GSP+ බදු සහනය තවදුරටත් ලංකාවට ලබාදිය යුතුද නැත්ද යන්න ගැන යුරෝපා සංගමයේ විමර්ශනය ඔක්තෝබරයේ අවසන්

(2009 ජුලි 13) GSP+  බදු සහනය තවදුරටත් ලංකාවට ලබාදිය යුතුද නැත්ද යන්න තීරණය කිරීම පිණිස යුරෝපා සංගමය විසින් කරනු ලබන විමර්ශනය ඔක්‌තෝබර් මාසයේදී අවසන් වීමට නියමිත බව වාර්තා වේ. ඉන්පසු එම විමර්ශන වාර්තාව යුරෝපා සංගමයේ කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත. ලංකාවට තව දුරටත් GSP+ බදු සහනය ලබාදිය යුතුද නැද්ද යන්න ගැන තීන්දුවක්‌ දෙසැම්බර් මාසය වනවිට ලැබීමට නියමිතය. 


ලංකාවේ මානව හිමිකම් තත්වයේ යම් යම් ගැටළු නිසා මෙම සහනය දීර්ඝ කිරීම පිළිබඳ අර්බුදයක් ගිය අවුරුද්දේ ඇති වූ අවස්ථාවේ මෙම විමර්ශනය සිදු කිරීමට යුරෝපා සංගමය තීරණය කළ අතර එය අවසන් වන තුරු වසරක් සඳහා සහනය දීර්ඝ කරන ලදී. එය තව තුන් වසරක් දීර්ඝ වන්නේ ද නැද්ද යන්න තීරණය වන්නේ මෙම විමර්ශනයෙන් අනතුරුවයි. 


GSP+ යටතේ යුරෝපා සංගමයේ රටවලට කරනු ලබන ඇඟලුම් ඇතුලු අපනයන ගණනාවකට තීරුබදු සහනයකින් යුතුව වෙළඳපොලට පිවිසීමේ අවස්ථාව ලැබේ. එය අහිමි වීම සමග ලංකාවේ නිෂ්පාදනවලට චීනය වැනි රටවල අඩු විළ නිෂ්පාදන සමග විවෘත වෙළඳපොළේ තරග කිරීමට සිදු වේ.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා