සුදු වැද්දා, සුදු ගෝනා ලියූ දොස්තර ස්පිට්ල් පිළිබඳ මතකය රැඳි පොල් වත්ත කට්ටි කඩා වකිණීමේ සැලැස්මක්

(2009 ජුලි 26, W3Lanka) සුදු වැද්දා, සුදු ‍ගෝනා යන නම්වලින් පරිවර්තනය වූ `Wild White Boy’ සහ `Where the White Sambur Roams’ යන ලොව පුරා ජනප්‍රිය නවකතා ලියූ, වැදි ජනතාව පිළිබඳ හැදෑරීම් කළ මානව විද්‍යාඥයකු ලෙස ද ප්‍රසිද්ධ දොස්තර ආර්. එල්. ස්පිට්ල් හට හිමිව තිබී පසුව වෙනත් අය අතට පත් පොල් ඉඩමක් කට්ටි කඩා විකි‍ණීමේ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට පොල් සංවර්ධන මණ්ඩලයේ ම ඉහළ නිලධාරීන් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.


එහෙත්, මීට පෙර එම මණ්ඩලයේ සිටි බලධාරීන් මෙම කට්ටි කඩා විකිණීම සඳහා අනුමැතිය ලබා දී තිබෙන අතර, වෙන්දේසිය කරන ද ෆිනෑන්ස් සමාගම දැනටමත් ඉඩම් කට්ටි කීපයක් අලෙවි කර හමාර ය.


මෙම සුවිසල් ඉඩම පිහිටා ඇත්තේ කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ, හෙයියන්තුඩුව තරුණ සේවා මධ්‍යස්ථානයට යන පාරේ ය.


1880දී ලංකාවේ උපන් බර්ගර් ජාතික දොස්තර ස්පිට්ල් මිය ගොස් ලබන සැප්තැම්බර් 03දාට හතළිස් වසක් පිරෙයි. ඔහුට සම්බන්ධ වැදගත් සිහිවටනයක් වන මෙම ස්ථානය යම් ආකාරයකට සංරක්ෂණය කිරීම වැදගත් වේ.

Comments

  1. me wenakota sampurnayenma pol watta doser karala idam katti karala wikunanna daala thiyenne.........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා