සභාපතිට පාඩුවේ ඉන්න නොදුන්නොත් චිත්‍රපට සංස්ථාව වහනවා - ජනාධිපති ලේකම්

(2009 ජුලි 31 - W3Lanka) ‘තමුසෙලාට CTB එකට සතොසට හා සළුසලට කරපු දේ චිත‍්‍රපට සංස්ථාවටත් කරගන්න  ඕනද?  ඕනවට වඩා දැඟලූවොත් ඔය කෙහෙල්මල වහල දානවා. සභාපතිට පාඩුවේ ඉන්න දීපල්ලා යනුවෙන් පවසා ජනාධිපති ලේකම්වරයා චිත්‍රපට සංස්ථාවේ ප්‍රශ්න පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලයට ගිය පාලක පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිත පිරිසකට බැනවැදී එලවාගෙන ඇති බව යුනියන්ස් ලංකා වෙබ් අඩවිය පවසයි

මෙම බැනුම් ඇසීමට සංස්ථාවේ උපදේශක ටී.එම්. සංඝදාස ද සහභාගී වී ඇත.

චිත‍්‍රපට සංස්ථා සේවකයන්ගේ දීමනා අතිකාල කප්පාදු කර ඇති අතර වර්තමාන සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ පරිපාලන දුර්වලතා හේතුවෙන් සංස්ථාව පාඩු ලබමින් තිබෙන අතර ඒ මත සේවක අයිතීන් ද කපා හැරීමට එහි පාලනයට සිදුව ඇත

Comments

  1. එතකොට චිත්තරපට සංස්ථාව අයිති ඒකෙ සේවකයින්ටයි, ජනාධිපති ලේකම්ටයි ද? ජනාධිපති ලේකම් ඕන විදියට වහල දාන්න ඒක කාගෙ එකක්ද? මොකටද දන්නෙ නෑ චිත්තරපටි සංස්ථාව තියෙන්නේ.. දැන් මේ රටේ මිනිසුන් නැත. සිටින්නේ රණ විරුවන් පමනි. දැන් රණවිරුවන්ගෙන් වැඩක් නැත. ඒ නිසා මිනිසුන්ගෙන්ද වැඩක් නැත. ඇමතිලාට උවමනා විදියට කලාව වෙනස් කරන රටේ... වැඩිහිටියන්ට පමණයි නැති කරන්න යන පොඩිහිටියන් ඉන්න රටේ මොනවා වෙනවද මන්දා.. එක්කෝ මේව විහිලු විදියට පිලිගන්න වෙනවා. එහෙම නැත්ං බරපතල ප්රකාශ... මේ දෙනෙක්ම වැඩක් නෑ... හේතුව මේ ගැන කතා කරන්නේ තීරණය කරන්නේ විචාරය කරන්නේ සියල්ල ඔවුන් වීමය...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා