මර්වින් සිල්වා නාඩගමේ අවසානය ව්‍යාජ එකක්ද? | Is Mervin Silva melodrama ending rationally?
(2010 අගෝස්තු 11, W3Lanka ) දරුවකු අසනීප වීම හේතුව ලෙස දක්වමින් ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගි නොවූ සමෘද්ධි නිලධාරියකු ගස් බැඳි මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා එම ධුරයෙන් ඉවත් කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමට ද විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඊයේ (10) ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේය. දීර්ඝ කාලයක් තිස්සේ මර්වින් සිල්වාගේ අවනිතික ක්‍රියා හේතුවෙන් රජයට ඇති වී තිබෙන අපකීර්තිය හා ඒ පිළිබඳ ඇති මහජන විරෝධය ඇගයීමෙන් අනතුරුව ඔහු ඉවත් කිරීම සිය පැවැත්මට වඩා වාසිදායක බව වටහා ගැනීම මෙම ඉවත් කිරීමට හේතු වී ඇති බව වාර්තා වේ. එහෙත්, ජනමාධ්‍ය, පොලිසිය හා ජනතාව ඉදිරියේ රජයේ සේවා ස්ථානයක බලහත්කාරය පාවිච්චි කරමින් රජයේ සේවකයකුට සාපරාධී ලෙස ප්‍රසිද්ධියේ වධ හිංසා පැමිණවීමෙන් මෙම දේශපාලකයා විසින් කරන ලද අපරාධයට එරෙහිව තවමත් නිතිය ක්‍රියාත්මක වී නැත. එකී අපරාධය සම්බන්ධයෙන් අපරාධයට ලක් වූ නිලධාරියා පැමිණිල්ලක් කර නොමැති බැවින් ක්‍රියාමාර්ග ගැනීම අපහසු වි ඇති බ...