කාන්තාවන් වෙනුවෙන් අත්බෑගයේ ගෙන යා හැකි වැසිකිළියක්

(2009 සැප්තැම්බර් 13 - W3Lanka) ගැහැනුන්ට වැසිකිළි හිඟකම ලංකාවේ නම් බරපතල ප්‍රශ්නයක්. පිරිමින්ට වගේ පාරවල් අයිනේ ඒ දේ කරන්න බැරිකම නිසා කාන්තාවන් සෑහෙන දුකක් විඳිනවා.

මේ ප්‍රශ්නයට විසඳුම් ලෙස ලේඩිබෑග් නම් භාවිතා කර ඉවත දැමිය හැකි ජංගම වැසිකිළි විශේෂයක් ජර්මනියේ ඊවා වින්ටර් නම් කාන්තාව හඳුන්වා දී තිබෙනවා. නවා පහසුවෙන් අත් බෑගයේ දමාගෙන යා හැකි මෙම ජංගම වැසිකිළිය දිග හැරිය විට එයට පුළුල් විවරයක් තිබෙන නිසා එය සිටගෙන, වාඩි වී හෝ උක්කුටික ඉරියව්වෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා වාහනයක් තුළ හෝ වෙනත් ආවරණයකදී මෙය පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්.

එහි තිබෙන තෙත උරා ගන්නා පොලිමර් (බහුඅවයවක) විසින් මුත්‍රා උරාගෙන ජෙල් බවට පත් කරනවා. එයින් දුර්ගන්ධයක් පිට නොකරන අතර ඕනෑම කසල බැහැර කරන ස්ථානයකට දැමිය හැකිය. පරිසරයටද හානිකර නැත. මෙම වැසිකිළියට මුත්‍රා පයින්ට් 2.2ක උපරිමයක් උරා ගත හැකියි.

එක් වරක් පමණක් භාවිතා කිරීම සඳහා නිර්දේශ කර තිබෙන මෙය දැනට තුනේ පැකට් වශයෙන් ඩොලර් 10කට ආසන්න මිළකට වෙලඳපොළට හඳුන්වා දී තිබෙනවා.

Comments

  1. මේකනම් හොඳ අදහසක් බැරිද දන්නේ නැහැ අපිටත් විසඳුමක් දෙන්න

    ReplyDelete
  2. කක්ක කරන්න බැරිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න