හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වන්න යයි?

(2009 ජුලි 05) ජාතික හෙළ උරුමය හෙට ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවෙන් පසුව රජයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති. 


ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් සුළුතර ජාතීන්ට බලය බෙදීම සංකල්පයක් ලෙස මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ජාතික හෙළ උරුමය රජයේ සිංහල ආධිපත්‍යය අනුමත කරයි. එවන් තත්වයක් තුළ, රජය පොලිස් හා ඉඩම් බලතලද පළාත් සභාවලට ලැබෙන පරිදි 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්නට යාම විසින් ජාතික හෙළ උරුමය බලවත් අපහසුතාවතට පත් කර තිබේ. 


ජාතික හෙළ උරුමයේ ප්‍රධානම තරගකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීමත් සමගම තම පක්ෂයේ ඡන්ද පදනම් බිඳ වැටෙනු ඇතැයි හෙළ උරුමය බියට පත් වී තිබේ.


එහෙත්, බලවත් ජනාධිපතිවරයා හා රජය සමග ඍජු ගැටුමකට යාමට හෙළ උරුමය මේ මොහොතේ සූදානම් නැති අතර, ඔවුන් විසින් අනාගතයේ ගනු ලබන ක්‍රියාමාර්ග තීරණය වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ක්‍රියා කරන ආකාරය අනුව බව නිරීක්ෂකයෝ පවසති.
Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා