Posts

Showing posts with the label අනුර ප්‍රියදර්ශන යාපා

පැළ එකොළොස් ලක්ෂයේ ප්‍රෝඩාවෙන් සංකේතවත් වන්නේ ජනාධිපතිගේ අනාගතය ද? රටේ අනාගතය ද?

Image
(2011 පෙබරවාරි 02,  W3Lanka ) මේ අද දිවයින පුවත්පතේ 'පැළ සිටුවීමේ වැඩසටහන අසාර්ථකයි' මැෙයන් කරුණාරත්න පල්ලේගම බණ්‌ඩාරවෙල සිට කරන ලද වාර්තා කිරීමකි. පැළ එකොළොස්‌ ලක්‍ෂයක්‌ සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ආයතන සහ රක්‍ෂිත ආශ්‍රිත ප්‍රදේශවල පැළ සිටුවීමට කටයුතු කළ ද එA පිළිබඳ නිසි පසු විපමරක්‌ නොමැතිවීම නිසා සිටුවන ලද පැළ බොහෝමයක්‌ මේ වන විටත් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙසේ සිටුවන ලද පැළ වර්ග බොහෝමයක්‌ ඉහළ නිලධාරීන්ගේ උපදෙස්‌ අනුව සිටුවීම සිදු කළ ද එම පැළ නිසි ප්‍රතිමියකට අනුව සිටුවා නැතැයි ද එම නිසාම එම පැළ සිටුවා සති කීපයකින්ම විනාශ වී ඇතැයි ද ජනතාව කියති. මෙසේ පැළ සිටුවීමට කටයුතු කිරීම ඉතාම හොඳ ආදර්ශයක්‌ වුවද කිසිදු පසු විපමරක්‌ හෝ ප්‍රමිතියකින් තොරව පැළ සිටුවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ. මේ පැළවලට වැය කළ විශාල මුදලක්‌ අපතේ ගොස්‌ ඇති බවත් පවසන ප්‍රදේශවාසී ජනතාව දැනට ඉතිරිවී තිබෙන පැළ ටික හෝ රැකගැනීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් ...

අනුර ප්‍රියදර්ශන යාපාගේ ඉල්ලා අස් වීමට සැබෑ හේතු මෙන්න

Image
(2010 පෙබරවාරි 12- W3Lanka )   තොරතුරු හා ජනමාධ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සිය තනතුරින් ඉල්ලා අස්වීමට හේතුව ඔහු කාලාන්තරයක් මෙම තනතුර දැරුව ද ඔහුට ඇමතිවරයා ලෙස බලයක් නො තිබීම නිසා ඇති වු කලකිරීම හා ලජ්ජාව නිසා බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.  ජනමාධ්‍ය පාලනය නිල වශයෙන් ජනාධිපතිවරයා යටතට පත් කරනු ලැබුවේ යාපා ඇමතිවරයාගේ ඉල්ලා අස් වීමෙන් පසුව වුව ද, එය ඇත්තෙන් ම පැවතියේ ජනාධිපතිවරයා යටතේ ය. මීට පෙර අවස්ථාවකදී ද මෙම අමාත්‍යංශය යාපා ඇමතිවරයාගෙන් ගලවන ලදමුත්, ඔහුගේ කණ් කෙඳිරි හමුවේ ඔහුට ඇමති ලෙස පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලදී. අනුර ප්‍රියදර්ශන යාපාට තිබුණේ ටයි කෝට් ඇඳගෙන ඇමති‍ ලෙස පෙනී සිටීමට පමණි. ඔහු එය මහත් අභිරුචියෙන් කළ මුත්, මාධ්‍ය ආයතනවල ඇතැමුන් ඔහු කවටයකු ලෙස සැලකීම පිළිබඳව සිටියේ කලකිරීමකිනි. එහෙයින් ඔහු රජයේ මාධ්‍ය ආයතනයකට ගොඩවුණේ ඉතා කලාතුරකිනි. රජයේ මාධ්‍ය ආයතනවල කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමේ කිසිදු බලයක් අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිට නො තිබුණ අතර එම මාධ්‍ය ආයතන ප්‍රධානීන් කටයුතු කර්නේ ඍජුව ම ඉහළින් ලැබෙන උපදෙස් පරිදි ය.  අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ව...

ලෙනින් ෆොන්සේකා, මහින්ද සාර් සහ බෝල්ෂෙවික් අනුර ප්‍රියදර්ශන

Image
(2010 පෙබරවාරි 05- W3Lanka )   ඩේලි මිරර් වෙබ් අඩවියේ අද සවස පළ වී තිබුණ වාර්තාවකට අනුව කැ බිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා පවසන පරිදි විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සැරසී සිට ඇත්තේ සමාජවාදී විප්ලවය කරන්නටයි.  අනුර ප්‍රියදර්ශනට තේරෙන දේශපාලන භාෂාවෙන් කියා ඇත්තේ ෆොන්සේකා කරන්නට සිට ඇත්තේ රුසියානු විලාසිතාවේ කුමන්ත්‍රණයක් ය කියා ය. ඒ අනුව, ෆොන්සේකා සැලසුම් කර තිබෙන්නේ බලය අල්ලාගෙන ආයතනවල බෝල්ෂෙවික් කමිටු පිහිටුවන්නටයි. කවුරු හෝ අනුර ප්‍රියදර්ශනට දී ඇති වචනය ඔහු ඔහේ කියන්නන් වාලේ කියා ඇත. බෝල්ෂෙවික් යනු කුමක්දැයි ෆොන්සේකා පවා දන්නවා ද යන්න සැක සහිත ය.  රුසියානු විප්ලවයේ ප්‍රධාන බලවේගය වූ බෝල්ෂෙවික්වරු පසුව රුසියානු කොමියුනිස්ට් පක්ෂය වූ අතර එහි ලංකා ශාඛාව වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පාලක සන්ධානයේ හවුල්කාර පක්ෂයකි. එහි නායකයකු වූ ඩිව් ගුණසේකර මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමති වේ. මේ බෝල්ෂෙවික් ‍කතාවේ අනුර ප්‍රියදර්ශන යාපා කියන පරිදි රුසියාවේ රජ පවුල මැරුවා සේ මෙහි ජනාධිපති හා ඔහුගේ සහෝදරයින් මරන්නට සැලසුමක් තිබී ඇත. 

සරත් ‍ෆොන්සේකාගේ පෝස්ටරයට අනුර යාපාගෙන් අමතර ප්‍රචාරයක්

Image
(2009 දෙසැම්බර් 11 - W3Lanka ) විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා වෙනුවෙන් ‘මට පෙර මගේ රට’ යන පාඨය සහිතව ඊයේ දිවයින පුරා අලවා තිබූ පෝස්ටරයට මාධ්‍ය හා තොරතුරු ඇමති අනුර යාපා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවේදී අමතර ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කළේ ඇයි ද යන්න රජයේ නායකයන්ගේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වේ.  පැරණි දිනමිණ පුවත්පතක් පෙන්වමින් ‘මට පෙර මගේ රට’ යන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් යොදාගෙන සකස් කළ පෝස්ටරයක් පසුගිය දිනවල රටපුරා අලවා තිබූ බව ඇමතිවරයා කීවේය. මෙම පුවත හා අදාළ ඡායාරූපයක් ද අද දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ යොදා තිබිණි. ’මට පෙර මගේ රට’ යන්න සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උද්ධෘතයක් ලෙස ප්‍රකට කියමනක් නොවේ. රජය සමග සිටිමින් ම සියුම් ලෙස විපක්ෂයේ වාසිය උදෙසා කටයුතු කරන දේශපාලකයන් වෙත මේ වන විට ජනාධිපතිවරයාට සැබැවින් ම හිතවත් පිරිස්වල අවධානය යොමු වී තිබේ.

සංස්කෘතික පොලිසියට එරෙහිව මාධ්‍ය (ඇමතිගේ) නිදහස හෙවත් පියාට එරෙහිව ප්‍රියා

Image
(අගෝස්තු 15, 2009 - W3Lanka) ඇල් වතුරත් නිවා බීමට පරිස්සම් වන තොරතුරු හා මාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එම තනතුරින් දොට්ට දැමීම සඳහා ව්‍යාපාරයක් නව සංස්කෘතික ඇමති පියසිරි විජේනායක ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රජයේ කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා කැබිනට්‌ තීරණ දැනුම් දීමට අමතරව කැබිනට්‌ මණ්‌ඩලය විසින් ඉදිරිපත් නොකළ පෞද්ගලික මත දැක්‌වීම තුළින් කැබිනට්‌ ප්‍රකාශකගේ වගකීම පැහැර හැර ඇති බව ද, එමගින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාටත්. සංස්‌කෘතික කටයුතු අමාත්‍යවරයා වන තමා හටත් කළ නියමයන් හෑල්ලුවට ලක්‌කර ඇති බව ද සංස්කෘතික ඇමති පියසිරි විජේනායක පවසයි. මේ අනුව හැඟෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා තවදුරටත් කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව යැයි ඔහු වැඩිදුරටත් කියයි. තමාගේ විෂය පථයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට තමා කිසිදු අමාත්‍යවරයකුට ඉඩ නොදෙන බවත්. රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කරන චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්, රැඟුම් පාලක මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගෙන...