එකමත් එක රටක, සිනමාව ගැන පූර්ව අභ්‍යාසයක්

X කණ්ඩායම
චිත‍්‍රපටයකට උචිත තේමාවක් තෝරාගැනීමම අද දවසේ දුෂ්කර කාර්යයකි. ඒ, උචිත තේමාවන්වල හිඟයක් පවතින නිසා නොව, චිත‍්‍රපටි නිපදවන බොහෝ අය තේමාවක් තෝරා නොගෙනම චිත‍්‍රපට නිපදවන නිසාය. 

කෙසේ වුවත් ‘එකමත් එක රටක’ ‘චිත‍්‍රපටය’ සඳහා තෝරාගෙන ඇති තේමාව, හොඳ සිනමා කෘතියක් නිර්මාණය කිරීම සඳහා උචිත තේමාවකි. එහෙත් එම තේමාව උපයෝගී කොට ගනිමින් ටෙලි නාට්‍යක කොටස් කිහිපයක්, වාර්තා වැඩසටහනක කොටස් කිහිපයක්, සිනමාත්මක රූප රාමු කිහිපයක්, රංගනය පුහුණු වීමේ වැඩමුළු කිහිපයක් ආදී ලෙස විවිධ වැඩසටහන්වල කොටස් එකතු කිරීමෙන් චිත‍්‍රපටයක් නිර්මාණය නොවේ. 

මේ සියල්ල අවසානයේ නැවත සලකා බලා, විවේකීව සමාලෝචනයේ යෙදෙමින් චිත‍්‍රපටයේ වැඩ ආරම්භ කළ යුතුව ඇත. අවාසනාවකට ලංකාවේදී බොහෝ විට පූර්ව අභ්‍යාසයන්ම නිර්මාණාය බවට පත්වන නිසා බිහිවිය යතු කලා කෘතිය කිසිදිනක බිහි නොවේ. ඒ නිසාම ‘එකමත් එක රටක’ පූර්ව සිනමා අභ්‍යාසයෙන් පසුව සිනමා කෘතියක් බිහි නොවීම අනිවාර්යයකි. ඒ නිසාම අපිට පූර්ව අභ්‍යාසය ගැන පමණක් කථා කිරීමට සිදු වී තිබේ.

සනත් ගුණතිලකට හොඳ, විදග්ධ ගැඹුරු සිනමාව කියූ සැනින් මතකයට නැඟෙන්නේ විරාගයයි. ප‍්‍රශස්ථ රංගනය කියූ විට අරවින්දව මතකයට නැගෙයි. ඉතිං සනත් සිනමා චාරිකාවේ තවදුරටත් සරන්නේ නම්, අරවින්දට මදක් හෝ ඔබ්බට ගිය චරිතයකට පණ පෙවිය යුතුය. ඔහු ‘එකමත් එක රටක’ පූර්ව අභ්‍යාසය හරහා මුළු මනින්ම වෙහෙසෙන්නේ එවැනි රංගන කාර්යයක් අභ්‍යාස කරන්නටයි. තවදුරටත් අභ්‍යාසයේ නිරතව, සනත් පනපොවන චරිතයේ සිදුවන මානසික වෙනස්කම් කාල-අවකාශීය වෙනස්කම් හරහාම පෙන්වන්නට උත්සාහ නොකර ඒවා තවදුරටත් රංගනයෙන්ම ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ නම්, ඉදිරියේ එය සිනමා කෘතියක් වන දිනයක ප‍්‍රයෝජනවත් විය හැකිව තිබිණි.


විචාරයෙහි අරමුණු කිහිපයකි. එකක් නම් වර්තමාන නිර්මාණ කාර්යය විචාරය හරහා තව දුරටත් ඉදිරියට ගෙන යාමයි. නව නිර්මාණයක් බිහිකරගැනීම උදෙසා විචාරයෙහි නිරත වීම තවත් අරමුණකි. සනත්ට, නිර්මාණාත්මක සිනමා කෘතියක් බිහිකර ගැනීමේ ශඛ්‍යතාවන් ඇති බව මෙම පූර්ව අභ්‍යාසය තුළින් පසක් වෙයි. සනත්ව මෙම පූර්ව අභ්‍යාසයෙහි හිර නොකර, එතැන නතර නොකර සිනමා කෘතියක් බිහි කරගැනීම සඳහා තල්ලූ කර ගත හැකි නම් එය යහපතකි. එහෙත් පෙනෙන ආකාරයකට, සනත් මෙයින්ම සුරතාන්තයට පත්ව ඇති සෙයකි. සේපාල් අමරසිංහ වැනි කුලියට ගත් විචාරකයන් හරහා සනත් සනත්ගේම වල කපා ගනිමින් සිටී. පඩියට ප‍්‍රශස්ති ගැයීම සේපාල්ට යහපතක් වුවත් සිනමාවේ අනාගතය ගැන සිතන්නියට එය ඛේදවාචකයකි.

 
 

Comments

  1. මෙම විචාරයක් නොවන කෙටි ලිපියේ අරමුණව තිබෙන්නේ මට දැනෙන ආකාරයට චිත්රපට විචාරක හෝ විචාරක නොවන සේපාල් ට අභියෝග කිරීමයි. එයට හේතුව ලෙස මා දකින්නේ සේපාල් එක්ස්ට අභියෝගයක් වී ඇති හෝ ඇතිවෙමින් හෝ තිබෙන බවයි. එය පැරණි ‍දේශපාලනික භාවිතයක් හැර අන් දෙයක් ලෙස පෙනෙන්නේ නැත. මෙම ලිපියෙහි වඩාත් ඉස්මතු වන්නේ විචාරය නැමැති විෂයය ඉස්මතු කරවීමටය. එය හා එකමත් එක රටක අතර ඇති සම්බන්ධය කෙසේ දැයි වෙනම ලිවීමට සිදු වනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා