වැඳිල්ල කිච වුණ හැටි
(2010 අගෝස්තු 22, W3Lanka) පහත පළ වන්නේ ලංකාවේ සරසවි ආචාර්යවරයකු විසින් කරන ලද ප්‍රකාශයකි. බොහෝ ධනාත්මක චින්තන කතාවල මෙන් මේ කතාවේ ද අදාළ පුද්ගලාගේ නම හෝ සිද්ධිය වූ වකවානුව ද සිද්ධියේ අග මුල ද සඳහන් වන්නේ නැත.
එක් වරක, අවසන් වසර සිසුනට ආචාර්ය මණ්‌ඩලය විසින් පැවැත්වුණු භෝජන සංග්‍රහයක් අවසන දී, සිසූහු සිය ගුරුවරුනට වැන්දහ. එතැන සිටි හුදු තර්කඥනය හා බ්‍රෙෂ්ට් වැනි නාට්‍යකරුවකුගේ දෘෂ්ටිය ආගම සේ ඇදහූ ඇදුරෙක් මෙසේ කීය.
"මේ ඉන්නෙ පැරණි තක්‌සලා නුවර දිසාපාමොක්‌ලා නොවෙයි. ඔය වඳින පුරුද්ද නැතිකරගන්ට".
සිසුන් එවිට ඒ ඇදුරාට පමණක් නොවැඳ අනෙක් ඇදුරන්ට වැන්දහ. වසර කීපයක් ගතවිණි. සිසුන් හා ඇදුරන් අතර ඇතිවූ කලබැගෑනියකදී පෙර කී ඇදුරාට සරච්චන්ද්‍ර රංග පීඨයේදී සිසුන් විසින් එල්ල කරන ලද වර්චස් ප්‍රහාරයක් වැදුණි. සංස්‌කෘතියක ආචීර්ණ කල්පිකව ගැබ් වූ සාකල්‍යයෙන් යහපත් වූ හුරු පුරුදු ඉවත් කිරීමට කැස කවන උගතෙකුට නමුත් සොබා දහම නපුරු ලෙස පිළිපදින බවට එය මනා සාධකයකි.
-ආචාර්ය සාලිය කුලරත්න
අංශාධිපති - සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය (දිවයින, අගෝස්තු 22)
හාමුදුරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට වැඳිල්ල සිංහල සංස්කෘතියේ තිබුණු එකකි. එය ආදරය, ගෞරවය ප්‍රකාශ කරන සිංහල ආකාරයක් විය.
එහෙත්, වැඳිල්ල සිදු වූයේ විශේෂ අවස්ථාවලදී පමණි. නිදසුනක් ලෙස දොට්ට බහින වාරයක් පාසා මව්පියන්ට වැඳීමේ සිල්ලර චාරිත්‍රයක් සිංහල සමාජයේ තිබුණේ නැත. කාල පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ගුරුවරුන්ට වඳින සම්ප්‍රදායක් සිංහල පාසල්වල මෑතක් වනතුරු ම තිබුණේ නැත.
වැඳිල්ල කිච කිරීම ආරම්භ කළේ රූපවාහිනී ටෙලි නාට්‍යයි. ඒ කිච කිරිල්ල උපරිම කළේ විචිත්‍ර ධර්ම කථික ගොමරිති උඩ ආ මෑත කාලීන බෞද්ධ උන්මාදය තුළයි.
දැන් වැඳිල්ල සහ ගෞරවය, ආදරය අතර ඇත්තේ සුළු සම්බන්ධයකි. පාසලේදී හා පවුලේදී අද වැඳිල්ල අධිපිවාදයේ හා පරපීඩකත්වයේ සංකේත වේ.
දේශපාලනයේදි නම් වැඳිල්ල පීචංකමේ, දීනකමේ, කපටිකමේ හා කුහකකමේ සංකේතයකි.
'වැඳපිය!' යන වදනට නව අරුත් එක් වන්නේ මෙම සංදර්භය තුළයි.
You may also like to read our English blog Lanka Polity

Sisun evita ..... aduranta vendaha. Is this Sinhala?
ReplyDeleteMeka Aacharya varayakuge lipiyaka neda?