පැළ එකොළොස් ලක්ෂයේ ප්‍රෝඩාවෙන් සංකේතවත් වන්නේ ජනාධිපතිගේ අනාගතය ද? රටේ අනාගතය ද?

(2011 පෙබරවාරි 02, W3Lanka) මේ අද දිවයින පුවත්පතේ 'පැළ සිටුවීමේ වැඩසටහන අසාර්ථකයි' මැෙයන් කරුණාරත්න පල්ලේගම බණ්‌ඩාරවෙල සිට කරන ලද වාර්තා කිරීමකි.


පැළ එකොළොස්‌ ලක්‍ෂයක්‌ සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ආයතන සහ රක්‍ෂිත ආශ්‍රිත ප්‍රදේශවල පැළ සිටුවීමට කටයුතු කළ ද එA පිළිබඳ නිසි පසු විපමරක්‌ නොමැතිවීම නිසා සිටුවන ලද පැළ බොහෝමයක්‌ මේ වන විටත් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.


මෙසේ සිටුවන ලද පැළ වර්ග බොහෝමයක්‌ ඉහළ නිලධාරීන්ගේ උපදෙස්‌ අනුව සිටුවීම සිදු කළ ද එම පැළ නිසි ප්‍රතිමියකට අනුව සිටුවා නැතැයි ද එම නිසාම එම පැළ සිටුවා සති කීපයකින්ම විනාශ වී ඇතැයි ද ජනතාව කියති.


මෙසේ පැළ සිටුවීමට කටයුතු කිරීම ඉතාම හොඳ ආදර්ශයක්‌ වුවද කිසිදු පසු විපමරක්‌ හෝ ප්‍රමිතියකින් තොරව පැළ සිටුවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.


මේ පැළවලට වැය කළ විශාල මුදලක්‌ අපතේ ගොස්‌ ඇති බවත් පවසන ප්‍රදේශවාසී ජනතාව දැනට ඉතිරිවී තිබෙන පැළ ටික හෝ රැකගැනීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් 15 වැනි දින උදෑසන 10.07 ට නැගෙනහිර බලා සුබ මොහොතින් ආරම්භ කර විනාඩි 11ක් තුළ පැල එකොළොස් ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් පරිසර අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලදී.


මේ වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ද දියත් කරන ලදී.


'පැල සිටුවීම මේ රටේ මෙයට පෙරත් සිදු කළා. එහෙත් ඒ පැල වැඩෙනතුරු රැක බලා ගැනීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ වැඩසටහනත් එවැනි ම එකක් ද?' යි දැනමිණ පුවත්පතේ 2010 නොවැම්බර් 10දා පැවති සාකච්ඡාවකදී පරිසර ඇමතිවරයාගෙන් අසන ලදී. එහිදී ඇමති අනුර ප්‍රියදර්ශන යාපා විසින් දෙන ලද පිළිතුර මෙසේ ය.


'දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් මෙන් ම ස්වෙච්ඡා සංවිධානවල ක්‍රියාකාරීන්, ආගමික ස්ථානවල ගරුකටයුතු පූජකතුමන්ලා, පාසල් සිසුන්, ඇතුළු සෑම තරා තිරමක කෙනෙකු ම පැල රෝපනය කිරීමට සම්බන්ධ කර ගන්නවා. මේ පැල රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් ද සකස් කරනවා. පත්‍රිකා මුද්‍රණය කර බෙදා හරිනවා. පරිසර කවවලටත් වගකීම් පවරනවා. පසු විපරම් කරන ක්‍රමයකුත් ක්‍රියාත්මක කරනවා. ඊළඟ අවුරුද්දේත් පැල සිටුවීම සිදු කරන අතර සිටුවා ඇති පැල ගැන සොයා බලා ඒවා වැඩීමට සලස්වනවා. සෑම පැලැටියක් ම පිළිබඳ වගකීම එක් කෙනෙකුට බැගින් භාර කෙරෙනවා.'


පැළ සිටුවීම නමින් නොවැම්බර් 15දා රටේ බොහෝ තැන්වල සිදු වුණේ බොරුවකි. ඒ වෙනුවෙන් රජයේ ආයතනවලින් තබා දේශපාලනඥයන්ගෙන් හෝ ප්‍රමාණවත් සහයෝගයක් ලැබුණේ නැත. ප්‍රදර්ශනය සඳහා කොතැන හෝ පැළ බිම ඇනීම හා පැළ සිටවූවා ය කියා බොරු වාර්තා යැවීම සුලබව සිදු විය. එහෙම කර හෝ එකොළොස් ලක්ෂයක එකතුව හදා ගන්නට රජයට බැරි වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. සත්‍ය වශයෙන් ම මේ දිනයේදී සිටුවන ලද පැළ සංඛ්‍යාව එකොළොස් ලක්ෂයට වඩා බෙහෙවින් අඩු බව වාර්තා වේ. ඇතැම් තැන්වල සිටුවීම සඳහා ගෙන්වන ලද පැළ විනාශ වී ගිය බව ද වාර්තා වේ.


සිටවූ පැළ රැක ගැනීමේ පරිසර ඇමතිවරයා කියූ ආකාරයේ වැඩසටහනක් නම් කොහෙත් ම සකස් කෙරුණේ නැති බව දැන ගන්නට තිබේ.


පැළ එකොළොස් ලක්ෂයේ වැඩසටහනෙන් ඇමතිවරයාට එතරම් ලකුණු දමා ගන්නට ද බැරි විය. ඒ නිසා දැන් ඔහු එය අමතක කරන්නට කැමැත්තෙන් සිටිනවා විය හැකි ය.


එහෙත්, දිවයින පුවත මාස දෙක තුනක් ඇතුළත මෙම ඊනියා පැළ සිටුවීමේ බොරුව හෙළිදරව් කරයි.


මේ පසුගිය නොවැම්බර් 12දා අප මෙම පැළ සිටුවීම පිළිබඳ තැබූ සටහනකින් උපුටා ගත් කොටසකි.


'ලංකාවේ කොයි කොයි දේත් මෙන් ම පැළ සිටුවීම ද සිදු වන්නේ ලක්ෂ ගණනිනි. මේ ආකාරයෙන් මහා පරිමාණයෙන් පැළ සිටුවීම ලේඛකයාට මතක අන්දමින් නම් ආරම්භ කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයි. හේ සිය උපන් දිනය යෙදුණ සැප්තැම්බර් 17දා ජාතික රුක් රෝපණ දිනය ලෙස නම් කළේ ය.


දශක ගණනාව්ක් තිස්සේ මෙවැනි රුක් රෝපණ දින, පරිසර දින ආදියේදී කෙතරම් පැළ සංඛ්‍යාවත් සිටුව්න්නට ඇද්ද? ඒත් හැබෑට කෝ ඒ ඉන්දපු පැළ?


ජේ.ආර්ගේ කාලයේ අනුරාධපුරයේ දළයා වී සිටියේ මහින්දසෝම ය. ඒ කාලේ කියැවුණ විහිළු කතාවකට අනුව කියැවුණේ හැම ගහක ම 'අපි මහින්දසෝමට' කියා ද අලුත සිටුවන ලද පැළවල 'අපිත් කවදා හරි මහින්දසෝමට' කියා ලියා තිබුණු බවයි.


පැළ ඉන්දන එක මහා දෙයක් නො වේ. ඒ බව විනාඩි එකොළහකින් පැළ ලක්ෂ එකොළහක් ඉන්දීමෙන් පෙනේ. අමාරු දෙය වන්නේ ඉන්දූ පැළ ගස් බවට පත් කර ගැනීමයි. ඉන් පසු ගස් රැක ගැනීමයි.


අඩු තරමේ මේ පැළ එකොළොස් ලක්ෂය වෙනුවෙන් හෝ මෙහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි අපි යෝජනා කරමු. එනම් මේ පැළ රැක බලා ගැනීමේ වගකිව යුත්තන් පත් කිරීමයි.


වසරකට පසුව, 2011 නොවැම්බර් 15දා මේ පැළවලින් කීයක් තවමත් යහතින් තිබේ ද යන්න ද අද මෙම පැළ ඉන්දීමට දෙන ප්‍රසිද්ධියෙන් ම කිව යුතු ය. අවුරුදු පතා මෙය කළ හැකි ය.'

Comments

  1. ජනාධිපතිගේ හා රටේ (recent)අතීතය, වර්තමානය, අනාගතය යනු ප්‍රෝඩාවය. ජනදිපති රටේ බහුතර ජනතාවකගේ හොදම හොද කැඩපතය.

    "මේ පැළවලට වැය කළ විශාල මුදලක්‌ අපතේ ගොස්‌ ඇති බවත් පවසන ප්‍රදේශවාසී ජනතාව දැනට ඉතිරිවී තිබෙන පැළ ටික හෝ රැකගැනීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති."

    මේ සම්බන්ද බලදාරියා කවුද?

    මටනම් පෙනෙනේ මේරටේ සිටින එකම බලාදාරියා ජනාධිපති කියාය

    ReplyDelete
  2. http://dreamsofharee.blogspot.com/2010/11/1100003.html

    මම හිටවපු පැල නම් තාම හොඳින්.........

    ReplyDelete
  3. රත්නසිරිFebruary 2, 2011 at 10:06 PM

    අපි නම් මුගේ මේ විගඩම් වලට සෙට් උනේ නෑ.ගොං පාට් අපිට ඇලජික්" හරි "ද මචං.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා