ආගමේ නාමයෙන් කෙරෙන සියලු හිංසනයන් පිටුදැකිය යුතු ය | Cruelty covered to religion should be banned

(2010 අගෝස්තු 31, W3Lankaමුන්නේශ්වරමේ සත්ව බිලි පූජාව ආගමේ නාමයෙන් සිදු වු කෲර හිංසනයක් බවට කිසිදු විවාදයක් නැත. 


මිනිසුන් මස් ආහාරයට ගැනීම පිළිබඳ අපගේ විරෝධයක් නැති මුත්, ශිෂ්ටත්වයෙන් අංශු මාත්‍රයක් හෝ තිබෙන සමාජයකට නො හොබිනා වූ, ප්‍රදර්ශනාත්මකව පැවැත්වෙන මෙවැනි කෲර සත්ව හිංසනයන් අනිවාර්යයෙන් ම තහනම් කළ යුතු ය. 


එහෙත්, ඒ සමගම සිතිය යුතු තවත් කාරණා තිබේ. ආගමේ නාමයෙන් කටු ගසාගෙන, කොකුවලින් එල්ලීගෙන වීදිවල ප්‍රදර්ශනය වෙමින්, සෙසු මිනිසුන් තුළ පිළිකුල හා සංත්‍රාසය ඇති කරන මිනිස් ස්වයං හිංසනයන් පිළිබඳව ද අප සිතා බැලිය යුතුව තිබේ. 


එසේ ම, සාමාන්‍ය ජිවිතයේදී දිනකට සැතපුම් පනහකටත් වඩා සැරිසැරීමේ ජෛවී අවශ්‍යතා ඇති අලි ඇතුන් අල්ලා, මුළු ජීවිත කාලය පුරා ම යදමින් බැඳ තබා උමතු තත්වයට පත් කර, කකුල් හතර හරි හැටි සොලවන්නටත් බැරි ලෙස යදමින් බැඳ, නුහුරු ඇඳුම් අන්දා සාදු, සාදු කියමින් පෙරහරවල ගෙන යමින් කරන සත්ව හිංසනයට බුදුන්ගේ බුදු දහම අදහන බෞද්ධයන්ට නම් එකඟ විය නො හැකි ය. 


බුදුන්ගේ බුදු දහමට අදාළ නො වන ආගමික, සංස්කෘතික, සම්ප්‍රදායික, ව්‍යාපාරමය, සංචාරක, රාජ්‍ය ආදී එකී මෙකී කාරණා මැද අඩු තරමේ මේ සතුන්ට පෙරහර නැති කාලයට හෝ යම් සහනයකින් ජීවත් වීමට පහසුකම් සැලසීමේ වගකීමක් බලධාරීන්ට තිබේ. 


ජේසු බිළිඳුන්ගේ උපත සමරන්නට ඇතැමුන් ඌරන් මරන්නේ කලින් දවසේ ඌට පොලුවලින් පහර දී මස හොඳින් තැලීමෙන් පසුව බව අප අසා ඇත. 


ආගමේ නාමයෙන් දෙමස් වියැති දරුවකුට කිරි පොවන බාල වයස්කාර මවකට පිරිමි සියයක් පමණ එක් වී පොල් පිතිවලින් තැලූ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව හෝ තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත. 


සමාජය ශිෂ්ට කිරීමට නම් පළමුකොට ආගමික ආයතන නූතන තත්වයන්ට ඔබින අන්දමින් ශිෂ්ට විය යුතු ව තිබේ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Thamange mathayata nogalapena da thahanam kala yuthui. Ehemada?

    ReplyDelete
  2. එහෙත් අශිෂ්ඨ දේශපාලනික ආයතන රැක ගැනීමෙන් සමාජය අශිෂ්ඨ කිරීමේ පුරෝගාමිත්වයත් දරන්නෙ ආගමික ආයතන නේද?

    ReplyDelete
  3. ඇනො
    දැන් එකට එකඟද, ආගමෙ නාමයෙන් සත්තු මරන එක හරිද.. ඔයාගෙ මතයට එක එකඟද.. ඉලඟට අමරණිය වෙන්න මිනිස්සු මරන්න ගත්දි, ඔයාගෙ දරුව ව උස්සන් ගිහින් මරද්දිත්, ඔයා මෙතන ඇවිල්ලා කියයි නෙද, මෙක තමයි ප්‍රජාතන්ත්‍රවාදය, ඔනැම ආගමක් නිදහසෙ ඇදහීමෙ අයිතිය තියනවා. ඉතින් ඔනා කෙනෙකුට බිලි පුජා කරන්න අයිතියක් තියනවා.

    ReplyDelete
  4. Rava,
    Oyage tharkaya gon tharkayak. Oyage tharkaye hetiyata minissunwa marana eka prajathanthravaadi kriyavak. Eka ehema ne.

    Lankawe eluwontath prajanthanthrawadi aiythin thibbanam oka weradiy. Ehema ne ne?

    Mata hitha ganna beri ai kawuruwath mas kada walata kata arinne neththe kiyala. Eka jiivithayata avashya deyak kiyana gon tharke genna lesthi wenna epa, mokada mas noka marichcha minissu ne ne? (Ehemanam Indiawe baagayak minissu pana adinna one).

    Saththu mariima mona hethuwak nisa wath mage mathayata ekanga ne, ehemai kiyala anith minissunge aiythin paaga dammanna aiythiyak mata ne.

    ReplyDelete
  5. @Anonymous බිලි දීම, සත්ව බිලි මෙන්ම මනුශ්‍ය බිලිදීමද ලංකාවේ එදා වාගෙම අදත් සිදුවෙනවා. ඒ වා තහනම් කීරීම මතවාදයක් නොවෙයී.

    ReplyDelete
  6. kolu,
    Manushya bili deem lankawe wenawanam, ita wirudhdhawa pahadili neethiyak theiyenawa. E neethiya pavichchi karanna. Mathawada dakwanna avashyathawak nehene?

    Sathva ghaathanayata wirudda neethiyak lankaawe ne. Eka nisa thamai ita wiruddha weema mathawaadyak wenne.

    Aagame naamayen sathwa ghaathanaya thahanam karaa kiyamuko. Ethakota kanna maranna puluwanda? Oya 500 marala anubhawayata gaththoth awulak nedda?

    ReplyDelete
  7. Why reject violence in the name of religions only? The way you wrote this article gives the impression that there are acceptable violence in human society. Violence whether direct or indirect is bad. There is no "justifiable violence". Reject all forms of violence such as class caste, ethnic, communal, nationalist, economic, political etc.

    Also think that religious beliefs should be handled with care. Some of these practices were with those followers for generations. Religion is a human right. Unfortunately some of the world religions are associated with the violent acts man (not women sure) practiced during the primitive days. Let the followers of those religions to think about it and bring changes to those practices. These are handled with care issues. Otherwise these writings are political.

    So our task is to write about the wrongness in using violence to achieve social, political, economic, personal or spiritual goals. Reject all forms of violence - class, elite, caste, communal, nationalist - and war. Then those followers would be educated better. i have one more point...

    What about the violence in media? The most prominent thing is the role of modern media in instigating the enemy mentality among their readers against the people who held the ideas the writer him/her self or their Masters don't like. Think about the Porters (not Reporters) in our media, who are for "His/Her Masters Service" and comes early morning to our breakfast table to fool the half-backed people.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා