ලෙනින් ෆොන්සේකා, මහින්ද සාර් සහ බෝල්ෂෙවික් අනුර ප්‍රියදර්ශන

(2010 පෙබරවාරි 05-W3Lanka)  ඩේලි මිරර් වෙබ් අඩවියේ අද සවස පළ වී තිබුණ වාර්තාවකට අනුව කැබිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා පවසන පරිදි විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සැරසී සිට ඇත්තේ සමාජවාදී විප්ලවය කරන්නටයි. 


අනුර ප්‍රියදර්ශනට තේරෙන දේශපාලන භාෂාවෙන් කියා ඇත්තේ ෆොන්සේකා කරන්නට සිට ඇත්තේ රුසියානු විලාසිතාවේ කුමන්ත්‍රණයක් ය කියා ය. ඒ අනුව, ෆොන්සේකා සැලසුම් කර තිබෙන්නේ බලය අල්ලාගෙන ආයතනවල බෝල්ෂෙවික් කමිටු පිහිටුවන්නටයි. කවුරු හෝ අනුර ප්‍රියදර්ශනට දී ඇති වචනය ඔහු ඔහේ කියන්නන් වාලේ කියා ඇත. බෝල්ෂෙවික් යනු කුමක්දැයි ෆොන්සේකා පවා දන්නවා ද යන්න සැක සහිත ය. 


රුසියානු විප්ලවයේ ප්‍රධාන බලවේගය වූ බෝල්ෂෙවික්වරු පසුව රුසියානු කොමියුනිස්ට් පක්ෂය වූ අතර එහි ලංකා ශාඛාව වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පාලක සන්ධානයේ හවුල්කාර පක්ෂයකි. එහි නායකයකු වූ ඩිව් ගුණසේකර මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමති වේ.


මේ බෝල්ෂෙවික් ‍කතාවේ අනුර ප්‍රියදර්ශන යාපා කියන පරිදි රුසියාවේ රජ පවුල මැරුවා සේ මෙහි ජනාධිපති හා ඔහුගේ සහෝදරයින් මරන්නට සැලසුමක් තිබී ඇත. 

Comments

  1. siravata mehema kathawak kiwada?:)
    ape amathila nam aathal set ekak

    ReplyDelete
  2. shit. aparade, fonseka dinuwa nam maarai ne
    :D

    ReplyDelete
  3. Fonseka wanted something like those colour revolutions in former Soviet states in the 90s and 2000s.

    These "revolutions" were backed by Western diplomats, NGOs, and media, and installed their puppets as revolutionary leaders.

    http://en.wikipedia.org/wiki/Color_revolution

    ReplyDelete
  4. SL cabinet ministers are expert to issue swift media statements for issues matter for opposition. If something went wrong in their ministries nobody accounted for, even ministeres couldn't issue media statement for the awarness of public.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා