. සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට බේබදුකම නිසා රෝගී වන අයට ලබන වසරේ සිට රජයේ රෝහල්වලින් නො මිළේ ප්‍රතිකාර නො ලැබෙන අතර ඇමති කුමාර වෙල්ගමට නම් ප්‍රතිකාර ගන්නට තරම් ධනයක් තිබේ. ජනාධිපතිගේ මතට තිත සංකල්පය ඉවත දමා තිතට මත් වන ඔහු බලයට පත් කළ කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව අතරින් සෑහෙන පිරිමි ප්‍රතිශතයක් ද හොඳට බොන අයයි. ඒ අය අතරින් බේබදුකම නිසා ලෙඩ වන සිය ඡන්ද දායකයන් වෙනුවෙන් ඇමති කුමාර වෙල්ගම යමක් කළ යුතුව තිබේ. හැන්දෑවට අඩියක් ගැසීම ලෝකයේ බොහෝ පිරිමින්ගේ සමාජ පුරුද්දක් වන අතර ඒ සඳහා පංති භේද නැත. අඩියක් ගසා කාටවත් කරදරයක් නො වන සේ සතුටක් ලැබීම වරදක් නො වේ. අඩි ගැසීමෙන් ශරීර සෞඛ්‍යයට හානි සිදු වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ මත්පැන් බාල වීමයි. බාල මත්පැන් එක්කෝ හොර හැලි...