ජනාධිපති උපදේශකාලංකාරය

(2009 සැප්තැම්බර් 10 - W3Lanka) ජනාධිපතිට හිමි වරප්‍රසාද අතරින් එකක් වන්නේ තමන්ට රිසි පරිදි උපදේශකයන් කැමති ගණනක් පත් කර ගැනීමයි. මෙම සංඛ්‍යාවට සීමාවක් පැනවෙන්නේ ඔවුන්ට වැටුප් හා වාහන, දුරකථන, නිවාස වැනි වෙනත් පහසුකම් ලබා දීම සඳහා ප්‍රතිපාදන සීමා වීමෙන් පමණි.


ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම සටහන තබන මොහොත වන විට උපදේශකයෝ අඩුතරමේ හතළිහක්වත් සිටිති.



ජනාධිපති උපදේශකවරුන් තිස්‌අට දෙනාගෙන් විසි දෙදෙනකු සඳහා 2008 වසරේදී රුපියල් එක්‌කෝටි දාහත් ලක්‍ෂ විසිනව දහස්‌ හයසිය පනස්‌ තුනක මුදලක්‌ දීමනා ලෙස ගෙවා ඇතැයි  ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන සැප්තැම්බර් 08දා පාර්ලිමේන්තුවේදී පැවැසීය.උපදේශකයන් දහසය දෙනකු සේවය කරන්නේ වැටුප් නොලබමින් බවද ගුණවර්ධන ප්‍රකාශ කළේය.

ජනාධිපතිට ක්‍රිකට් ගැන. සිනමාව ගැන පවා උපදේශකවරු සිටිති. සෑම උපදේශකවරයකුම එක හා සමාන වන්නේ නැත. ඇතැම් උපදේශකවරු මේ රටේ ද නැත. ඔවුන්ට ලබා දෙන වැටුප් හා වරප්‍රසාද ද විවිධ ය. සමහර උපදේශකවරුන්ට ජනාධිපතිට උපදෙස් දීමට තබා හමු වීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමට ද දුෂ්කර ය. ‍ඇතැම් උප‍දේශකයන් ජනාධිපතිට උපදෙස් නොදෙන අතර ජනාධිපති අවශ්‍ය විටදී ඔවුන්ට උපදෙස් දෙයි. සමහර උප‍දේශකවරුන් කරන්නේ වෙනත් උපදේශකවරුන්ට විරුද්ධව නඩු කීම වැනි කටයුතු ය.



සමහර ජනාධිපති උපදේශකවරුන් සලකා බලන විට පෙනෙන්නේ ඔවුන්ට එම තනතුරු දී ඇත්තේ උපදෙස් ගැනීමට නොව කලින් දුන් උපදෙස්වලට මහජන මුදලින් කෘත ගුණ සැලකීම සඳහා බවයි.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා