අනාගත ලංකාවේ ජාතික හා ආගමික සමගිය හා සහජීවනය වෙනුවෙන් තිස්ස නිදහස් කරන්න - මාධ්‍ය සංවිධාන

(2009 සැප්තැම්බර් 16 - W3Lanka) විනයාගමූර්ති මුරලිදරන් හා සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් වැනි අය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවට උකහා ගැනීමට හැකි වූ සන්දර්භය තුළ තමන් නිවැරදි යයි විශ්වාස කළ අදහස් වෙනුවෙන් හඬ අවදි කිරීම පමණක් කළ ජේ. එස්. තිස්සනායගම් මාධ්‍ය වේදියා නිදහස් කිරීමට බැරිකමක් තිබිය නොහැකි බව ප්‍රධාන මාධ්‍ය සංවිධාන ගණනාවක් පෙන්වා දෙයි.


විධායක බලතල පාවිච්චි කර තිස්සනායගම් නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට පහත සඳහන් මාධ්‍ය සංවිධාන අට ඒකච්ඡන්දයෙන් තීරණය කර තිබේ. එය අනාගත ලංකාවේ ජාතික හා ආගමික සමගිය හා සහජීවනය විෂයෙහි වැදගත් පියවරක් සවනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.


ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය, කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍ය සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය හා ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය එම මාධ්‍ය සංවිධාන අටයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා