සුදු වැද්දා, සුදු ගෝනා ලියූ දොස්තර ස්පිට්ල් පිළිබඳ මතකය රැඳි පොල් වත්ත කට්ටි කඩා වකිණීමේ සැලැස්මක්
(2009 ජුලි 26, W3Lanka) සුදු වැද්දා, සුදු ගෝනා යන නම්වලින් පරිවර්තනය වූ `Wild White Boy’ සහ `Where the White Sambur Roams’ යන ලොව පුරා ජනප්‍රිය නවකතා ලියූ, වැදි ජනතාව පිළිබඳ හැදෑරීම් කළ මානව විද්‍යාඥයකු ලෙස ද ප්‍රසිද්ධ දොස්තර ආර්. එල්. ස්පිට්ල් හට හිමිව තිබී පසුව වෙනත් අය අතට පත් පොල් ඉඩමක් කට්ටි කඩා විකිණීමේ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට පොල් සංවර්ධන මණ්ඩලයේ ම ඉහළ නිලධාරීන් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. එහෙත්, මීට පෙර එම මණ්ඩලයේ සිටි බලධාරීන් මෙම කට්ටි කඩා විකිණීම සඳහා අනුමැතිය ලබා දී තිබෙන අතර, වෙන්දේසිය කරන ද ෆිනෑන්ස් සමාගම දැනටමත් ඉඩම් කට්ටි කීපයක් අලෙවි කර හමාර ය. මෙම සුවිසල් ඉඩම පිහිටා ඇත්තේ කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ, හෙයියන්තුඩුව තරුණ සේවා මධ්‍යස්ථානයට යන පාරේ ය. 1880දී ලංකාවේ උපන් බර්ගර් ජාතික දොස්තර ස්පිට්ල් මිය ගොස් ලබන සැප්තැම්බර් 03දාට හතළිස් වසක් පිරෙයි. ඔහුට සම්බන්ධ වැදගත් සිහිවටනයක් වන මෙම ස්ථානය යම් ආකාරයකට සංරක්ෂණය කිරීම වැදගත් වේ.