ඒ මැකෝ සහ මේ මැකෝගේ කතාව: "අයුක්තියට එරෙහිව නැඟී සිටීමට කශේරුකාව නැති මිනිස්සු වරදකාරී හැඟීම සඟවාගෙන ජීවත් වන හැටි ඉක්මණින් ම ඉගෙන ගනිති. "

(2010 පෙබරවාරි 04-W3Lankaජනවාරි 27දා සිටි මැතිවරණ කොමසාරිස් මෙසේ කීවේ ය.

17 වන ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල මත නිකුත් කළ මාධ්‍ය සදහා උපමාන කෙරෙහි රාජ්‍ය මාධ්‍ය දෙක සැලකිල්ලක් දැක්වූවේ නැහැ. පසුව මම බලධාරියෙක් පත් කළා නමුත් ඒ අනුවත් කටයුතු කළේ නැහැ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී සිදුකළ සාකච්ඡාත් පළක් වුණේ නැහැ පසුව මම ඔහුව අයින් කළා.

ඇතැම් අවස්ථාවලදී නොයෙකුත් රජයේ ආයතන මැතිවරණයකදී කළයුතු නොකළයුතු දේ හදුනා නොගෙන කටයුතු කළා.

ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින්.

මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.

ප්‍රාදේශීය නායකයන් අපිට බොහොම කරදර කළා. පුත්තලම, අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික්වල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පවා අපට කරදරකලා. මෙය හොද ප්‍රවනතාවක් නොවෙයි. මේවා දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට පාලනය කළ නොහැකි තත්වයක් උදා වුණා. ඔවුන්ටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදිලා එලවපු අවස්ථාවන් උදා වුණා.

අප කටයුතු කරන කොට යම්යම් අය අපට චෝදනා කළා පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා ‍අපට චෝදනා නඟනවා. මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.


සතියක ඇවෑමෙන් පෙබරවාරි 03දා මැතිවරණ කොමසාරිස් කියන්නේ මෙසේ ය.


ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් මා කළ ප්‍රකාශය නොයෙක් අයුරින් අර්ථ නිරූපණයට සමහරුන් සූදානම් වුණා. ඒ අවස්ථාව වනවිට මා පැය 37ක් එක දිගට රාජකාරි කර තිබුණා. එවැනි දිගු කාලයක් මීට පෙර ගතකිරීමට සිදු වී නැහැ.

මා පමණක් නොව මගේ නිලධාරින් ද එසේ ක්‍රියා කර තිබුණා. පැතිරී තිබූ කටකතා නිසා සෑහෙන පීඩාකාරි තත්ත්වයක් තිබුණා. අප මේ යන්නේ කොතැනටදැයි හිතාගන්න බැරි තත්ත්වයක් තිබුණා.

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමත් ඊට අනුබද්ධිත ඡන්ද ගණන් කිරීම හා ප්‍රතිඵල පිළිබඳවත් මා සම්පූර්ණයෙන්ම සෑහීමට පත්වෙනවා


‘ජනපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ එක් එක්කෙනා කියනු ලබන විග්‍රහයන් මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා’ යැයි ද කොමසාරිස්වරයා සඳහන් කෙළේය' යි දිනමිණ පුවත්පත වාර්තා කළේ ය. එහෙත්, ජනාධිපතිවරණයට පෙරාතුව පූර්ව මැතිවරණ සමය පිළිබඳ තමා සෑහීමට පත් නොවන්නේ යැයි ද කොමසාරිස්වරයා කී බව දිනමිණ වාර්තා කළේය.


මැතිවරණයක් ආරම්භ වන්නේ නාම යෝජනා කැඳවීමෙනි. මැතිවරණ ප්‍රචාරක කාලසීමාව ද මැතිවරණයේ ම කොටසකි. පූර්ව මැතිවරණ සමයේ සිදු වූ නීති විරෝධී ක්‍රියා පිළිබඳ අවතක්සේරු කළ නො හැකි ය. ඒවා මැතිවරණ දිනයේ ජනමතය පළ වූ ආකාරයට හා ප්‍රතිඵලයට ඍජුව ම බලපෑම් කරයි. 


එදා ජනවාරි 27දා අප දුටුවේ එක් මැතිවරණ කොමසාරිස්වරයෙකි. දැන් අප දකින මැතිවරණ කොමසාරිස් වෙනස් පුද්ගලයෙකි. මිනිසුන් එහෙම ය. වෙනස් විය හැකි ය. මිනිසුන් වෙනස් වීමට බොහෝ හේතු තිබේ. 


එබැවින් කවුරුවත් තමන් ජනවාරි  27දා සිහිනයක් දුටුවේ යයි නො සිතිය යුතු ය. එදා සිටි සැබෑ මැතිවරණ කොමසාරිස් වෙනුවට දැන් වෙනත් අයකු සිටින්නේ යයි වලිගෙ පාගා ගත යුතු ද නැත. ඔබට වැරදී නැත. මැතිවරණ කොමසාරිස්ට වැරදී ද නැත. මිනිසුන් ඔහොම තමයි ය. 


ආදර්ශය: අයුක්තියට එරෙහිව නැඟී සිටීමට කශේරුකාව නැති මිනිස්සු වරදකාරී හැඟීම සඟවාගෙන ජීවත් වන හැටි ඉක්මණින් ම ඉගෙන ගනිති. 

Comments

  1. "අයුක්තියට එරෙහිව නැඟී සිටීමට කශේරුකාව නැති මිනිස්සු වරදකාරී හැඟීම සඟවාගෙන ජීවත් වන හැටි ඉක්මණින් ම ඉගෙන ගනිති. "
    well said

    ReplyDelete
  2. ක්‍රමානුකුලව කඩේ යන හැටි ඉගෙන ගැනිමට ඔබට අවශ්‍ය නම් ලංකාවේ මැටිවරණ කොමිසුරු විසින් පවත්වන පංතියට සහාභාගි වන්න.කොපමණ හොරකම් කලත් මාට්‍ටු නොවන විශේෂ ක්‍රම,කඩේ මුදලාලිගේ මල්ලී මඟින් තම පොකට්‍ටුව පුරව ගන්නා විශේෂ වෙළේඳ උපක්‍රම, ආදි අති විශේෂ පාඨමාලාවක්..... සිමිත බඳවාගැනිම්.ලාභ මිල,බෑ කිය කිය කඩේ යන හැටි ‍තෝරා ගත් පිරිසකට කියා දෙනු ලැබේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා