දෙමළ බළල්ලු තිදෙනෙක් ආණ්ඩුවට එක් වෙති

බළලා යනු කොටියාගේ මලයා ය.
(2010 පෙබරවාරි 22-W3Lanka)  තංගේෂ්වරී කදිරගාමන්, එස්. කනගරත්නම් සහ ශිවනාදන් කිෂෝර් යන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


තංගේෂ්වරී මන්ත්‍රීවරිය 2004 මහ මැතිවරණයේදී කොටි සංවිධානය විසින් මඩකලපු දිස්ත්‍රික් ලැයිස්තුවට එක් කරන ලද කරුණා ගැති කාන්තාවකි. සිවනාදන් කිෂෝර් පසුගිය සමයේ දිගින් දිගට ම ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ පුද්ගලයෙකි. ඉහත පළ වූ ඡායාරූපය අරලියගහ මන්දිරයේදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිප වැළඳ ගනිද්දී ගනු ලැබූවකි.


එස්. කනගරත්නම් මන්ත්‍රීවරයා වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිට කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලද පුද්ගලයෙකි.


මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.




එසේම යුද්ධයේ අවසන් දිනවලදී ඔහු දුටු කිසිවක් ප්‍රකාශ නො කරන ලෙස ද ඔහුට උපදෙස් දී ඇති බව දැනගන්නට ඇත.




මෙම මන්ත්‍රීවරයාට වවුනියාවේ මන්නාරම් පාරේ අලුතින් ඉදි කරන ලද රජයේ සංචාරක බංගලාවක් ද, රජයේ වාහනයක් සහ පොලිස් ආරක්ෂාව ද සපයා ඇති බව පසුගිය සමයේ මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.


කලක සිට ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන මෙම මන්ත්‍රීන් තිදෙනා මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමේ අදහසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබේ ද යන්න තවම ප්‍රකාශ වී නැත. කොටි සංවිධානයේ පිහිටෙන් බලයට ආ බළලුන් තිදෙනෙකු වන මොවුන්ට දෙමළ ජාතික සන්ධානයෙන් තොරව ජන පදනමක් නොමැති බව දෙමළ ආරංචි මාර්ග පවසති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා