බේරුවල මුස්ලිම් ගැටුමට හේතුව ඉස්ලාම් ආගමික මූලධාර්මික ගැටළුවක්


(2009 ජුලි 26, W3Lanka) පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් හා 40දෙනෙකුට පමණ තුවාල සිදු කරමින් බේරුවල මුස්ලිම් පල්ලි දෙකක දායකයන් අතර ඇති වූ ගැටුම පිටුපස ඇත්තේ ශුද්ධ වූ නබිතුමාගේ ඉගැන්වීම්වලට පටහැණි මූලධාර්මික කාරණා බව දැනගන්නට තිබේ.


මෙම ගැටුම ඇති වන්නේ බේරුවල බුහාරි පල්ලියේ හා රහුමාන් පල්ලියේ දායකයන් අතර ය. මෙහි ප්‍රතිඵලය ලෙස සෙනසුරාදා පාන්දර රහුමාන් පල්ලියට ගාල්ලේ සිට පැමිණි මැරයන් යයි කියන පිරිසක් ගිනි තබා තිබේ.

සිද්ධිය පිළිබඳ සත්‍යය වටහා ගත නොහැකි තරමට විවිධ අදහස් විවිධ පුද්ගලයන් විසින් පළ කෙරෙමින් තිබේ. 



සම්ප්‍රදායිකව මුස්ලිම් කාන්තාවන්ට පල්ලි යාමේ තහනමක් නැත. එසේම ඔවුන්ට පල්ලි යාම අනිවාර්ය ද නැති අතර නිවසේ සිට ආගම ඇදහිය හැකි ය. බුහාරි පල්ලියේ තෙදිනක් තිස්සේ පැවැති පූජාවකට කාන්තාවන්ට සහභාගි වන්නට නොදීම හේතුවෙන් ඇති වූ මත ගැටුමක් දුරදිග ගොස් මෙම කණගාටුදායක සිද්ධිය ඇති කර තිබෙන බව ඇතැම් ආරංචි මාර්ග පවසයි. 


තවත් සමහරු පවසන්නේ මෙය තව්හීඩ් මුස්ලිම් නිකායට අයත් මහගොඩ රහුමාන් පල්ලියේ අනුගාමිකයන් පිරිසක් බුහාරි පල්ලියේ 135වන වාර්ෂික පූජෝත්සවය හා දානය අතරතුර එතනට කඩා වැදී කලබල ඇති කිරීම සමග ගැටුම තීව්‍ර වූ බවයි. ඊට පෙර, සිකුරාදා ජුම්මා යාඥා මෙහෙයවූ ඉමාම්වරයකු තව්හීඩ් මුස්ලිම්වරුන්ට එරෙහිව කළ ප්‍රකාශයක් ගැටුමේ ආරම්භය වූ බව ඔවුහු පවසති.

තව්හීඩ් වනාහි මෑතක සිට ව්‍යාප්ත වන, විදේශ ආධාර ලබන මුස්ලිම් මූලධාර්මික නිකායක් බව ඔවුහු කියති. මෙම නිකාය බුහාරි පල්ලියේ දානයට මූලධාර්මික කාරණා මත විරුද්ධ බව පැවසේ.  

මධ්‍යස්ථ මුස්ලිම්වරයකු අප සමග පැවසුවේ මෙම නිකායන් දෙකම කටයුතු කරන්නේ ශුද්ධ වූ කුරානයට පටහැණිව බවයි.  

Comments

  1. ලංකාවට ඕක විතරයි අඩු වෙලා තිබ්බෙ.

    ආගමික මූල ධර්ම පිළිබඳ විවිධ මත ඇති වෙන එක ස්‍වාභාවික වුනත්, ඒව විසඳගන්න ඕන කටේ සහ පෑනෙ බලයෙන් මිස, අතේ පයේ බලයෙන් නොවේ.

    ReplyDelete
  2. ඇත්තටම එ අතින් අපි වසනාවන්තයි මොකද අපි මහායානය හා ථෙරවාද
    ඔවැනි ගැටුම් ඇතිවන්නේ නැ හේතුව මතවාද වෙනස් කම් තිබුණද මෙ දෙපිරසම එකිනෙකාට ගරු කිරිම අභිබවා යැමට තැත් නොකිරිම ආගම ගගෙන් එතර විමට තිබෙන ඔරුවක් බව සිතිම (ආගම කරේ තබා නොගනිම)

    ReplyDelete
  3. දිසා මහත්තයා කොහෙද ඉන්නෙ ලංකාවෙද? ''මොකද අපි මහායානය හා ථෙරවාද ඔවැනි ගැටුම් ඇතිවන්නේ නැ හේතුව මතවාද වෙනස් කම් තිබුණද මේ දෙපිරිසම එකිනෙකාට ගරු කිරිම, අභිබවා යැමට තැත් නොකිරිම.'' බම්බුව තමයි. ලංකාවේ ඉන්නවද මහායාන හාමුදුරුවරු. ඔයා දන්නවනම් බන්න තැනක් කියන්න. හැබැයි ලංකාවේ ඉපදුන අය. ඔයා ථෙරවාදය කියන්නෙ මොකක්ද? ඒකෙ සැබෑ නම හීනයානය. මේ ලංකාවේ කොහොමද ගැටුම් නෑ කියල කියන්නේ? ආගම බුද්ධාගම වුනත් ඒක ප්‍රචාරය කරන අය විවිධ කුල වලට අනුවනෙ මහණ වෙලා තියෙන්නෙ. නිකාය කීයක් ලංකාවෙ තියෙනවද මහණ කරගන්න කලින් කුලය විමසලා මහණ කරන. ඒ නිසාම කොච්චර ප්‍රශ්ණ තියෙනවද? සරලම උදාහරණයක් කීවොත් මළ ගෙදරක බණ කියන්න එන්න කියල හාමුදුරු කෙනෙකුට කියපුවහම ඒ ගෙදර මොන කුලයෙද, ඒ ගමේ තියෙන පන්සලේ ඉන්නෙ මොන නිකායෙ හාමුදුරු කෙනෙක්ද කියලා හොයල බලන එක තමයි ඉස්සරවෙලාම කරන්නේ.

    ReplyDelete
  4. මුස්ලිම් අන්තවාදීන් ලංකාවට අලුත් දෙයක් නෙමේ!

    ReplyDelete
  5. මෙක මහ නරක පෙරනිමිත්තක්..!

    ReplyDelete
  6. @ පැතුම්

    පැතුම් මහත්තයා ඔබතුමා ඉන්නේ ලංකාවේ වෙන්න ඇති.කරුණාකරල කියනවද ‍‍බෞද්ධ නිකායයන් අතර මිනිමරාගත්ත ඒව පිළිබද විස්තරයක්.
    මොකද අපි ලංකාවේ ජිවත් උනාට මූස්ලිම් මූල ධර්ම වාදයට සම කරන්න හෝඉ එය සාධාරණීකරනය කරන්න තරම් එවැනී නිකායන් අතර මිනී මරාගන්නා ක්‍රමයක් බෞද්ධයන් අතර තිබෙනවගක් දැකලනම් නැහැ.

    ඔබ තුමා දිසා පෙන්වා දී ඇති කරුන මග හරීමින් පිළිතුරු දී ඇත.

    ReplyDelete
  7. සිංහලයෙන් මුස්ලිම් ජතිකයන් ගැන ලියවන ලිපි බොලොමයක් මුස්ලිම් ප්‍රජාව ගැන හරි අවබොධයක් නැතිව තමයි ලියන්නෙ. එම ලිපි කියවා අවසන් වන්විට ඇතිවන්නෙ කන්ගාටුවකි. මම බොහෝ විට අවැනි ලිපි කියවන්නෙ මේ කතෘගෙ මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් තිබෙන වැරදි මතය දැනගැනීමට මිස ලිපියෙ තිබෙන දෙවල් දැන් දැනීමටම නෙවෙයි. නමුත් මෙ ලිපිය ප්‍රශ්නය හොදින් අවබෝධ කරගෙන ලියා ඇතයි සිතමි. අවැනි අන් ජාතිකයන් ගැන අවබෝධයක් ඇති පුද්ගලයන් තවත් රාශියක් බිහි වෙවා!

    ReplyDelete
  8. ලංකා‍වේ මහායාන ථෙරවාද නිකායන් දෙකක් නැත්තේ දිසාට සහ Manoj colambageට බොහෝ කලකට පෙරදීම මහායාන නිකායයන් ලංකාවෙන් පලවා හැරිය බැවිනි.
    http://mahavamsa.org/2008/05/king-mahasen-275-ad-301-ad-sri-lanka/

    ReplyDelete
  9. @ පැතුම්, අනෙ බොල පැතුමො. කොහෙද යකෝ මල ගෙදර එන්න කුලේ අහපු හාමුදුරුවරු ඉන්නෙ, උඹලගෙ පවුලෙන් සාසනයට දීපු දේවදත්ත නිකායෙ එකෙක් වෙන්න ඇති එහෙම අහන්න ඇත්තෙ.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ලංකාවෙ මහායාන නිකාය නැහැ තමයි. මොන පොතේ මොනව තිබුනත් අද මේ ලංකාවෙ තියෙන මහායාන නිකායට අයත් පංසලක් තියේ නම් එය පෙන්වන්න. එහෙම ඒව ලංකාවෙ නැහැ. මුස්ලිම් අය මරා ගත්ත කියල කරන්න දෙයකුත් නැහැ. ඒ මිනිස්සුටත් ඒ ඒ දෙවල් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති. ලංකාවෙ හාමුදුරු කෙනෙකුට කසාදෙකුත් කරගෙන ලමයි හදාගෙන පංසලක ඉන්න මෙහෙ ඉන්න බෞද්ධයො ඉඩ දෙන්නෙ නැහැනෙ. එක්කො පොලීසිය ඒකට මැදිහත් වෙන්න ඔනෙ නැත්නම් මහජනතාව ඒ අයව ඉවත් කරයි. ප්‍රශ්නෙ ඇති වෙන්නෙ එහෙම සාමකාමීව ඉවත් උනේ නැත්නම් තමයි. ඒක මුස්ලිම්ද, ක්‍රිස්තියානිද බෞද්ධද කියන ප්‍රශ්නෙ නෙමෙයි.

    ReplyDelete
  12. පෙට්ටියMarch 3, 2012 at 6:04 AM

    මෙතන හම්බයෝ කිහිප දෙනෙක් සිංහල වගේ ඇවිත් මුසාවාද දෙසාබානා හැටි අහන්නත් කණගාටුයි තමන්ගේ උපන් ජාතියෙන් එන්න බැරුව වෙස් වලාගෙන එන එකෙන්ම පේනවා නේද තමන්ගේ ජාතියේ තියෙන කිලිටි බව. නමුත් හැමදාම වගේ හම්බයන්ව ගදෙන් අදුන ගන්න පුලුවන් ඒක නිසා අපිව රවට්ටන්න බෑ පුතෝ.

    පැතුමා කියනවා දැන් ලංකාවේ තියෙනවලු කුලය බලලා ගෙදරටකට බණ කියන්න සිරිතක්, මහණ කරන්නේ කුලය බලලලු, ඒක වැරදි නේ බුදුන් වහන්සේ වුනත් මිනිසුන්ව මහණ කරේ කුලය නොබලයි ඒක නිසයි බුද්ධ ශාසණයේ වුනත් සැඩොල් වැනි පහත් කුල වල අය ඕන තරම් හිටියේ මේකම තමයි ලංකාවේ වුනත් අදත් කෙරෙන්නේ දුප්පත් ළමයි කී දාහක් එකවර මහණවෙනවද කියලා උබට ඕන නම් බලාගන්න පුලුවන් හොද පන්සලක් පැත්ත ආවොත්, ඔය ගොඩක් සාමණේර හාමුදුරුවරු ගමේ පොඩි එවුන් මහණ වෙන්න කලින් නගරේ පොඩි එකෙක් මහණ වෙන්නෑ ලේසියෙන් මොකද Tuition අරවා මේවාට පොඩි කාලේ ඉදලම යන නිසා

    ඒ වගේම තමයි බුද්ධ ශාසණයේ කිසිම හාමුදුරුනමක් කුලය බලලා ගෙවල් වල බණකට වඩින්නෑ. අහන්නේ මොකක් සදහාද බණ කියලා විතරයි අපි ඕන තරම් හාමුදුරු වරුන්ව අපේ ගෙදර බණ සදහා ආරාධනා කරලා තියෙනවා කිසිම දවසක මේක අහලා නෑ මම දන්න තරමින් එහෙම අහන්න එක සපුරා තහනම් විනය නීති වලට අනුව. දැන්වත් බොරු කියන්න නැතුව ඒක නිසා වෙනතකට ගියොත් හොදයිනේ.

    අනෙක් එක තමයි මෙතන ඉන්න සමහර හම්බයෝ කියනවා මහායානකයන් අපි පළවා හැරලාලු තියෙන්නේ කවුද කියන්නේ ඔය ඕන තරම් ඉන්නේ ටිබෙට් වලින්, චීනෙන්, ආපු හාමුදුරු වරු ඕන තරම් ඉන්නවා මේ අය පන්සල් වල. නමුත් භාෂාවේ ප්‍රශ්ණයක් නිසා බණ කියන්න යන්නේ නෑ ඒක වෙනම දෙයක් නමුත් අපි එළවන්නෑ. ඒ වගේම තමයි මහා‍යාන ථෙරවාද අතර ආගම මුල් කරගෙන ගැටුම් කියලා එකක් කවදා වත් මේ ලෝකේ වෙලා නෑ. ඒක බොරු හදන්න කලින් දෙවරක් හිතපන් ආයිත්.

    අහමඩ් කියන හම්බයා කියනවා වැරදි වැටහීම් ලූ අනේ යකෝ උබට තේරෙන්නැද්ද සුන්නි ශීයා වුනත් උබලගේ මරාගන්නවා නේද ඒ කාලේ ඉදලම ඉතින් මේක ඒ වගේම එකක් කියලා. මුස්ලිම් එවුන් මේ වගේ තමයි තමන් ළග වැරදි දහස් ගාණක් තියාගෙන එකක් වත් පිළිගන්නෑ මේකම තමයි මුන්ගේ අරාබි කාරයෝ කරන්නෙත්. මුන් ශූද්ධයි ඒක නිසානේ මුළු ලෝකයම මුන්ට වෛර කරන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා