ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ චාරිකා නොකරන්නැයි පෙත්සමක්

(2009 සැප්තැම්බර් 03 - W3Lanka) ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ චාරිකාවක යෙදීම වැළැක්වීම සඳහා ජොඑල් පවුල් ඇන්තනි නම් නීතිඥවරයකු මදුරාසි උසාවියට පොදු අවශ්‍යතා නීති පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා‍ වේ.

දෙමළ ජනයාට එරෙහි මානව හිම්කම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ චාරිකා කළහොත් ජාත්‍යන්තර ප්‍රජාව ඉන්දියාවට ගරු නොකරනු ඇති බව පෙත්සම්කරු සඳහන් කරයි. 



මදුරාසි මහාධිකරණය අභ්‍යන්තර කටයුතු, විදේශ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශවලට මේ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා යවා ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා