ගරු කතානායකතුමනි, පොලිසිය හරි ම නෝටි ය - විජිත හේරත්

(2010 අගෝස්තු 18, W3Lankaප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් 89 කැරැල්ලෙන් පසු තෙලවල රැඳවුම් කඳවුරේ සිටියදී කරන ලද උද්ඝෝෂණයකදී පොලිසියෙන් ගුටි කා තුවාල ලැබුවේ ය. 

පසු කලෙක ඔහු ගරු ගාම්භීර සංස්කෘතික ඇමති වී සිටියදී දිනෙක පොලිසියට විරුද්ධව මානව හිමිකම් නඩුවක් කීමෙන් පසු ඝාතනයට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාධරයකුගේ මළ ගෙදරට ඔහු පැමිණ සිටියදී මෙම ලේඛකයා එවකට වැඩ කරමින් සිටි පුවත්පත වෙනුවෙන් සිද්ධිය පිළිබඳ ඔහුගේ අදහස් විමසී ය. ඔහු අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේ ය. 

මේ පසුගියදා ගාල්ල පොලිසියෙන් ගුටි කා, ලොකප් වී, රිමාන්ඩ් බන්ධනාගාරගත වි සිට ඇප ලබා පැමිණ, මහජන දේපලවලට අලාභ හානි කළේ යයි නඩුවකට ද පටලැවී සිටින විජිත හේරත් පාර්ලිමේන්තුවේදී මතු කරන ලද රීති ප්‍රශ්නයකි. 
 ගරු කතානායකතුමනි,


2010.08.12 වන දින සවස ගාල්ල නගරයේදී පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයට ගාල්ල පොලිසිය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය පිළිබඳව පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහ පෞද්ගලිකව මමත් එදින සවස 5.00ට පමණ ගාල්ල පොලිසිය වෙත ගියෙමු. පළමුව පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා මුණ ගැසී ඒ බව ඔහු වෙත දැන්වීමු. ඉන් පසු පැමිණිලි සටහන් කරන ලද ස්ථානයට ගිය විට එහි සිටි පොලිස් පරීක්ෂක ආරියසේන මහතා විසින් ඒ මොහොතේ පැමිණිල්ල ලියා ගැනීම සඳහා ප‍්‍රමාණවත් නිලධාරීන් නොමැති බව දැන්වීය. ඒ සඳහා යම් කාලයක් ගත වන බව දැන ගත් පසු අජිත් කුමාර මන්ත‍්‍රීතුමාත් මමත් නැවත පොලිස් අධිකාරීවරයා මුණ ගැසී ඒ බව දැන්වීම සඳහා ඔහු සිටින ස්ථානයට යාමට පිටත් වුණෙමු. එහිදී පොලිස් කොස්තාපල්වරයකු අපට ඇතුළුවීමට ඉඩ නොදී බාධා කරන ලදී. එවිට මා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් බවත් පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බවත් ඔහු වෙත දැන්වීමි. එය නොසලකමින් ඔහු එක්වරම මගේ බෙල්ලෙන් අල්ලා පස්සට තල්ලූ කරනු ලැබුවේය. ඒ මොහොතේම ඔහුත් ඒ අසල සිටි පොලිස් පරීක්ෂක ඩයස් මහතාත් තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම එකවර මගේ හිසට පපුවට හා මුහුණට තදින් පහර කීපයක්ම එල්ල කරනු ලැබූහ. ඒ මොහොතේ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාත් පොලිස් ස්ථානාධිපති කිරිඇල්ල මහතාත් එම ස්ථානයේ මෙම සිද්ධිය බලාගෙන සිටියත් ඔවුන් එය වැළැක්වීමට කිසිදු පියවරක් ගනු නොලැබීය. එකවරම පොලිස් අධිකාරීවරයාගේ නියෝගයක් මත පොලිස් ස්ථානාධිපති කිරිඇල්ල මහතා, එතැන සිටි පොලිස් නිලධාරීන්ට මාවත්, පා. ම. අජිත් කුමාර මහතාත් පළාත් සභා මන්ත‍්‍රී නලීන් හේවගේ මහතාත් කූඩුවට දමන ලෙස නියෝග කරනු ලැබීය. ඉන් මොහොතකට පසු අප විසින් පොලිස් නිළධාරීන්ට පහර දුන් බවට වූ අභූත චෝදනාවක් අප වෙත යොමු කර අපව අත්අඩංගුවේ රඳවා ගනු ලැබීය. පැමිණිල්ල විත්තිය බවට පත් කරනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අපට පොලිසිය විසින් කරන ලද මෙම පහරදීම හෝ පැවති උද්ඝෝෂණය පිළිබඳ පැමිණිල්ල සටහන් කිරීමට අප ඉල්ලා සිටියද එයට අවස්ථාවක් ලබා නොදුනි.


ගරු කතානායකතුමනි,


පාර්ලිමේන්තුමන්ත‍්‍රීවරුන් වන අපට පොලිසියකදී මෙසේ පහර දෙනු ලබන්නේ නම් සාමාන්‍ය සිවිල් පුරවැසියකුට මුහුණ පාන්න සිදුවන තත්වය ඉතාම ගැටලූ සහගතය. එබැවින් මේ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.


පාර්ලිමේන්තුමන්ත‍්‍රීවරුන් වන ඔබට එවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ ඔබ ආණ්ඩු සමග දීග කෑ හා මේ  ආණ්ඩු රැක ගන්නට දිවි හිමියෙන් සටන් කළ දිගු කලකට පසු ය. ඒ කාලය තුළ මහජන ආරක්ෂක ආයතනය වන පොලිසිය පිරිහී තිබේ නම් එයට ඔබ ද වගකිව යුතු ය. මන්ද, ඒ පිරිහීම සඳහා රුකුල් දුන් හදිසි නීතියට ඔබ දිගින් දිගට ම අත එසවූ කාලයක් තිබුණු බැවිනි. ඒ දිසි නීතිය යොදාගෙන ජවිපෙ ශිෂ්‍ය නායකයන් සිරගත කරද්දී පවා ඔබ හදිසි නිතියට පක්ෂ වූ අයුර මතකද?


ගිය දේ වැඩක් නැත. ඔබ විසින් නිර්මානය කරන ලද දුෂ්ටත්වය ඔබේ හිස මත කඩා වැටෙද්දී හෝ ඔබේ ඇස් යළි යථාර්ථය දෙසට විවර වීම ගැන අපි සතුටු වෙමු. ලෝකය මීට වඩා යහපත් තැනක් කිරීම සඳහා අප අරගල කළ යුතුව තිබේ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ආරංචි අනුවනම් පොලීසිය විජිත හේරත්ගෙ රහස් තැන් ඉලක්ක කරගෙනමළු පහර දුන්නා කියන්නේ....

    ReplyDelete
  2. JVP beggers ruined our country. LTTE& JVP both are same, they deserve more punishments. silly idiots.

    ReplyDelete
  3. අනේ ! පොලිස් මාමලා මොන හිතකින් විජිත හේරත්ගේ මූණට අතුල් පහරවල් දුන්නද මන්දා.. :( :(
    -අරෝෂ්-

    ReplyDelete
  4. Forget about the JVP and it’s politics, what’s important is how our judicial system works. We cannot go to the Police and make complain. We cannot go to courts and get the culprits punished. We cannot send LTTE cards to jails but the one who finished them sent to jail. Think about it, we are deteriorating. We are loosing the promised future. We did not scarify our beloved sons and daughters to the war to enjoy this kind of a system.

    The rest of the world moving rapidly towards success, we are still fighting with each other!

    ReplyDelete
  5. Vijitha Herath is a famous "Goni Billek".
    But his statement is true, ie tretement of police towards common people. Not writing complaints against politicos is the best practice.Any way he is harvesting the Thala, he himself has cultivated. Good.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා