සන්ධාන අපේක්ෂකයන් ශ්‍රී මහා බෝධිය යට හිඳ බොරු කියනවාද? නැතිනම් දෙන ප්‍රතිඥාව රකිනවාද?

(2010 පෙබරවාරි 15-W3Lanka)  නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට කැප වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන්ගෙන් ප්‍රතිඥාවක් ලබාගැනීමට එම සන්ධානය තීරණය කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරය ශ්‍රී මහා බෝ සමිඳු ඉදිරියේ දී මෙමස 27 දා පැවැත්වෙන උත්සවයකදී සියලු අපේක්ෂකයන් මේ ප්‍රතිඥාව ලබා දීමට නියමිතය.


නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමේ පළමු කොන්දේසිය වන්නේ සියලු අපේක්ෂකයන්ට සම අවස්ථා ලබා දීමයි. එහිදී ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන්ට අඩු තරමේ මහජන දේපල තමනට ඡන්දය දිනීම සඳහා යොදා නොගැනීමේ සදාචාරයක්වත් තිබිය යුතුය. රාජ්‍ය මාධ්‍යවලට මධ්‍යස්ථව කටයුතු කිරීමට ඉඩ දිය යුත ය. පොලිසිය, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දිය යුතුය.


27දා ශ්‍රී මහා බෝධිය අභියස පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන අමුත්තා පසුගිය ජනාධිපතිවරණයේදී මේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට ගරු කළේ නැත. එසේම සෙසු පිරිස ඔහුට එකී දූෂණයේ යෙදීමට අනුබල දුන් අය වෙති.


මෙම උත්සවය කැලනියේ තිබුණා නම් අඩු ගණනේ 'උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලනියේ' කියන පදනමින් හෝ පව් සමා කර ගත හැකිය. විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහි සටන ආණ්ඩු පක්ෂය ආරම්භ කළේ කැලනියේදී මැරයන් ලවා ඔහුට හූ කියවීමෙන් නිසා පව් සමා කර ගැනීමට එතැන වඩාත් සුදුසුය.


කෙසේ වෙතත්, ශ්‍රී මහා බෝ සමිඳුන් යට හිඳ කිසිවෙක් මුසාවාදයක් කියන්නේ නම් ඔහු හෝ ඇය බෞද්ධ විරෝධී මිථ්‍යාදෘෂ්ඨිකයෙකි. එතැනදී එකක් කියා ගමට විත් වෙනත් නාඩගමක් නටන උන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී මහා බෝධියට කරන්නේ බලවත් අගෞරවයකි. එක්කෝ මේ වැඩේ නැවැත්විය යුතුය. නැතිනම් සමාදම් වන ශීලය හරියට රැකිය යුතුය.

Comments

  1. Why did they choose ශ්‍රී මහා බෝ සමිඳු , why didn't they choose Maligawa , Maligawa is the famous place for this kind of nobel act. May be Mahanayake Hamuduruwao' objected to their false promises in front of sacred tooth relic.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා