බේරුවලදී මරා දැමුණු සුදිල් නිලුපුල් පුතේ, අහිංසකයන්ට ආරක්ෂාවක් ඇති දේශයක යළි උපදින්න
( 2010 සැප්තැම්බර් 16, W3Lanka ) මහරගම පොලිසිය බේරුවල මෙහෙයුමක යෙදෙයි. මහරගම සිට බේරුවලට කිලෝමීටර් 50කටත් වැඩි ය. (බේරුවලත් පොලිසියක් ඇත.) යන්නේ හරක් හොරුන් අල්ලන්නට ලු. දැම්මේ ඇම්බුෂ් එකක් ලු. ඇම්බුෂ් එක දමා ඇත්තේ දෙනෝදාහක් ගැවසෙන මහ මගකයි. හරක් හොරු සහ පොලිසිය වෙඩි හුවමාරු කර ගත් බව කියැවේ. පොලිසිය සාමාන්‍යයෙන් පැන යන පාතාලයන්ගේ පාදවලට වෙඩි තැබූ විට වදින්නේ ඔලුවලට ය. බේරුවලදී සිදු වී ඇත්තේ 'විද්දේ පඳුරට වැදුණෙ හාවට' වැනි දෙයකි. හරක් හොරු පැන යති. හරක් වලිගයක්වත් අල්ලා ගන්නට බැරි වී ඇත. පොලිසිය කොහි ගියාදැයි අපි නො දනිමු. මේ හරක් කතා අපට නො තේරෙන්නේ අප හරක් නො වන නිසා විය හැකි ය. කියවන විට ලිවීම කරන ප්‍රධාන ජනමාධ්‍යවලට නම් මේ හතර බීරි කතා තේරෙන බව පෙනේ. තාත්තා සමග ත්‍රිරෝද රියෙන් ඉන්ධන හලකට පැමිණි අහිංසක දරුවකු මරා දමා ඇත . අටවන වියේ සුරතල් වයසේදී සමාජ අසාධාරණයේ ගොදුරක් වන්නට සිදු වූ සුදිල් නිලුපුල් පුතේ, යළි ඉපදීමක් ඇත්නම් මේ රටේ නො ව අහිංසකයන්ට ආරක්ෂාවක් ඇති දේශයක යළි උපදින්න. Bookmark, remember easily and come again www.w3lanka.com...