ලංකාව අසමත් රාජ්‍යයක් බව ජනාධිපති පිළිගනියි; සමත් රාජ්‍යයක් කරා යන ගමන අරඹන බව කියයි

(2009 සැප්තැම්බර් 08 - W3Lanka) යම් යම් ජාත්‍යන්තර දර්ශකයන් විසින් ලංකාව අසමත් රාජ්‍යයක් බව ප්‍රකාශයට පත් කිරීම පසුගිය කාලයේ ආණ්ඩුවේ දැඩි හෙළාදැකීමට ලක් වූ මුත් අවසානයේදී ජනාධිපතිවරයාම ඒ බව පිළිගෙන තිබේ. 


ජයගත නොහැකි යැයි පැවැසූ යුද්ධය ජයග්‍රහණය කිරීමට උරදුන් අයුරින් නිවැරදි නායකත්වයක් ඔස්සේ අකාර්යක්ෂමතාවට එරෙහිව සටන් කොට සමත් රාජ්‍යයක් කරා යන ගමන අරඹන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගාල්ල, මාතර, කුරුණෑගල හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අන්තර් ජාතික ප්‍රමිති සහතිකය (අයි.එස්.ඕ. 9001) පිරිනැමීම සඳහා අරලියගහ මන්දිරයේදී ඊයේ (7) පැවැති උත්සවයකදී පැවසීය. 

පසුගිය කාලයේ දී රාජ්‍ය සේවය හරියාකාරව රට පුරා ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබුණු බවද ජනාධිපතිවරයා පැවසුවේ මීට මාස තුනකට පෙර රාජ්‍ය සේවය මුළු රටේම එකම රාජ්‍ය සේවය බවට පත් කළ බවද සිහිපත් කරමිනි. 

ලංකාව ගැන පුහු මත දරාගෙන සිටින ඊනියා දේශප්‍රේමීන්ට අතුල් පහරක් වූ මෙම ප්‍රකාශය ප්‍රශ්නයට පිළියම් සෙවීම සඳහා සත්‍ය තත්වය අවබෝධ කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා