පිට්ටනි තියෙන්නේ ක්‍රිකට් ගැසීමට පමණක් නොවේ

(2010 පෙබරවාරි 22-W3Lanka)  අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ කළුතර විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය අතර වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගය දෙවන දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයට සංචාරක ඇමති ෆයිසර් මුස්තාපාගේ හෙලිකොප්ටරය ඊයේ පාත් වීම නිසා ක්‍රිකට් තරගය අවලංගු කිරීමට සිදු වීම ඇතැමුන්ගේ විවේචනයට ලක් වී තිබේ.


ඇත්ත වශයෙන් ම ලංකාවේ ක්‍රිකට්වලට වඩා වැදගත් වන්නේ දේශපාලනයයි. එසේ නොවේ නම්, සනත් ජයසූරිය ක්‍රිකට් ගසන එකට දෙවන තැන දී දේශපාලනයට එන්නේ නැත. අර්ජුන රණතුංග නම් දේශපාලනයට ආවේ ක්‍රිකට් ගැසීම නැවැත්වූ පසු ය.


ලෝකයේ ක්‍රිකට් ගසන රටවල් ඇත්තේ දහයක් දොළහක් පමණි. ඒ අතරිනුත් ලංකාවට පළමු තැනට එන්නට ලැබුණේ එක ම එක වතාවක් පමණි. එහෙත්, දේශපාලනය ඒ වගේද?


ලෝකයේ ලොකු ම ඇමති මණ්ඩලය අතින් ලංකාව පළමු ස්ථානයට තේරුණේ ක්‍රිකට් නිසා ද? නැත. දේශපාලනය නිසා ය.


ලෝකයේ රටවල් 200ක් පමණ ඇත. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන ස්ථානය හෙවත් මාධ්‍ය නිදහස නැති රටවල් අතරින් 13වන ස්ථානය ලංකාවට හිමි වුණේ දේශපාලනය නිසා මිස ක්‍රිකට් නිසා නොවේ.


මෙවැනි උදාහරණ තව බොහෝ තිබේ.


පිට්ටනිය යනු ක්‍රීඩා පිට්ටනියට පමණක් කියන්නක් නොවේ. සොහොන් පිට්ටනිය යනු මළ මිනී ආදාහනය කරන තැනයි. අස්ගිරිය පිට්ටනිය පවා සමහර අවස්ථාවල සොහොන් පිට්ටනියක් ලෙස භාවිතා කර තිබේ. ඒ අනුව අද කාලයේ හැටියට රට පුරා හෙලිකොප්ටර් පිට්ටනි ද අවශ්‍ය ය. නැතුව ඇමතිවරුන් මහජනතාව හමු වන්නට යන්නේ කෙසේද?


ඇමතිවරුන්ට කලින් කිය කියා පිට්ටනි සෙවිය නොහැක. ඇමතිවරුන්ට බර වූ විට ළඟ ම පිට්ටනියට පාත් වන බව මහජනතාව දැන ගත යුතු ය. අනෙක 19න් පහළ කොලු කුරුට්ටෝ ජනතාව නොවේ.

Comments

  1. ඇත්තටම ඇමතිතුමා මේ වැඩේ කරල තියෙන්නෙ හිතාමතාමයි. සැබෑ දේශප්‍රේමියෙක් හැටියට අධිරාජ්‍යවාදීන්ගේ සෙල්ලමේ යෙදෙන කොල්ලන්ට පාඩමක් උගන්නන්න තමා එතුමා එහෙම කරල තියෙන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා