Posts

Showing posts with the label Sinhalese language

ලංකාවට ඉන්දියාවෙන් උගත හැකි පාඩම නම් භාෂා ආගමික භේදයකින් තොරව සෑම ඉන්දියානු පුරවැසියකුම සමාන වීමයි - රාමචන්ද්‍ර ගුහා

Image
(ජුලි 05, 2009) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව අත් කර ගත් ජයග්‍රහණය සමග ජයෙන් පිනා ගිය තත්වයකට පැමිණීම ශ්‍රී ලංකාවට විපත්තිදායක බවද, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හා බහුත්වවාදයට අවස්ථාවක් දීමට කාලය බවද ඉන්දියාවේ බැංගලෝර්වාසී කීර්තිමත් ඉතිහාසඥයකු හා චරිතාපදාන රචකයකු වන රාමඩන්ද්‍ර ගුහා පවසයි. ලන්ඩනයේදී 2009 වසරේ නේරු අනුස්මරණ දේශනය "දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රඩණ්ඩත්වය" මැයෙන් පවත්වමින්, ජම්මු හා කාශ්මීරයත් ශ්‍රී ලංකාවත් අතර සමානත්වය පෙන්වා දෙමින් ගුහා පවසන්නේ කාශ්මීරය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් වන්නේ යම් සේ ද දෙමළ ජනයාට සලකන ආකාරය ලංකාවේ ප්‍රජාතනත්‍රවාදයේ අසාර්ථකත්වයේ සංඥාව බව පවසයි. භාෂාව, ඇඳුම හා විශ්වාසයන් විෂයෙහ් සංස්කෘතික බහුවිධභාවය ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෑරුම් කොටසක් බව ද, ලංකාවේ උතුරේ මැතිවරණ දූෂණවලට අමතරව, භාෂාව හා ආගම සම්බන්ධයෙන්ද වෙනස් කොට සැලකීම් ඇති බව ද ගුහා කීවේය. 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් ඇරඹුණු සිංහලය සුපිරි තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය 1972දී බුද්ධාගම නිල ආගම බවට පත් කිරීමෙන් තීව්‍ර වූ බවද, එමගින් බ...

හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වන්න යයි?

Image
(2009 ජුලි 05) ජාතික හෙළ උරුමය හෙට ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවෙන් පසුව රජයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.  ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් සුළුතර ජාතීන්ට බලය බෙදීම සංකල්පයක් ලෙස මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ජාතික හෙළ උරුමය රජයේ සිංහල ආධිපත්‍යය අනුමත කරයි. එවන් තත්වයක් තුළ, රජය පොලිස් හා ඉඩම් බලතලද පළාත් සභාවලට ලැබෙන පරිදි 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්නට යාම විසින් ජාතික හෙළ උරුමය බලවත් අපහසුතාවතට පත් කර තිබේ.  ජාතික හෙළ උරුමයේ ප්‍රධානම තරගකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීමත් සමගම තම පක්ෂයේ ඡන්ද පදනම් බිඳ වැටෙනු ඇතැයි හෙළ උරුමය බියට පත් වී තිබේ. එහෙත්, බලවත් ජනාධිපතිවරයා හා රජය සමග ඍජු ගැටුමකට යාමට හෙළ උරුමය මේ මොහොතේ සූදානම් නැති අතර, ඔවුන් විසින් අනාගතයේ ගනු ලබන ක්‍රියාමාර්ග තීරණය වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ක්‍රියා කරන ආකාරය අනුව බව නිරීක්ෂකයෝ පවසති. Related articles by Zemanta The linguistic roots of ...