කොටි ගුවන් යානා 10ක් එරිත්‍රියාවේ සිට ගෙන එන්න සැලසුම් කරලා


(සැප්තැම්බර් 24, 2009 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානය එරිත්‍රීයාවේ සිට ගුවන් යානා 10ක් ‍කොටස් වෙන් කර රැගෙන ඒමට සැලසුම් කර තිබූ බව ද, එහෙත්, යුද්ධය ඔවුන් බලාපොරොත්තු වූ තරම් දිග්ගැසුණේ නැති බැවින් මෙම සැලසුම ව්‍යර්ථ වූ බව ද දැනට අත්අඩංගුවට පත් වී සිටින කොටි නායක කේ.පී.ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව යුද හමුදා ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඉන්දියාවේ හින්දුස්ථාන් ටෛම්ස් පුවත්පත පවසයි.


මෙම ගුවන් යානා පැදවීම පිණිස අඩු වශයෙන් නියමුවන් 12ක්වත් මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පුහුණු කර තිබෙන බව ද ඔවුන්ගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී ඇති බව ද එම හමුදා නිලධාරියා පවසා තිබේ.


ගුවන් යානා පැදවීම පුහුණු කිරීමේදී යොදා ගනු ලබන නියමු කුටියක නිදර්ශකයක් ද වන්නියේ සෝදිසි මෙහෙයුම්වලදී සොයා ගත් බව හමුදා නිලධාරියා පවසා ඇත.

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election