බේරුවලදී මරා දැමුණු සුදිල් නිලුපුල් පුතේ, අහිංසකයන්ට ආරක්ෂාවක් ඇති දේශයක යළි උපදින්න

(2010 සැප්තැම්බර් 16, W3Lankaමහරගම පොලිසිය බේරුවල මෙහෙයුමක යෙදෙයි. මහරගම සිට බේරුවලට කිලෝමීටර් 50කටත් වැඩි ය. (බේරුවලත් පොලිසියක් ඇත.)


යන්නේ හරක් හොරුන් අල්ලන්නට ලු. දැම්මේ ඇම්බුෂ් එකක් ලු. ඇම්බුෂ් එක දමා ඇත්තේ දෙනෝදාහක් ගැවසෙන මහ මගකයි. 


හරක් හොරු සහ පොලිසිය වෙඩි හුවමාරු කර ගත් බව කියැවේ. පොලිසිය සාමාන්‍යයෙන් පැන යන පාතාලයන්ගේ පාදවලට වෙඩි තැබූ විට වදින්නේ ඔලුවලට ය. බේරුවලදී සිදු වී ඇත්තේ 'විද්දේ පඳුරට වැදුණෙ හාවට' වැනි දෙයකි.


හරක් හොරු පැන යති. හරක් වලිගයක්වත් අල්ලා ගන්නට බැරි වී ඇත.


පොලිසිය කොහි ගියාදැයි අපි නො දනිමු.


මේ හරක් කතා අපට නො තේරෙන්නේ අප හරක් නො වන නිසා විය හැකි ය. කියවන විට ලිවීම කරන ප්‍රධාන ජනමාධ්‍යවලට නම් මේ හතර බීරි කතා තේරෙන බව පෙනේ.


තාත්තා සමග ත්‍රිරෝද රියෙන් ඉන්ධන හලකට පැමිණි අහිංසක දරුවකු මරා දමා ඇත.


අටවන වියේ සුරතල් වයසේදී සමාජ අසාධාරණයේ ගොදුරක් වන්නට සිදු වූ සුදිල් නිලුපුල් පුතේ, යළි ඉපදීමක් ඇත්නම් මේ රටේ නො ව අහිංසකයන්ට ආරක්ෂාවක් ඇති දේශයක යළි උපදින්න.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. සිව්රියන් හාරන්නෝ හෙවත් පොලීසිය


    කාකි වෙස් ගනිති තද හිත් ඇති යක්කු
    අත පය බ`දිති මුවගුලු ලා තඩි බාති
    සි`දිති බි`දිති නිති ජඩයන් ලෙස වෙසෙති
    අප හිස නමති රැකවල්ලන් යැයි කියති

    වනේ වෙසෙන තිරිසන් ගති අති නාරී
    කුලේ මිනිස් බව නොදනිත්දෝ මෙම රිරී
    උතුම් මිනිසුන්ව ගෙන ගල ගහලයන් සරී
    යැපෙන උන් පමණක්ම ඇයි දෙයියනේ හරී

    සැක කරුවන් එල්ලී කූඩුවෙ මැරෙනා
    නිල බල අධමකම තරු පටි මැද දිලෙනා
    පවුකාරයන් වී මිනිසුන් මැද වෙසෙනා
    මෙම නිලකාරයන් වනසනු දැන් ඉතිනා

    වනේ සතුන්ටත් සදහම් නීතියක් ඇත
    ගහල නිල මැරයන්ට ඒවා වගක් නැත
    මරණය පෙනි පෙනී යුක්තිය සොයා යන
    මිනිසුනි වල කණින බැලයෝ එහි වෙසෙත

    --හිතුවක්කාරයා http://hithuwakkaraya.blogspot.com

    ReplyDelete
  2. දරුවෙකුට හිතලා වෙඩිතියන්න නැතුව ඇති. පොලිස්සියෙ මිනිස්සුන්ටත් එ ගොල්ලන්ගෙ දරුවන් ඉන්නවා. කොහොම උනත් මිනිස්සුත් දැනගන්න ඔනා තමන් නිති විරොධිවැඩ කරද්දි තමන්ගෙ පවුල තමන්ගෙ අනතුරෙන් ඇත් කරන්න. නිතිවිරොධි නොවන වැඩ කරලා ගොඩ යන්න අමාරුයි ලංකාවෙ ඉදලා.

    ReplyDelete
  3. Rawa what are you talking.This kid and his father is not involved in this Harak business. They are just a third party.I thhink you have mixed up everything.

    ReplyDelete
  4. @රවා
    රවා වලිගෙ පාගාගෙන...

    ReplyDelete
  5. මුලු තුන් ලෝකෙම ඇම්බුෂ් එකකදී වෙඩි වැදී මැරුණු පළමු වෙනියා මේ දරුවාය. ඒනිසා පොලීසියක් මහින්දත් ඉල්ලා අස්විය යුතුය. මින් මත්තට පොලීසිය අපරාධකරුවන්ට වෙඩි තබන්නට යන විට කලින් දිනම ඒ බව ලවුඩ්ස්පීකර් මගින් දැනුම් දීමෙන් ජනතාව ඉවත් කොට තැබිය යුතුය. එසේ නැතිනම් හරක් හොරාට පැන යන්නට ඉඩදී "අඩෝ පස්සෙ හම්බවෙමු" ලෙස කියා ගෙදර ආ යුතුය. ඇම්බුෂ් කරන විට මුළු පළාතේම හොරුන්ය ඩයල් නෝට් වූ පළාතේ පොලිස්කාරයන්ම යෙදිය යුතුය. එවිට අදුනන නිසා පසුව වෙරලු ගහ යටදී වලියක් දා ගන්නට චැලෙන්ජ් එකක් වුවද කල හැකිය.

    ReplyDelete
  6. @suranga

    මම තේරුම් අරන් ඉන්නෙ මගෙ වලිගය මම පාගන් ඉන්නෙ කියලා, මම එක තෙරුම් අරන්න ඉන්න විත්තිය කවුරුත් කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් එක පෙන්නුවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  7. පාහර පොලිස් බල්ලෝ...උන්ට වැහි නැති හෙන ගහන්න ඕනා

    ReplyDelete
  8. It is a sad incident done by usual horrible Ceylon police.

    Mr. ‘Sinhala Tharu Lakuna’

    Where have you racist been during the period crushing thousands of Tamil toddlers by Sinhala militaries? What a atypical sympathy for the Sinhala blood.

    ReplyDelete
  9. @Anonymous
    ඔබගේ ප්‍රශ්නයට මතු වන පදනම බොහෝ විට දෙමළ ජාතිවාදය විය හැකි ය. සිංහල සමාජය ජාතිවාදී, යුදකාමී තනි සමස්තයක් ලෙස සැලකීම දෙමළ ජාතිවාදීන්ගේ නිදන්ගත රෝගයකි. හැම සිංහලයකු ම යුදවාදියකු නො වන බව තේරුම් ගැනීම දෙමළ ජාතිවාදීන්ට අපහසු ය. හරියට සෑම දෙමළකු ම කොටියකු නො වන බව තේරුම් ගැනීම සිංහල ජාතිවාදීන්ට අපහසු වන්නා සේ ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා