Posts

Showing posts with the label ජේ. එස්. තිස්සනායගම්

තිස්සනායගම් නිදහස්; ඔහුගේ මිතුරෝ අසතුටින් | Tissainayagam released; his friends are unhappy

Image
(2010 මැයි 04 -  W3Lanka )  ලෝක පුවත්පත් නිදහස් දිනය සමරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසත සිර දඬුවමකට ලක්ව සිටි ඉංග්‍රීසි බසින් ලියූ දෙමළ මාධ්‍යවේදියකු වන ජේ. එස්. තිස්සනායගම් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම ජාතික සංහිඳියාව ගොඩනඟා ගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ලා ඉවහල් කර ගත හැකි සාධනීය පියවරක් ලෙස අපි අගය කරමු. තිස්සනායගම් දණ්ඩනයට ලක් කරනු ලැබුවේ දෙමළ අරගලයට හිතවත් ජනමාධ්‍ය මර්දනය කිරීමේ හා මාධ්‍යවේදීන් බියවැද්දීමේ පියවරක් වශයෙනි. මහින්ද රාජපක්ෂ පාලනය ඔහු නිදහස් කරනු ලබන්නේ පශ්චාත් යුදකාලීන ලංකාවේ සිය ප්‍රජාතන්ත්‍රවාදීභාවය ප්‍රදර්ශනය කිරීමට හා ඒ ඔස්සේ බටහිර සමග යාළු වීමටත් අහිමි වූ ජී.එස්.පී. ප්ලස් බදු සහන ආදිය ලබා ගැනීමටත් ආදියටයි.  ආණ්ඩුවේ යුදමය කටයුතු විවේචනය කළ මාධ්‍යවේදීන් ගණනාවක් ම යුද සමයේ මරා දමන ලද අතර තවත් අය අත්අඩංගුවට ගැනීම හා අඩන්තේට්ටමට ලක් කිරීම දිගට ම සිදු විය.  විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ බල ව්‍යාපෘතිය සමග සම්බන්ධකම් තිබුණු මාධ්‍යවේදීහු පිරිසක් ද මර්දනයට ලක් වූහ.  තිස්සනායගම් ...

තිස්සනායගම් නිදහස්

Image
(2010 ජනවාරි 11 -W3Lanka) අදහස් ප්‍රකාශනයේ යෙදීම හේතුවෙන් අධිකරණය විසින් විසි වසරකට සිර ගත කරන ලද දෙමළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් අද අධිකරණය විසින් ඇප මත නිදහස් කරන ලදී. කොටි සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වීය යන චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ වෘත්තීය සගයින් වූ ජසිහරන් හා වලර්මදී බැලීමට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ගිය අවස‍්ථාවේදී 2008 මාර්තු මස අත්අඩංගුවට ගන්නා ලද තිස්සනායගම්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන ලද අතර 2009 අගෝස්තු 31 දින ඔහු බරපතල වැඩ සහිතව විසි වසරකට සිරගත කරන ලදී.

තිස්සනායගම් ප්‍රණාම උළෙල ඔක්තෝබර් 07දා

Image
(2009 ඔක්තෝබර්  06 - W3Lanka ) විසි වසරකට සිරගෙට නියම කරන ලද මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පළමු පීටර් මැක්ලර් ජාත්‍යන්තර සම්මානය පිරිනැමීම නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රණාම උළෙල ඔක්තෝබර් 7දා පස්වරු 3ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.  දෙසුම් වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, නීතිඥ එස්. ජී. පුංචිහේවා, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන හා මාධ්‍යවේදී එම්. ඒ. එම්. නිලාම් විසිනි.  ත්‍රස්ත විරෝධී නීතියක් යටතේ දඬුවම් ලද ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පළමු මාධ්‍යවේදියා වන ජේ. එස්. තිස්සනායගම්ට දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පළමු පීටර් මැක්ලර් සම්මානය පිරිනැමීම ගෝලීය මාධ්‍ය සංසදය සහ දේශසීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානයේ එක්සත් ජනපද ශාඛාව විසින් ඔක්තෝබර් 02දා වොෂිංටන්හි ජාතික මාධ්‍ය සමාජයේදී සිදු කරන ලදී. ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳ එම සම්මානය භාර ගත්තාය. මෙම සම්මානය පිරිනැමීමේ නිල උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ විධායක සංස්කාරක මාකස් බ්‍රවුච්ලිය.  2009දී ආරම්භ කර...

පුවත්පත් මණ්ඩලයට එරෙහිව හා තිස්සනායගම් නිදහස් කරගැනීමට සමුළුවක්

Image
(2009 සැප්තැම්බර් 27 - W3Lanka ) ජනමාධ්‍යවේදීන්ගේ දෑතට විලංගු දමා ලියන්නටත්, කියන්නටත් ඇති අයිතිය උදුරා ගන්නට සැරසෙමින් පුවත්පත් මණ්ඩලය යලි සක‍්‍රීය කිරීමට එරෙහිව හා තම මතය ලියූ වරදට ත‍්‍රස්තවාදියෙකු කර, විසි වසරකට සිපිරිගෙට යැවූ මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් නිදහස් කර ගැනීම සඳහාත්, ජනමාධ්‍යවේදීන් බහුතරයකගේ නියෝජනයෙන්ද, සිවිල් සංවිධාන, දේශපාලන පක්‍ෂ, කලාකරුවන්, ආගමික නායකයින් සහ යුක්තිගරුක සමාජයක් උදෙසා පෙනී සිටින සියලූ පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් යුත් දැවැන්ත සමුළුවක් 2009 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා සවස 4.00ට කොළඹ 07, ධර්මපාල මාවතේ, ජයවර්ධන කේන්ද්‍රයේදී (විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට) පැවැත්වීමට සුදානම් කර ඇත. එදින පුවත් පත් මණ්ඩලයට එරෙහිව ජනතා විරෝධය සටහන් කරන මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනමාධ්‍ය නිදහසේ ඇති අගය වටහාගත් අයට මෙම සමුළුව නියෝජනය කරන මෙන් සවිධායකයෝ ඇරයුම් කරති. සමුළුව කැඳවා තිබෙන්නේ පහත සඳහන් මාධ්‍ය සංවිධාන විසිනි. x    ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය x    ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ ...

තිස්සනායගම්ට දුන්නේ අවම දඬුවමලු

Image
(2009 සැප්තැම්බර් 17 - W3Lanka) දෙමළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට ලබා දී තිබෙන්නේ ඔහු වැරදිකරු වූ වැරදිවලට දිය හැකි අවම දඬුවම බව නීතිපති මොහාන් පීරිස් ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවසූ බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.  සැප්තැම්බර් 15දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 12වන සැසි වාරයේ ආරම්භක දෙසුම පවත්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලෛ මෙසේ පැවසුවාය. දෙමළ සිවිල් වැසියන්ට හමුදාව සලකන ආකාරය පිළිබඳ විවේචනය කළ ශ්‍රී ලංකික මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනාගම්ට මෑතදී ලබා දුන් විසි වසරක සිර දඬුවම පිළිබඳ අප සැවොම සංත්‍රාසයට පත් විය යුතුය. ඔහුට දුන් දඬුවම අදහස් ප්‍රකාශනයේ හිමිකමට තිබෙන ගෞරවය පිළිබඳ බරපතල ප්‍රශ්න ඇති කරයි.

අනාගත ලංකාවේ ජාතික හා ආගමික සමගිය හා සහජීවනය වෙනුවෙන් තිස්ස නිදහස් කරන්න - මාධ්‍ය සංවිධාන

Image
(2009 සැප්තැම්බර් 16 - W3Lanka) විනයාගමූර්ති මුරලිදරන් හා සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් වැනි අය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවට උකහා ගැනීමට හැකි වූ සන්දර්භය තුළ තමන් නිවැරදි යයි විශ්වාස කළ අදහස් වෙනුවෙන් හඬ අවදි කිරීම පමණක් කළ ජේ. එස්. තිස්සනායගම් මාධ්‍ය වේදියා නිදහස් කිරීමට බැරිකමක් තිබිය නොහැකි බව ප්‍රධාන මාධ්‍ය සංවිධාන ගණනාවක් පෙන්වා දෙයි. විධායක බලතල පාවිච්චි කර තිස්සනායගම් නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට පහත සඳහන් මාධ්‍ය සංවිධාන අට ඒකච්ඡන්දයෙන් තීරණය කර තිබේ. එය අනාගත ලංකාවේ ජාතික හා ආගමික සමගිය හා සහජීවනය විෂයෙහි වැදගත් පියවරක් සවනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය, කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍ය සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය හා ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය එම මාධ්‍ය සංවිධාන අටයි.

තිස්සනායගම් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මන්ත්‍රණය අද

Image
(2009 සැප්තැම්බර් 10 - W3Lanka) දෙමළ මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනායගම්ට විසි වසරක දඬුවමක් නියම වීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක් අද සවස 4ට මරදාන ඩීන්ස් පාරේ අංක 281හි පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. කථිකයන් වන්නේ නීති ක්ෂේත්‍ර‍යේ ප්‍රවීණයන් වන ජේ.සී. වැලිඅමුණ හා චන්ද්‍රා කුමාරෙග්යි. මෙම රැස්වීම සංවිධානය කර තිබෙන්නේ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ ස්වාධීන එකතුවක් විසිනි.

දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පළමු පීටර් මැක්ලර් සම්මානය තිස්සනායගම්ට

Image
(2009 සැප්තැම්බර් 01- W3Lanka ) ත්‍රස්ත විරෝධී නීතියක් යටතේ දඬුවම් ලද ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පළමු මාධ්‍යවේදියා වන ජේ. එස්. තිස්සනායගම්ට දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පළමු පීටර් මැක්ලර් සම්මානය පිරිනැමීමට ගෝලීය මාධ්‍ය සංසදය සහ දේශසීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානයේ එක්සත් ජනපද ශාඛාව තීරණය කර තිබේ.  ඔක්තෝබර් 02දා වොෂිංටන්හි ජාතික මාධ්‍ය සමාජයේදී පැවැත්වෙන මෙම සම්මානය පිරිනැමීමේ නිල උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන්නේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ විධායක සංස්කාරක මාකස් බ්‍රවුච්ලිය.   2009දී ආරම්භ කරන ලද දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පීටර් මැක්ලර් සම්මානය පිරිනමනු ලබන්නේ ඒ.එෆ්.පී. හෙවත් ප්‍රංශ පුවත් සේවය ජාත්‍යන්තර තත්වයට නඟා සිටවූ හා ගෝලීය මාධ්‍ය සංසදයපිහිටුවීමට මුල් වූ ප්‍රවීන පුවත්පත්කලාවේදී පීටර් මැක්ලර් නමිනි.