මර්වින් සිල්වා නාඩගමේ අවසානය ව්‍යාජ එකක්ද? | Is Mervin Silva melodrama ending rationally?

(2010 අගෝස්තු 11, W3Lankaදරුවකු අසනීප වීම හේතුව ලෙස දක්වමින් ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගි නොවූ සමෘද්ධි නිලධාරියකු ගස් බැඳි මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා එම ධුරයෙන් ඉවත් කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමට ද විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඊයේ (10) ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේය.


දීර්ඝ කාලයක් තිස්සේ මර්වින් සිල්වාගේ අවනිතික ක්‍රියා හේතුවෙන් රජයට ඇති වී තිබෙන අපකීර්තිය හා ඒ පිළිබඳ ඇති මහජන විරෝධය ඇගයීමෙන් අනතුරුව ඔහු ඉවත් කිරීම සිය පැවැත්මට වඩා වාසිදායක බව වටහා ගැනීම මෙම ඉවත් කිරීමට හේතු වී ඇති බව වාර්තා වේ. 


එහෙත්, ජනමාධ්‍ය, පොලිසිය හා ‍ජනතාව ඉදිරියේ රජයේ සේවා ස්ථානයක බලහත්කාරය පාවිච්චි කරමින් රජයේ සේවකයකුට සාපරාධී ලෙස ප්‍රසිද්ධියේ වධ හිංසා පැමිණවීමෙන් මෙම දේශපාලකයා විසින් කරන ලද අපරාධයට එරෙහිව තවමත් නිතිය ක්‍රියාත්මක වී නැත. 


එකී අපරාධය සම්බන්ධයෙන් අපරාධයට ලක් වූ නිලධාරියා පැමිණිල්ලක් කර නොමැති බැවින් ක්‍රියාමාර්ග ගැනීම අපහසු වි ඇති බව ඇඟවීමට ආණ්ඩුවේ දේශපාලනඥයන් ගන්නා උත්සාහය පසුපස ඇත්තේ තව දුරටත් මර්වින් සිල්වා බේරා ගැනීමේ ප්‍රයත්නයකි. 


මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමති ධුරයෙන් පහ කිරීම එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බෑවීමක් වන්නට පුළුවන. පොරොන්දු වූ රු. 2500 වැටුප් වැඩි වීම දෙනවාට වඩා රජයේ සේවකයන්ට මර්වින්ගේ හිස දන් දීම ආණ්ඩුවට ලාභදායී ය. ඕනෑ නම් මර්වින් සිල්වා ටික කාලයක් පසුබිමින් තබා පසුව හෙමින් සැරේ යළි කරළියට ගත හැකි ය. 


අපරාධයක් සිදු වනු නිරීක්ෂණය කළ කිසියම් පොලිස් නිලධාරියකු එය වැළැක්වීමට කටයුතු කර නැතිනම් ඔහු ද එම අපරාධයේ සහායකයකු විය යුතු ය. 


මර්වින් සිල්වා නාඩගම අවසන් වෙමින් ඇත්තේ සිදු විය යුතු පරිද්දෙන් නොවේ. රටේ නීතියක් තිබේ නම් මර්වින් සිල්වා අත්අඩංගුවට ගත යුතු ය. ඔහු පමණක් නොව නීතිය ක්‍රියාත්මක නො කර අපරාධයකට හවුල් වූ පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගත යුතු ය. 


අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණිලි අවශ්‍ය නැත. පැමිණිලි අවශ්‍ය ම නම් වින්දිතයා විසින් ම එය කළ යුතු නැත. 


රටේ නීතියේ පාලනය යළි ඇති කිරීමට අවශ්‍ය නම්, ජනතාවනි, මේ සටන මෙතැනින් නැවැත්විය යුතු නැත. අපරාධකරුවන්ට දණ්ඩනයෙන් නිදහස් වීමට ඇති අවස්ථාව ද අහිමි කළ යුතු ය. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. නීතිය පවතින්නේ පොඩි මිනිසුන් ආණ්ඩු මට්ටු කිරීමටය. රටේ මහ අපරාධකරුවන් කවදත් දේශපාලන උත්තමයොනො. දැනට හිරේ විලංගුවේ ලගින උන්නාන්සෙලාගෙන් දෙතුන් දෙනෙක්ගෙ නම් කියන්න ඔබ තුමාට පුඵවන්ද?

    ReplyDelete
  2. හුරුල්ලාAugust 11, 2010 at 2:30 PM

    ජනතාවනි,......?
    හිතලමද ලිව්වෙ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා