වත්මන් ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ යටතේ පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් මිය යාම වසරින් වසර වැඩි වෙලා

2005 වසරේදී පුද්ගලයන් දෙදෙනෙක් 2006 දී එකොළොස් දෙනෙක්, 2007 දී විසි දෙනෙක්, 2008 දී විසි හය දෙනෙක් සහ 2009 දී තිස් දෙදෙනෙක් වශයෙන් පොලිස් අත්අඩංගුවේදී සිදු වන මරණ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යමින් තිබේ.
මෑතක සිට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වැඩි පිරිසක් මිය යන්නට පටන් ගෙන ඇත්තේ අපරාධවලට සම්බන්ධ ආයුධ මහ රෑ පොලිසියට පෙන්නන්නට ගොස් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන පොලිස් වෙඩි පහරට ලක් වීමෙනි. මෙම මරණ පිළිබඳ පොලිසිය ඉදිරිපත් කරන හේතු හැම විටම එක හා සමාන ඒවා වන අතර, ඒවා නීතියට පිටින් කරන මනුෂ්‍ය ඝාතන බවට මානව හිම්කම් සංවිධාන චෝදනා කරයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.