කේ.පී.ට සමාව දෙන එක වැරදි ද? | Is pardoning KP wrong?
( 2010 අගෝස්තු 27, W3Lanka ) ආණ්ඩුව කේ.පී.ට දී ඇති බව පෙනෙන සමාව ගැන සමාජයේ කතිකාවක් ඇති වී තිබේ. කලක් කොටි සංවිධානය සමග සම්මුතිය හා බලය බෙදා ගැනීම අවධාරණය කළ අය පවා දැන් කේ.පී.ට දුන් සමාව විවේචනය කරති. යුද්ධය ඇති නොවී සාම ක්‍රියාවලිය ඉදිරියට ගියේ නම් කේ.පී.ට පමණක් නොව ප්‍රභාකරන්ට ද නීතියෙන් මුක්තිය ලබා දීමට සිදු වේ. නේපාලයේ වඩාත් ම අවශ්‍යව සිටි කැරැලි නායකයා වන මාඕවාදී ව්‍යාපාරයේ නායක ප්‍රචණ්ඩා සාම ක්‍රියාවලිය ඔස්සේ පසු කලෙක එරට අගමැති වීම නිදසුනකි. ඇත්තෙන් ම කීවොත් බොහෝ දේශපාලන වීරයන් හා ත්‍රස්ත නායකයන් අතර වෙනසක් නැත. දිනන එකා වීරයා වී කිරුළු පළඳින අතර පරදින එකා ත්‍රස්තවාදියා වී සොහොන් බිමකට ද අහිමිව මිය යයි. කේ.පී.ට සමාව දීම හා සමාන්තරව සරත් ෆොන්සේකාගේ තරු ගැලවීම ද සිදු විය. එහෙත්, මෙම ලිවීමේදී අපි එය කේ.පී.ට සමාව දීම හා සම්බන්ධ කර ගන්නේ නැත. මෙම සිද්ධි දෙක තුලනය කර ගැනීමේ අවුල ලිහා ගැනීම රාජපක්ෂ පාලනය විසින් කළ යුතුව ඇති දෙයකි. ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවේ අභියෝගයට මුහුණ දීම පිණිස කේ.පී. උපයෝගී කර ගැනීම දීර්ඝකාලීනව කෙතරම් දුරට සාර්ථක වේ ද යන්න කාලය විසින් තීරණය...