තිස්සනායගම්ට දුන්නේ අවම දඬුවමලු

(2009 සැප්තැම්බර් 17 - W3Lanka) දෙමළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට ලබා දී තිබෙන්නේ ඔහු වැරදිකරු වූ වැරදිවලට දිය හැකි අවම දඬුවම බව නීතිපති මොහාන් පීරිස් ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවසූ බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 


සැප්තැම්බර් 15දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 12වන සැසි වාරයේ ආරම්භක දෙසුම පවත්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලෛ මෙසේ පැවසුවාය.


දෙමළ සිවිල් වැසියන්ට හමුදාව සලකන ආකාරය පිළිබඳ විවේචනය කළ ශ්‍රී ලංකික මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනාගම්ට මෑතදී ලබා දුන් විසි වසරක සිර දඬුවම පිළිබඳ අප සැවොම සංත්‍රාසයට පත් විය යුතුය. ඔහුට දුන් දඬුවම අදහස් ප්‍රකාශනයේ හිමිකමට තිබෙන ගෞරවය පිළිබඳ බරපතල ප්‍රශ්න ඇති කරයි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.