Posts

Showing posts with the label පොලිසිය

පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය

කඹුරුපිටියේ පොලිස් නිලධාරියකු හා ඔහුගේ බිරිඳ පොලුවලින් පහර දී අමානුෂික අයුරින් ඝාතනය කිරීම පිළිබඳ සැකයට භාජනය වී තිබුණු සැකකරුවන් පිරිසක් මේ වන විට මරා දමා හමාර ය. දෙදෙනෙක් සිය දිවි නසා ගත් බව කියැවේ. ඔවුන්ගේ ආයුධ පෙන්වන්නට ගිය ගමන තරමක් මහන්සි වී ලියන ලද පිටපතකි. අනෙකා ඊට පෙර සුපුරුදු සාමාන්‍ය අන්දමින් ආයුධ පෙන්නන්නට ගියේ ය. ඔවුන් ඇත්තට ම මේ මිනී මැරුම කළා ද නැතිනම් ඔවුන් පිටින් යන්නට වෙනත් අය එය සිදු කළා ද යන්න පිළිබඳ පරීක්ෂණයක් නැත. පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය. ඒ නිසා මින් ඉදිරියට පොලිසියට කවුරුවත් අත නො ඉස්සිය යුතු ය. මෙහි පාඩම එයයි. එතකොට, මෙවැනි පාඩම් ඉගැන්වීම් නිසා ලංකාවේ අපරාධ අඩු වේවි ද? පොලිසිය පසුගිය කාලයේ පාතාලයේ සෑහෙන පිරිසක් ආයුධ පෙන්නන්නට එක් කරගෙන ගියේ ය. දැන් එතකොට පාතාලයක් නැද්ද? ඒ කියන්නේ ආයුධ පෙන්නන්නට එක්ක යාම ඒ තරම් ඵලදායී වී නැති බව නේ ද?  කඹුරුපිටියේ මිය ගිය පොලිස් නිලධාරියාගේ හා ඔහුගේ බිරිඳ‍‍ගේ ඥාති මිත්‍රාදීන් ඉල්ලා සිටියේ මේ සැකකරුවන් මේ අන්දමින් ම‍රා දමන ලෙස නො වේ ද? දැන් ඔවුන්ට සතුටු ද? දැන් එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකා...

පොලිසිය හා පාතාල ලෝකය අතර වෙනස කුමක්ද?

Image
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධ සිද්ධි දෙකක් වාර්තා වුණා. එයින් එකක් කැකිරාවේ පදිංචිකරුවකු වූ හිටපු පොලිස් පරීක්ෂකවරයකුගේ ඝාතනයකට සම්බන්ධයි. මේ පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත් දෙන්නේ ඔහු සමග එකට ජීවත් වූ කොළඹ හතේ ධනවත් පරම්පරාවකින් පැවත එන කාන්තාවක්. ඔහු ඇයගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලමින් කරදර කරමින් සිටි නිසා ඇය ඔහු මරා දමන්න කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඇගේ රියදුරා ඇතුළු පිරිසක් විසින් ඔහු මරා කිතුල්ගලදී කැලනි ග‍ඟේ ඔබන්නේ පසුගිය ජුනි 21දායි. හැබැයි, මේ සිද්ධිය ඒ දිනවල ම අසු වෙනවා. ඝාතනයට සම්බන්ධ රියදුරා තලංගම පොලිසියට සිද්ධිය හෙළිදරව් කරනවා. ඒත්, තලංගම පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් එක්ව රුපියල් කෝටියක පමණ පගාවක් මිනීමරු ධනවත් කාන්තාවගෙන් ලබාගෙන සිද්ධිය යට ගහනවා. පසුව කොළඹ අපරාධ අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මේ පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙනවා. දෙවන සිද්ධියේදී ඝාතනය වන්නේ කඹුරුපිටි‍යේ පදිංචි, මාතර සේවයේ නියුතු පොලිස් කොස්තාපල්ව‍රයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් දියත් කළ නිලධාරියෙක්. ඔහුගේ නිවස ආසන්නයේ ම පදිංචි ...

මිනිසකු ලවා හරකකුගේ පුක ඉම්බවන උඩුගම පොලිසිය

Image
වාරිස් ඩයිරි මිනිස්සු පරිණාමයේ මුල සිට ම සතුන් දඩයම් කරගෙන මස් කෑහ. එය මිනිස් සමාජයේ සාමාන්‍ය ලක්ෂණයකි. මස් කෑමට අකැමැති,  අහිංසාවාදී මිනිස්සු ද සමාජයේ සිටිති.  මස් කෑම හා සම්බන්ධ විවිධ සංස්කෘතික ලක්ෂණ තිබේ. එක් සමාජයක ආහාරයට ගන්නා මසක් තවත් සමාජයක් විසින් පිළිකෙව් කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. සෝමාලියානු මෝස්තර නිරූපිකාවක් හා ස්ත්‍රී ලිංගේන්ද්‍රිය විකෘති කිරීමේ ගෝත්‍රික චාරිත්‍රයට එරෙහි සමාජ ක්‍රියාකාරිකාවක් වූ වාරිස් ඩයිරි විසින් ලියන ලද කාන්තාරයේ කුසුම නම් වූ ඇගේ ජීවිත කතාවේ එක් තැනක ඇති සිද්ධියක් සිහිපත් වේ. වාරිස් සමග ඇගේ ඥාතීන් හමු වන්නට යන මාධ්‍ය කණ්ඩායමක් ඉදිරියේ සුරතල් කරනු ලබන එළු පැටවකු පසුව මරා උගේ මස් ‍භෝජනය පිණිස පිළිගන්වනු ලැබේ. මාධ්‍යකරුවන් පිරිස එය බුදීමට දක්වන අකැමැත්ත වාරිස්ගේ ඥාති ගෝත්‍රික ජනයාට තේරුම් ගත නො හැකි ය.  බිලි පූජා පැවැත්වීම ද ඇතැම් ආගම්වල සංස්කෘතික අංගයකි. එහෙත්, නූතන සමාජය විසින් අගය කරනු ලබන ශිෂ්ටත්ව සංකල්ප තුළ එවැනි දේ පිටුදකින බැවින් ඒවා වැළැක්විය යුතු බව මගේ ද අදහසයි. අභියාචනාධිකරණය මේ පිළිබඳ වැදගත් වන නඩු තීන්දුවක් දී ති...

අපරාධකරුවකු සමග බොල්ගොඩ ග‍‍ඟේ ඔරු පැද්ද පොලිසිය / How Sri Lanka police killed a suspect (to save life of a constable)

Image
මේ මොරටුවේ මෝදරදී පොලිස් නිලධාරියකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන ලලිත් සුසන්ත නොහොත් 'කොන්ඩයා' නම් පුද්ගලයා මිය ගිය ආකාරය පිළිබඳ පොලිසිය පවසන දෙයයි. ඝාතනය සඳහා යොදාගත් කඩුව බොල්ගොඩ ගඟේ දූපතක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරු මත පොලිස්‌ නිලධාරීන් සැකකරුද කැටුව බෝට්‌ටුවකින් එම ප්‍රදේශයට ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ සැකකරු පොලිස්‌ නිලධාරියකුට පහරදී ඔහු ගඟට තල්ලුකර දමා පලායැමට ගඟට පැන ඇත. එහිදී දැඩි වෙහෙසක්‌ දරා පොලිස්‌ නිලධාරීන් විසින් දියේ ගිලීසිටි සැකකරු සහ පොලිස්‌ නිලධාරියා බේරාගෙන ගොඩට ගෙන ඇත.අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දෙදෙනා ලුනාව රෝහලට ඇතුළත් කළ අතර සැකකරු එහිදී මිය ගියේය. පසුව පොලිස්‌ නිලධාරියා කළුබෝවිල රෝහලට මාරුකර යවනු ලැබීය. -උපුටා ගැනීම දිවයින එක්කෝ ලංකාවේ පොලිසියට මොළේ කළඳක්වත් නැත.තිබුණා නම්, මෙවැනි සැකකරුවකු සමග බොල්ගොඩ ග‍ඟේ ඔරු පදින්නට යන්නේ නැත. එහෙම නැතිනම් පොලිසියට නිර්මානාත්මක ප්‍රබන්ධ ලේඛකයන්ගේ බරපතල හිඟයක් ඇත. පොලිසියට නිර්මානාත්මක ප්‍රබන්ධ සාහිත්‍යය පිළිබඳ පාඨමාලාවක් පවත්වන්නට ජනාධිපතිතුමා පියවර ගත යුතු ය. මන්ද, දැනට ලංකාවේ සිටින හොඳම ප්‍රබන්ධ සාහිත්‍යක...

ජනතාව කරන හැම බලු වැඩක් ම හරි ද?

Image
මේ ලංකා ටෲත් වෙබ් අඩවිය ඊයේ කින්නියා වලිය වාර්තා කළ ආකාරයයි.  කින්නියා වැසියන්ට ජය - අත්අඩංගුවේ සිටි පිරිස් නිදහස් MONDAY, 15 AUGUST 2011 14:47 1 COMMENTS නැගෙනහිර පළාත් ආඥාපතිවරයා, ත්‍රිකුණාමලය දිසාපතිවරයා ඇතුළු 22කගෙන් යුත් පිරිසක් රඳවා ගනිමින් කින්නියා ජනතාව ඉල්ලා සිටි පරිදි අත්අඩංගුවට ගෙන සිටි කින්නියා වැසියන් 25 දෙනා නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව තමන් විසින් රඳවාගෙන සිටි නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් බොනිපස් පෙරේරා, 22වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් හෙට්ටිආරච්චි, ත්‍රිකුණාමලය මහ දිසාපති පී.ටී.ආර්. ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිස නිදහස් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කර තිබේ. මෙම අවස්ථාවට මැදිහත්වීම සඳහා ඒ. එච්. එම්. ෆවුසි, රිසාක් බදුයුදීන්, සහ රවුෆ් හකීම් යන ආණ්ඩුවේ මුස්ලිම් නායකයන් හදිසියේම කොළඹ සිට මෙම ස්ථානයට යැවීමටද ආණ්ඩුව කටයුතු කර තිබිණි. එහෙත් සිය ඉල්ලීම් වෙනස්කිරීමට උද්ඝෝෂකයන් අකමැතිවීම නිසා අත්අඩංගුවේ සිටි ගම්වැසියන් නිදහස් කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ නියෝගයක් මත පොලීසියට සිදුවී තිබේ. නිදහස් කිරීමෙන් අනතුරුව උපදිසාපති කාර්යාලයේ සිරගතව සි...

කුරුණෑගල පොලිස් අධිකාරිට අන්තර්ජාලය කුණුහරුපයක්

Image
(2011 මාර්තු 04,  W3Lanka )  කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කැර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිසිය එම තහනම ක්‍රියාත්මක කර ඇත. එම වයස් සීමාව තුළ සිටින පාසල් ළමුන්ට “ඉන්ටර්නෙට් කැෆේ” වලට ඇතුළුවීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය. පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි. මෙම නීතියට පටහැනිව අවු: 18 ට අඩු ළමුන්ට මෙම ස්ථානවල ගැවසීමට ඉඩ නොදෙන ලෙස ඉන්ටර්නෙට් කැෆේ හිමිකරුවන්ට පොලිසිය අවවාද දී තිබේ. පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර, අසභ්‍ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යන බව අද දිනමිණ පුවත්පත වාර්තා කළේ ය. මේ පොලිස් නිලධාරියා සිතන ආකාරයට ඉන්ටර්නෙට් කියන්නේ අසභ්‍ය වැඩකි. “ඉන්ටර්නෙට් කැෆේ” වලට ඇතුළුවීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් අනිවාර්ය කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැ...

අපරාධකරුවෝ ද මිනිස්සු ය

Image
( 2011 ජනවාරි 03,  W3Lanka )  කෝටි ගණනින් මහජන මුදල් සොරකම් කරනමුත් මේ ‍දේශපාලකයෝ ද මිනිස්සු ය. සෝබනේට ආරක්ෂකයන් පිරිවරාගෙන ගමන් බිමන් ගියත්, නිදහසක් නැති දිවිය උන්ට ම එපා වී ඇති බව තමන්ට නිදහසක් නැති බව කියමින් හිටි ගමන් කරන නාහෙන් ඇඬිලිවලින් පෙනේ.  හැරත්, බලයෙන් ගිලිහුණොත් හිරේ යන්නට සිදු වන බව දැන, දැන දැඩි ආතතියක ජීවත් වීම ම දුකකි.  රටේ නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මහජන සේවය සඳහා ගමන් බිමන් යාමට තීරු බදු රහිතව වාහනයක් ආනයනය කර ගන්නට දෙන බලපත්‍රය හොරට විකුණන මන්ත්‍රීවරු නීතියේ සිදුරුවලින් රිංගා මහජන මුදල් රු. කෝටි එකහමාරක් පමණ මහ දවල් මංකොල්ල කති.  බලපත්‍රය මිළ දී ගත් එකා වැඩි එන්ජින් ධාරිතාවක් ඇති වාහනයක් ගෙන්වූ නිසා බදු ගෙවන්නට සිදු වීමත් සමග එක් ඇමතිවරයෙක් බෙල්ල මුලින් ම මාට්ටු වුණේ ය. බලපත්‍රය විකිණුවත්, හිමිකම් ලේඛන තමන් ළඟ තබා ගන්නා නිසා බදු ගෙවන්නට සිදු වුණේ ඇමති හොරාට ය. තමන් බලපත්‍රය හොරට විකිණූ බව මේ හොරා අදාළ බලධාරීන් හමුවේ පිළි ගත්තත් ඌ කිසි ගින්නක් නැතිව යහතින් සිටියි.  ගිනි පත්තු වන්නේ මෙවැනි හොරුන්ට නො ව 'ද...

මතුගම පොලිසියේ වික්‍රමයක් | How Sri Lanka police tortured an elderly man

Image
( 2010 නොවැම්බර් 30,  W3Lanka )  මේ කතාව ඔබ සමහර විට අසා ඇති. අප එය නැවත පළ කරන්නේ මෙම යූටියුබ් වීඩියෝවේ සිටින වැඩිහිටි පුද්ගලයා විසින් විස්තර කරනු ලබන අත්දැකීමට පූර්විකාවක් ලෙසයි. ඔන්න ලෝකේ හොඳම පොලීසිය තෝරන තරෙඟ පැවැත්වුණලූ. මේක පැවැත්වුනේ පුංචි කැලෑරොදක. තරෙඟදී කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඔන්න තරඟ සංවිධායකයෝ හාවෙකුව කැලෑරොදට නිදහස් කරනවලූ මේ හාවාව අල්ලන එක තමයි තරඟකාරි කණ්ඩායම් වලට කරන්න තියෙන්නේ. ඉක්මනට හාවා අල්ලන අය තමයි ජයග‍්‍රාහකයෝ. අවසාන තරෙඟට ඉදිරිපත් වුනේ ඇමෙරිකාවයි. එංගලන්තයයි. ලංකාවයි. ඉස්සෙල්ලාම ආවේ එංගලන්තේ වාරෙ. ඔන්න ඉතින් පොලිස් කණ්ඩායමක් නවීන තාක්‍ෂණික උපකරණ අරගෙන කැලේට ගියාලූ. ඒ ගොල්ල ගස් වැල් වලින්, ගල්මුල්වලින් පවා ප‍්‍රකාශ සටහන් කරගත්තලූ. සියුම් උපකරණ භාවිතා කරලා හාවාගේ සලකුණු හඹා ගියාලූ. හැබැයි හාවා අල්ලන්න බැරි වුණාලූ. ඊළඟ වාරේ ඇමෙරිකානුවන්ගේ. ඒගොල්ලෝ හෙලිකොප්ටර් වලින් බෝම්බ දාලා රසායනික අවි පවා භාවිතා කරලා අන්තිමේ වාර්තාවක් ඉදිරිපත් කළාලූ හාවා අතුරුදහන් කියලා. ඊළඟට වැඬේට බැස්සේ අපේ කට්ටියලූ. වැඩි සද්ද නැතුව බැටන් පොලූ දෙක තුනක් අරගෙන කැලෑ...

දිනමිණ කර්තෘට වඩා බුද්ධිමත් පොලිසියට මල් කළඹක්; ලෝක ළමා දිනයට 14 හැවිරිදි ළමයකුට දරුවෙක්

Image
( 2010 එක්තෝබර් 01,  W3Lanka )  අපයෝජනයට ලක් වී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන ආණ්ඩුවට අයත් දිනමිණ පුවත්පත කළ මෝඩ පහේ වාර්තා කිරිමක් පිළිබඳ අපි ඊයේ ලියුවෙමු. එම ලිපිය පහත සබඳතා පුරුක ඔස්සේ කියවිය හැකි ය. 14 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට මල් කළඹක් දිනමිණේ තුන්වන පිටුවේ මහජන අවධානය යොමු වන පරිදි පළ කර තිබුණු වාර්තාවක මෙසේ සඳහන් වේ. "පියකු නොමැතිව දරුවකු බිහිකරන්නට කඳුළු හෙළන මේ දැරිය පිළිබඳව කරුණාබරිත වූ දැරියගේ මස්සිනාගේ මිතුරකු ඇයට පිහිට වන බවට ප්‍රතිඥා දුන්නේ එයින් පසුවය. "එහෙත් පෙරේදා (28) උපන් මේ බිළිඳාට රැකවරණය සපයන්නට ඔහුට නීතිය හරස් වී ඇත්තේය. දැරිය අඩුවයසේ පසුවන බැවින් ඔහුට ඇය හා විවාහවීමට නොහැකිය. එහෙත් ඇයටත් බිළිඳු පුතුටත් තෑගි රැගෙන ඊයේ (29) ඔහු කාසල් රෝහලට පැමිණ සිටිනු දක්නා ලදී. "ඇයට සෙනෙහෙබර සැමියකු වීමට තමන් කැමති බවත්, මේ දක්වා ඇයව ආදරයෙන් රැකබලා ගත් බවත් ඔහු ළමා අරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරිනියනට පැවැසුවේය." මෙන්න මේ වාර්තාව තිබෙන දිනමිණ වෙබ් පිටුවට සබැඳියාව. මේවා බලන්නට පම...

කරදියනාරු කඩාකප්පල්කාරී පිපිරීමට වගකිව යුතු කවුරු ද? | Who is responsible for Karadiyanaru dynamite blast?

Image
( 2010 සැප්තැම්බර් 18,  W3Lanka )   ඩයිනමයිට් යනු පහසුවෙන් නො පුපුරන, පිපිරවීම සඳහා කැප් එකක් භාවිතා කර ඇතුළතින් කම්පනයක් සිදු කිරීම අවශ්‍ය, එහෙත්, පුපුරා ගිය පසු ‍අතිශය වේගයෙන් දැවී, වායුව මුදා හැර දැඩි පීඩනයක් මුදා හරින රසායනිකයකි. අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු අනුව, ඩයිනමයිට් යනු නයිට්‍රොග්ලිසරින්  C 3 H 5 (ONO 2 ) 3  නම් පුපුරන රසායන ද්‍රව්‍යය ස්ථාවර කර ගන්නා ලී කුඩු වැනි උරා ගැනීම් මාධ්‍යයකි. නයිට්‍රොග්ලිසරින් දහනය වීම සඳහා අවශ්‍ය ඔක්සිජන් එම අණු තුළ ම තිබෙන බැවින් ඒවා වහා දහනය වෙමින් නයිට්‍රජන් හා කාබන්ඩයොක්සයිඩ් මුදා හරිමින් අධි පීඩනයක් ඇති කරයි.  කරදියනාරු පිපිරීම කඩාකප්පල් ක්‍රියාවක් නො වන හදිසි අනතුරක් බව රජය හා පොලිසිය ප්‍රකාශ කළේ මියගිය ගණන හරියට ම කියන්නත් කලියෙනි. කොහොමද අපේ පොලිසිය? හරක් හොරෙකු අල්ලා ගන්නට බැරි වුණාට, කකුලට වෙඩි තැබූ විට අහක සිටින දරුවකුගේ හිසට වෙඩි වැදුණාට පුපුරන ද්‍රව්‍ය විශ්ලේෂණය සම්බන්ධයෙන් නම් පොලිසිය කෙළ පැමිණ ඇත.  එහෙත්, පොලිසිය ‍නො දන්නා දෙයක් වන්නේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන ආකාරයයි. කිලෝ 700ක් තරම් ව...

ගරු කතානායකතුමනි, පොලිසිය හරි ම නෝටි ය - විජිත හේරත්

Image
( 2010 අගෝස්තු 18,  W3Lanka )  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් 89 කැරැල්ලෙන් පසු තෙලවල රැඳවුම් කඳවුරේ සිටියදී කරන ලද උද්ඝෝෂණයකදී පොලිසියෙන් ගුටි කා තුවාල ලැබුවේ ය.  පසු කලෙක ඔහු ගරු ගාම්භීර සංස්කෘතික ඇමති වී සිටියදී දිනෙක පොලිසියට විරුද්ධව මානව හිමිකම් නඩුවක් කීමෙන් පසු ඝාතනයට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාධරයකුගේ මළ ගෙදරට ඔහු පැමිණ සිටියදී මෙම ලේඛකයා එවකට වැඩ කරමින් සිටි පුවත්පත වෙනුවෙන් සිද්ධිය පිළිබඳ ඔහුගේ අදහස් විමසී ය. ඔහු අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේ ය.  මේ පසුගියදා ගාල්ල පොලිසියෙන් ගුටි කා, ලොකප් වී, රිමාන්ඩ් බන්ධනාගාරගත වි සිට ඇප ලබා පැමිණ, මහජන දේපලවලට අලාභ හානි කළේ යයි නඩුවකට ද පටලැවී සිටින විජිත හේරත් පාර්ලිමේන්තුවේදී මතු කරන ලද රීති ප්‍රශ්නයකි.    ගරු කතානායකතුමනි, 2010.08.12 වන දින සවස ගාල්ල නගරයේදී පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයට ගාල්ල පොලිසිය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය පිළිබඳව පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහ පෞද්ගලිකව මමත් එදින ස...

පොලිසියේ නිල ඇඳුම නම් වෙනස් වේ

Image
(2009 නොවැම්බර් 08 - W3Lanka ) පොලිසියට දැන් පාවිච්චි කරන කාකි නිල ඇඳුම වෙනුවට හමුදාවලට මෙන් නිල ඇඳුම් කීපයක් ලබා දෙන බව නව පොලිස්පති මහින්ද බාලසූරිය පවසයි.   ලබා දෙන නිල ඇඳුම ඝර්ම කලාපීය දේශගුණයට ඔරොත්තු දෙන එකක් බව පොලිස්පතිතුමා පවසයි. මෙමගින් පොලිස් නිලධාරීන්ගේ ශරීර සෞඛ්‍යය යහපත් වනවා සේ ම දැනට මෙම නිල ඇඳුම දැකීමත් සමග ජනතාව තුළ ඇති වන අප්‍රියජනක හැඟීම් ද වෙනස් කිරීමට නව නිල ඇඳුම උපකාරී වනු ඇත.  එහෙත් පොලිස් නිලධාරීන්ගේ විනය සංවර්ධනය නො කර නිල ඇඳුම් වෙනස් කළ පමණින්හොඳ දෙයක් සිදු වේ යි සිතිය නො හැක.  කැළේ මාරු කළාට කොටියාගේ පුල්ලි මාරු වන්නේ නැතැයි කියමනක් තිබේ. මෙතැන සිදු වන දේ පුල්ලි මාරු කිරීමක් වැනි ය. කැළේ ඉතින් මේ අප ඉන්න ලෝකෙන් උතුම් ම රට නොවැ.

පාතාල නායක ධනුෂ්කත් සුපුරුදු ලෙස පැන යන්න උත්සාහ කර පොලිස් වෙඩි පහරින් මිය යයි

Image
(2009 නොවැම්බර් 07 - W3Lanka ) කුරුණෑගල කෝටිපති ටියුෂන් ගුරුවරයකු මරා දැමීම පිළිබඳ අත්අඩංගුවට ගෙන සිටි, ඝාතන රැසකට සම්බන්ධ බව හෙළි වී තිබෙන බ්ලූමැන්ඩල් පාතාල කල්ලියේ නායකයාව සිටි ප්‍රින්ස් කොලම්ගේ ප්‍රධාන ගෝලයා වූ ධනුෂ්ක නමැත්තා ද නීතියෙන් දඬුවම් ලැබීමට පෙර ඔහුගේ අපරාධ සහායක ලොකු ලොක්කන් පිළිබඳ රහස් ද සඟවාගෙන වැල්ලව හිරිපිටිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ. ලංකාවේ එක් ප්‍රබල දේශපාලකයෙක් මෙම පාතාල කල්ලිය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීය. සුපුරුදු පරිදි මෙම ‍අපරාධකරුවා ද වෙනත් අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිසියට පහර දී පළා යාමට උත්සාහ කරද්දී පොලිසිය වෙඩි තබා තිබේ. පසුගිය කාලයේ අත්අඩංගුවට ගන්නා ලද පාතාල අපරාධකරුවන් රැසක් ම මිය ගියේ මේ අන්දමටයි.

ලංකාවේ ඝාතන සංස්කෘතිය ගුවන් සේවය හරහා ඉන්දියාවටත් යොමු වෙයි

(2009 සැප්තැම්බර්  30 - W3Lanka ) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කළ ඉන්දීය ජාතික ගුවන් නියමුවකු තනිවම නැවතී සිටි ඔහුගේ නිවසේදී කෲර ලෙස පිහිවලින් ඇන මරා එල්ලා තිබියදී අසල්වැසියකුගේ තොරතුරක් මත පොලිසිය විසින් සොයාගෙන තිබේ.  පනස් හැවිරිදි රාමන් කුමාර් රෝයි නම් මෙම ගුවන් නියමුවා සැප්තැම්බර් 23දා සිට දින කීපයක් නිවාඩු ඉල්ලා තිබේ. ඔහු මරා දමා දැන් දින කීපයක් ගත වී ඇතැයි සැලකේ.  ඔහුගේ පවුලේ අය ජීවත් වන්නේ කැනඩාවේය. මීගමු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

වත්මන් ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ යටතේ පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් මිය යාම වසරින් වසර වැඩි වෙලා

Image
(2009 සැප්තැම්බර් 10 - W3Lanka) ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති ධුරය දැරූ 2005 නොවැම්බර් සිට මේ වසරේ අගෝස්තු 16 දක්වා පුද්ගලයන් 91දෙනෙක් පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇති බව ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චිගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.  2005 වසරේදී පුද්ගලයන් දෙදෙනෙක්‌ 2006 දී එකොළොස්‌ දෙනෙක්‌, 2007 දී විසි දෙනෙක්‌, 2008 දී විසි හය දෙනෙක්‌ සහ 2009 දී තිස්‌ දෙදෙනෙක්‌ වශයෙන් පොලිස්‌ අත්අඩංගුවේදී  සිදු වන මරණ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යමින් තිබේ.  මෑතක සිට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වැඩි පිරිසක් මිය යන්නට පටන් ගෙන ඇත්තේ අපරාධවලට සම්බන්ධ ආයුධ මහ රෑ පොලිසියට  පෙන්නන්නට ගොස් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන පොලිස් වෙඩි පහරට ලක් වීමෙනි. මෙම මරණ පිළිබඳ පොලිසිය ඉදිරිපත් කරන හේතු හැම විටම එක හා සමාන ඒවා වන අතර, ඒවා නීතියට පිටින් කරන මනුෂ්‍ය ඝාතන බවට ‍මානව හිම්කම් සංවිධාන චෝදනා කරයි.

බටලන්ද නඩුව ගැන අසා කවුරුවත් බය වෙන්න එපා; බලාපොරොත්තු ඇති කර ගන්නත් එපා

Image
(2009 අගෝස්තු 27 - W3Lanka)  (ඡායාරූපයේ ඇත්තේ ජවිපෙ බත්තරමුල්ලේ අලුතෙන් හැදූ කාර්යාල ගොඩනැඟිල්ලයි. 1989දී මිය ගිය අහිංසකයන් වෙනුවෙන් ඉදි කරන ලද අහිංසකයන්ගේ ආරාමය නම් ස්මාරකය බත්තරමුල්ලේ ම තවත් තැනත අත්හැර දමා තිබේ.) නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතු ය. උසස් වීම් සහ විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙමින් නීතියේ කඩතුරාවට, නිල ඇඳුමට මුවා වී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැක. අද ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකි හෙයින් අප සියලු දෙනාම නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතු ය.  මෙසේ පවසන්නේ සාහිත්‍ය විචාරකයකු හා ලේඛකයකු ලෙස ද ප්‍රකට ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා ය. ඔහු එසේ පැවසුවේ 1987 – 89 මහා භීෂණ සමයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු පැහැර ගෙන ගොස් බටලන්ද වධකාගාරයේ අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවෙන් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකුට ඊයේ (26) සිට බරපතල වැඩ සහිත වසර පහ බැගින් සිරදඬුවම් නියම කරමිනි....

තුන්වන මහින්ද පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු බලෙන් පැහැරගෙන යයි; පොලිසිය හා මහින්දලා අතර ගැටුම්

Image
(2009 අගෝස්තු 26 - W3Lanka) ඇමති මහින්ද රත්නතිලක බලංගොඩ කල්තොට පොලිසියට කඩා වැදී එහි අත්අඩංගුවේ සිටි තම ගෝලයකු මුදාගෙන ගිය බවට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබේ.  තම ආධාරකරුවකු කල්තොට පොලිසිය විසින් හේතු රහිතව අත්අඩංගුවේ තබා ගත් බවට ඇමතිවරයා ද පැමිණිල්ලක් කර තිබේ. කල්තොට පොලිසිය කියන්නේ අදාල සැකකරු පොලිසිය ඉදිරිපිටදීම පොලිස් කාන්තාවකගේ සිරුරේ යතුරුපැදියක් හප්පා ඇති හෙයින් අත්අඩංගුවට ගත් බවයි.  පොලිස් කාන්තාවක‍ගේ ඇඟේ යතුරු පැදියක් හැප්පීම සාමාන්‍ය පුරවැසියකුට නම් භයානක ප්‍රතිඵල ගෙන එන සිද්ධියකි. අද කාලේ හැටියට එවැන්නකු පාතාල සාමාජිකයකු වී ආයුධ පෙන්නීමට ගොස් පොලීසියට පහර දී පැන යන්නට තැත් කරද්දී පොලිස් වෙඩි පහරින් මිය යන්නට වුව ද ඉඩ තිබේ. එහෙත් අදාල සැකකරු සාමාන්‍ය පුද්ගලයෙකු නොව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණුවක් වූ නාලන්ද එල්ලාවල ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වීමෙන් අනතුරුව පවා එම පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් විශේෂ සැලකිලි ලබන්නට සමත් වූ යූඇන්පියෙන් සන්ධානයට කරණම් ගැසූ ඇමතිවරයකුගේ හිතවතෙකි. "කාපිය පොල...

පොලිසියට ගල් ගසන්නන්ට යුක්තිය ලබා ගත හැකි ය?

Image
(2009 අගෝස්තු 22 - W3Lanka) ජනාධිපතිතුමා පොලිසිය විසින් මරා දැමුවේ යයි කියන අඟුලානේ තරුණයන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන්  ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන්ට ලක්ෂ පහ බැගින් වන්දි ගෙවීය. වැරැද්ද පොලිසිය පිට ම පවරා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පැවසී ය. ඇත්තන්ම, එතුමා කොච්චර හොඳ ද? එතුමාගේ හොඳකම මතු කර ගන්නට අපට බැරිකම අපේ ප්‍රශ්නයකි. එසේ මතු කර ගන්නට හැකි වීම අඟුලානේ ජනතාවගේ දක්ෂකමකි.  ත්‍රිකුණාමලයේදී ඝාතනයට ලක් වූ සිසුන් පස්දෙනාගේත්, මූතූර්හිදී ඝාතනයට ලක් වූ සහන සේවකයන් 17දෙනාගේත්, තවත් එවැනි බොහෝ අයගේත් පවුල්වල අයට ජනාධිපතිතුමාගේ හදවතට කතා කරන්නට බැරි වීම ඔවුන්ගේ අදක්ෂකමයි.  පණ ගොස් සිටින නීතිය හා පාලනය අවදි කරවා ගැනීම සඳහා තිබෙන ක්‍රමය ගම් පිටින් එක් රැස් වී පොලිසියට ගල් ගැසීම ය යන නරක පූර්වාදර්ශය මෙමගින් ලබා ගැනීමට කිසිවකු උත්සාහ නොකළ යුතු ය.

වැටත් නියරත් ගොයම් කති; පොලිසියේ සමහරු රිමාන්ඩ්; සමහරු මාරු; තවත් සමහරු........

(අගෝස්තු 15, 2009 - W3Lanka) පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයින් දෙදෙනකු සිරමැදිරියෙන් ඉවතට රැගෙනගොස් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුබේදොර ජීට් නිව්ටන් සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනෙකු අගෝස්තු 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ සේතුංග මහතා නියෝග කර ඇත.  මෙම කොස්තාපල්වරුන් සිව්දෙනා වම් ඉවුර, යාය 3 මහාවිලච්චිය, කැලේදිවුල්යාය, මහාඉලුප්පල්ලම, හල්පිටිගල ජනපදය, දෙවන පියවර, ගාල්ල, මල්ලිකා මාවත, උදාකළ ගම්මානය , ඇඹිලිපිටිය යන සාමාන්‍යයෙන් නම් පීඩිත ජනයාට හිමි යයි සිතිය හැකි ලිපිනවල පදිංචිකරුවන් බව නිරීක්ෂණය කරන ලදී.  මෙම නිලධාරීන් අතින් මිය ගිය බවට සැක කෙරෙන පල්ලිය පාර අඟුලාන පදිංචි මුතුසේබස්තියන්ගේ දිනේෂ් තරංග ප්‍රනාන්දු ඔහුගේ හිසට සහ පපුවට වෙඩි වැදීම නිසාත්, මහජන මාවත අඟුලාන පදිංචි ගෝනියමාලිමගේ ධනුෂ්ක උදයංග ඔහුගේ පපුවට හා දකුණු කකුලේ කලවට වෙඩි වැදීම නිසාත් මියගොස් ඇති බව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ ...

පොලිසියේ වැරදිවලට දඬුවම් නැතැයි කවුරුද කියන්නේ? මෙන්න මිනීමැරුම් සැකකරුවන්ට ස්ථාන මාරු

Image
(අගෝස්තු 14, 2009 - W3Lanka) තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැම්වේ යයි චෝදනා ලැබ ගල් මුල් ප්‍රහාරයට ලක් වූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. එම්. ඩී. නිව්ටන් ඇතුලු නිලධාරීන්ට  ස්ථාන මාරු ලැබී තිබේ. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දීමට සම්බන්ධ වූ නිලධාරීන් පහකට ද පොලිසිය ස්ථාන මාරු ලබා දී ති‍බේ. ඝාතනයට ලක්ව ඇත්තේ අඟුලාන සමූපකාරය අසල පදිංචි ධනුෂ්ක උදයකුමාර (21) හා දිනේෂ් තරංග (27) නමැති තරුණයන් දෙදෙනාය. මේ දෙදෙනා ඊයේ (13) අලුයම 2.30ට පමණ අඟුලාන පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගත්බව ප්‍රදේශවාසීහු පවසති. පසුව ඔවුන්ගේ මළ සිරුරු ඊයේ උදෑසන අඟුලාන පොලිසිය ආසන්නයේ පිහිටි පාලම අසල හා දුම්රිය මාර්ගයේ තිබී සොයාගෙන තිබිණි. ඔවුන්ගේ පාද වලට හා පපුවට වෙඩි තැබීමෙන් තුවාල සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි. අඟුලාන පොලිසිය මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම තරුණයන් ප්‍රදේශයේ කාන්තාවකට විහිළු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරි බවයි. මියගිය තරුණයන් පාතාල කණ්ඩායමක සාමාජිකයන් බවත්, සැකකරුවන් දෙදෙනා වෙනත් කණ්ඩායමක් ...