ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග එකඟතාවකට සැරසේ

(2010 පෙබරවාරි 13-W3Lankaමහ මැතිවරණයෙන් පසු බලය බෙදීම පිළිබඳ එකඟත්වයක් ඇතිව දෙමළ ජාතික සන්ධානය සමග මැතිවරණ ගිවිසුමකට එළඹීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.


ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය එජනිස සමග සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ නම් තම සන්ධානය ද ඊට සූදානම් බව එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත. මේ වන විටත් මෙම දෙපාර්ශ්වය අතර නිල නො වන සාකච්ඡා සිදු වෙමින් ඇති බව දැනගන්නට ඇත.


එජනිස මෙම තීරණය සිංහල - දෙමළ සහභාගිත්ව දේශපාලනය අගයන අපගේ ගෞරවයට පාත්‍ර වේ. එජනිසට දැනට සබඳතා ඇත්තේ කොටි විරෝධී පදනමින් බිහි වූ අතුරු හමුදාවන් හා සම්බන්ධ දේශපාලන කල්ලි සමග ය. පශ්චාත් යුද කාලීන දෙමළ සමාජයේ මෙම බලවේග ප්‍රතික්ෂේප වී ඇති බව පසුගිය ජනාධිපතිවරණයෙන් ඔප්පු විය. මෙම කල්ලිවලට ඡන්ද සුළු ප්‍රමාණයක් හෝ ලබා ගැනීමට ඉවහල් වන භීෂණ තත්වයක් දිගට ම පවත්වාගෙන යාම යුද්ධයක් නැති පසුබිම තුළ දුෂ්කර ය.


එබැවින් ජන බලයක් ඇති දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානයකට යාම ඉතා හොඳ දෙයකි. එමගින් එජනිස තුළ ඇති සිංහල ජාතිවාදී ප්‍රවණතා යටපත් වී යනු ඇති බව අපේ අදහසයි.

Comments

  1. ඔය හදන්නේ දෙමළාට දෙමළා එපා කරවන වැඩක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා