අනර්කලී ගැහැනියකි; පීඩිත සමාජ කණ්ඩායමක නියෝජිතයෙකි

(2009 සැප්තැම්බර් 02 - W3Lanka) ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක් වී තිබේ. අනර්කලී අපහාසයට ලක්වන අන්දමින්ඇගේ ඡන්ද පෝස්ටරක් ලෙස සකස් කරන ලද විද්‍යුත් තැපෑලෙන් බෙදා හරින ලද මෙහි පළ වන රූපය ඇය ලංකාවේ සංස්කෘතික සීමාවන් තුළ කෙතරම් අපහාසයකට ගොදුරු වනවාද යන්නට දෙස් දෙයි.

අපි එම සංස්කෘතික සීමාවන්ගේ වහලුන් නොවෙමු. ‍ඒ නිසා අනර්කලීගේ යයි කියන මෙම සුන්දර රූපය පළ කිරීමට අපි බිය නොවෙමු. පළාත් සභා මන්ත්‍රී පිරිමි බොහෝ අදේශපාලනික ගැහැනුන් සිය යහනට නංවා ගනිති. ඒ කැමැත්තෙන් හෝ බලෙන් හෝ චාටුවෙන්ය. ඇය වැනි සුන්දර පළාත් සභා මන්ත්‍රී කෙනෙකු සිහිනෙන් හෝ යහනට එන්නේ නම් මම නම් මගේ මනාප තුනම දෙන්නෙමි.



යකාගේ හැටිය‍ට විමානය කිව්වා සේ රටක පාලකයන් බිහි වන්නේ ඒ රටේ ජනතාවගේ හැටියටය. නීතිය පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයතු වන ජී. එල්. පීරිස් සිටින මේ ආණ්ඩුවේ නීතිය පිළිබඳ වගකියන්නේ කෝප් වාර්තාව අනුව නීතිය ක්‍රියාත්මක කළා නම් සිරගෙදර ලගින්නට සිදු වන කෙනෙකි. සසිරිබර මෙසිරිලක හැටි එහෙමය. මාතර දිස්ත්‍රික්කයම වෙනුවෙන් සන්ධාන ලැයිස්තුවට දමන ලද අනර්කලී එම දිස්ත්‍රික්කයෙන් සොයා ගත හැකි සුදුසුම ගැහැනිය නොවන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මක් නිසාද යත් මේ රට කරවන අනෙක් පිරිමි සියල්ලන්ම ඒ සඳහා සුදුසුම අය නොවන බව අප දන්නා බැවිනි. හොරකමට, මැරකමට, තක්කඩිකමට, තකතිරුකමට, ජඩකමට, වාචාලකමට හා වල්කමට පමණක් සුදුසු කී දෙනෙකු අපි ඇමතිකම්වලට පත් කරගෙන ඇද්ද?



අපේක්ෂක ලැයිස්තුවල සිටින අනෙක් පිරිමින්ගේ කෙරුවාව සහ අනර්කලීගේ කෙරුවාව අතර වෙනසක් තිබේ නම් තිබෙන්නේ අනර්කලී ගැහැනියක් වීම නිසා පමණි. මේ හැමෝම ලැයිස්තුවට රිංගා ගන්නේ මහරජ්ජුරුවන්ගේ හෝ ඇමතිවරුන්ගේ නෑයන්, යාළුවන්, බත්බැලයන්, මැරයන් හා කේලමුන් වීම යන අංක එකේ සුදුසුකම නිසාය. තවත් හේතු ඇත්නම් ඒවා ඉහත කී කාරණාවට දෙවෙනි වන ඒවාය. 

මේ පිරිමි දැන් අනර්කලීට බියෙන් වෙව්ලමින් සිටිති. මේ රටේ මහජනතාව හිස කඳ ගාත්‍රා අතර වෙනස සොයාගත නොහැකි විරූපී, ශාරීරිකව මෙන්ම මානසිකවද රෝගී තමන්ට ඡන්දය දීමට මෝඩ වෙනවාට වඩා සුන්දර සිරුරක් ඇති අනර්කලීට ඡන්දය දීම සඳහා මෝඩ වනු ඇතැයි ඔවුහු බිය වී සිටිති. 



ජනතාව වන අපි ඒ ඒ කාලයට අනුව අපේ මෝඩකම සමග හොඳින්ම ගැලපෙන ‍මෝඩ විධිය තෝරාගෙන ඡන්දය දී ඇත්තෙමු. ඒ ගැන අපි ඉදිරියටත් ගැරන්ට් කරන්නෙමු.



අනර්කලී ගැහැනියකි. අවස්ථා අහිමි කරන ලද පීඩිත සමාජ කණ්ඩායමක නියෝජිතයෙකි.


Comments

  1. මේ කථාව සම්පූර්ණ ඇත්ත...

    ReplyDelete
  2. yes! she has good leadership skills you know,
    on bed... ha ha ha ha ha !

    ReplyDelete
  3. Hariyatama Hari RATAKATA GIYA KALAK

    Milinda

    ReplyDelete
  4. Minissunge yati hithe thiyena de machan uba hariyatama kiyala thiyenawa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා