ජවිපෙ මන්ත්‍රීන් තිදෙනා කොම්පියුටර් ගේමකට සුදුසු සිරා වැඩකාරයෝ ය | JVP MP's Galle operation - a computer game

(2010 අගෝස්තු 13, W3Lankaනීති විරෝධී පෙළපාළියක් පැවැත් වූ බවට අත්අඩංගුවට ගෙන පොලීසියේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් මුදාහරින ලෙස තර්ජනය කරමින් ගාල්ල පොලිසියේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා අජිත් කුමාර ද, දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ ද යන තිදෙනා පොලිසිය විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇති බව දිනමිණ ඇතුළු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.


පොලිසිය කියන පරිදි සැකකාර මන්ත්‍රීවරුන් පොලිස් නිලධාරින්ට පහර දී ඇත්තේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයන් මුදා හරින ලෙස ඉල්ලමිනි.


සැකකරුවන් රඳවා සිටි ගාල්ල පොලිසියේ සිර මැදිරිය අසලට අනවසරයෙන් ගොස් ඇති මන්ත්‍රීවරුන් එම සැකකරුවන් මුදා ගැනීමට උත්සාහ දරා ඇති බව රාජ්‍ය මාධ්‍ය කියයි.


මුන් තුන්දෙනා නම් සිරා වැඩකාරයෝ තිදෙනෙකි. පොලිසිය තුළට ගොස් පොලිසියට පහර දී සිරකරුවන් මුදා ගන්නා මෙවැනි මෙහෙයුම් මෑත කාලයේදී නම් අප දුටුවේ පරිගණක ක්‍රීඩාවල පමණි.


මෙයින් පෙනෙන්නේ ලංකාවේ පොලිසිය අද පත් වී තිබෙන තත්වයයි. ප්‍රජාතන්ත්‍රවාදී වෙලා, වෙලා, වෙලා, වෙලා මේ වන විට පොලිසිය කවුරු හෝ එක කම්මුලකට පහර දුන්නොත් අනෙක් කම්මුලත් පාන තත්වයට පත් වී තිබේ. 


ඇත්තෙන් ම අපි දැන් දැන් යමින් තිබෙන්නේ සරා ගොයියාගේ යුගයටයි. මෙතැන සරා ගොයියා කියන්නේ සරත් ෆොන්සේකා හෝ සරත් එන්. සිල්වා නො වන බව කරුණාවෙන් සලකන්න. මේ සරා ගොයියා වනාහි තුවක්කුවක් කරේ තබා දවසක් දඩයමේ ගිය සරා ගොයියා ය.


'දුවන්නටත් අද ලයිසන් - ගන්නට ඕනැද රළහමි'


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. හෙහ්..තියනව නං සරා ගොයියගෙ සිංදුව upload කරන්න. පට්ට සිංදුවක් ගුවන් විදුලියෙන් විතරයි මමත් අහල තියෙන්නෙ.
    /කුම්භකර්ණයා

    ReplyDelete
  2. @/කුම්භකර්ණයා

    http://www.youtube.com/watch?v=f_xTvHBLmZI

    ReplyDelete
  3. අනේ ගොම් පකයෝ උඹ මොනවා හරි ලියන එකෙක් නේද ජවිපෙ විජිත හේරත් තමන් විසින් හදාගත් රොකට් එකකින් හදට ගිහින් ආවා කියලා ආන්ඩුවේ මාධ්යන කීවොත් උඹ පිලිගන්නවද. ඈ බූරුවෝ පොලිසියේ රැදවියන් තබන සිර මැදිරි තියෙන්නේ උබේ අම්මගේ රෙද්ද අස්සේ කියලද හිතාගෙන ඉන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා