ක්රිකට් අර්බුදය, අර්ජුන, දයාසිරි හා පාසල් ක්රිකට් මීයෝ
වමේ සිට දෙවැන්නා දිල්ෂාන් සිල්වා ය. ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායකත්වය දැරූ නිසා අර්ජුන රණතුංගට හා ඔහුගේ පවුලට කැමති ආකාරයට ක්රිකට් වළඳන්නට ඉඩ දිය යුතු යයි කියන එක සමාන වන්නේ යුද්ධය අවසන් කළ නිසා තම පවුලට කැමති ආකාරයට රටේ ආර්ථිකය වළඳන්නට දිය යුතු යයි රාජපක්ෂලා කරන ඉල්ලීමට ය. රාජපක්ෂ පවුල නම් වසංගතය හා සම විය හැකි, කිසි සේත් මතු වන්නට ඉඩ දිය යුතු නැති පවුල්වාදයකි, රණතුංග පවුල්වාදය. අර්ජුන, ප්රසන්න, නිශාන්ත, ධමිමික, රුවන්, සංජීව බෑයන්ගේ හෙවත් කුඹුරුවන්ගේ අතීත කෙරුවාව ඔවුන්ගේ අනාගතය ගැන තේරුම් ගැනීමට අපට මග සලසා දෙයි. ලංකාවේ ක්රිකට් කණ්ඩායම ටී-20 ලෝක කුසලානයේදී අන්ත පරාජයට පත් වීම තමන්ට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිත්වය නො ලැබුණ නිසා වූ දෙයකැයි පෙන්නා, ජනාධිපතිවරයාට බෝලයක් බස්සා, නිල වශයෙන් පත් වූ පාලක මණ්ඩලය අහෝසි කර, අතුරු පාලන මණ්ඩලයක් පත් කර ගැනීම ගැන අර්ජුන කතා කරන ආකාරයෙන් ම ඔහුගේ බඩගිනිකාර ස්වභාවය නිරූපණය වේ. ඔහුට අමතක වී ඇති කාරණයක් වන්නේ පසුගිය වසර ගණනාවක් තිස්සේ ම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම්වරයා වූයේ ඔහුගේ සොයුරු නිශාන්ත බවයි. ඔහු ක්රිකට් වෙනුව...