18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මාස හයයි; තාම කොමිෂන්වත් නැහැ; ජනාධිපති ධුර කාලය දිගු වුණා පමණයි
(2011 පෙබරවාරි 22, W3Lanka) පසුගිය සැප්තැම්බර් 07දා 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගන්නට ආණ්ඩුවට තිබුණේ පුදුම තදියමකි. විධායක ජනාධිපති තනතුරට පනවා තිබූ දෙවතාවක සීමාව ඉවත් කිරීම හා ස්‌වාධීන කොමිෂන් සභා පත්කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ විය.
එදා කීවේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට බවයි. එහෙත්, වසර කීපයකට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂ ඒකච්ඡන්දයෙන් සම්මත කළ 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද පුළුල් නියෝජනයක් සහිත දස පුද්ගල ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජනාධිපතිගේ බලයට යටත් වූ පංච පුද්ගල කමිටුවක් මෙමගින් හඳුන්වා දෙන ලදී. ඒ මෙසේ ය:
17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රටේ සියලුම ඉහළ නිලතල හා කොමිසම්වලට පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් බලතල හොබවන දස පුද්ගල ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයක් පත් කළ යුතු විය. මෙම සභාව විසින් අගවිනිසුරු නීතිපති, ඡන්ද කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි තනතුරු හා ආයතනවලට පත් කිරීම් කළ යුතුව තිබිණි. 17 වැනි සංශෝධනයේ 41 වගන්තියට අනුව මෙකී ව්‍යවස්‌ථාදායක සභාවට නිලබලයෙන් පත් වන කථානායක, අගමැති හා විපක්ෂ නායක යන තුන්දෙනා හැරුණු විට ව්‍යවස්‌ථාදායක සභාවේ පත්කළ සභිකයන් හත් දෙනා දූෂිත නොවන ඇසූ පිරූ පුද්ගලයන් ලෙස රටේ ලෝකයේ නමක් දිනාගෙන සිටින මහජන සේවයේ කීර්තියක් දිනාගෙන සිටින පුද්ගලයෝ විය යුතු ය. එසේ ම කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයෝ ද නොවිය යුතු බව නියම කොට තිබිණි.
17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධි විධානවලට අනුව අගමැතිවරයා සහ විපක්‍ෂ නායකවරයා ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් පස් දෙනකු අන්‍යෝන්‍ය එකඟතාව මත පත් කළ යුතුය. මෙසේ පත්කරන සභිකයන් පස් දෙනාගෙන් තුන් දෙනෙකු සුළු ජන කොටස් නියෝජනය වන පරිදි පත් කළ යුතු බවත් මේ සුළු ජන නියෝජිතයන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ සිටින එම සුළු ජන කොටස්‌වලට අයිති මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසිය යුතු බවත් 17 වැනි සංශෝධනයේ සඳහන් වී තිබිණි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවලට ද නියෝජිතයකු නම් කිරීමේ අවස්ථාව තිබිණි. ගැටලුවක් මතු වූයේ හෝ මතු කළේ මෙම පත් කිරීම හරහා සහ ජනාධිපතිගේ නියෝජිතයා පත් නො කර සිටීම හරහා ය. පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක් හිමි ව සිටි ජවිපෙ විසින් පළමු වටයේදී සුළු පක්ෂ නියෝජිතයා නම් කරන ලද අතර, දෙවන වටයේදී එම අවස්ථාව ලැබුණේ දෙමළ ජාතික සන්ධානයටයි. එහෙත් ජාතික හෙළ උරුමය ඒ හිමිකම ඉල්ලා සිටිමින් ඉදිරිපත් කළ ජාතිවාදී තර්කය වූයේ අගමැති හා විපක්ෂ නායක විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස්දෙනා අතර දෙමළ නියෝජිතයකු සිටින බැවින් එම අවස්ථාව තමන්ට හිමි විය යුතු බවයි.
මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තරම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදි භාවිතාවක් ලංකාවේ නො තිබුණු බව හා ඒ සඳහා අවශ්‍ය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් ඇති නායකයන් දේශපාලන පක්ෂවල නො සිටි බව ඇත්තකි. පත් කිරීම්වලදී ප්‍රායෝගික ප්‍රශ්න පැන නැඟුණේ එහෙයිනි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද පාර්ලිමේන්තු කොමිසමේ බහුතරයක් සාමාජිකයන් ප්‍රායෝගිකව පත් කරනු ලබන්නේ ජනාධිපති විසිනි. ඒ කමිටුවේ නිල බලයෙන් සාමාජිකයන් වන අගමැති, කතානායක යන දෙදෙනා ම ජනාධිපති විසින් තෝරා ගන්නා ලද අය බව නො රහසකි. අගමැති, කතානායක හා විපක්ෂ නායක විසින් නියෝජනය නො කරනු ලබන ජනවර්ග නියෝජනය සඳහා නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමේ බලය අගමැතිට හා විපක්ෂ නායකට තිබේ.
ජනාධිපතිවරයා විසින් මැතිවරණ, පොලිස්, මානව හිමිකම්, අල්ලස්, මුදල් හා සීමා නිර්ණය යන කොමිෂන් හතට පත් කිරීමට යෝජනා කරනු ලබන සාමාජිකයන් සුදුසු ද, නැද්ද යන්න නිර්දේශ කිරීමේ බලය පමණක් මෙම පාර්ලිමේන්තු කමිටුවට තිබේ.
එහෙත්, මාර්තු 07දාට 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන මාස හයකි. පාර්ලිමේන්තු කමිටුව පත් කර තිබේ. එහෙත් තවමත් අර කී කොමිෂන් නැත. කොමිෂන් නැති නිසා සියලු බලතල ජනාධිපතිගේ අතේ ය.
මානව හිමිකම් හා අල්ලස් වැනි කොමිෂන් ක්‍රියාත්මක නො වීම ආණ්ඩුවේ දේශපාලකයන්ට හා රජයේ නිලධාරීන්ට ආශිර්වාදයක් වී ඇත.
බාලගිරි අද නොවෙයි හෙට වගේ මෙම කොමිෂන් පත් කරන්නේ පළාත් පාලන ඡන්දයෙන් පසු ලු. වඩා වැදගත් රටක මූලික ව්‍යවස්ථා විධිවිධාන ද? නැතිනම්, පළාත් පාලන ඡන්දයක් ද?
18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂ වූ අයට දැන්වත් තේරෙනවා ද මෙහි සැබෑ අරමුණ වුණේ ජනාධිපතිවරයාගේ ධුර කාලය දෙවතාවකට සීමා කළ විධිවිධාන ඉවත් කර ගැනීම පමණක් බව?
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බව කියමින් ගෙන ආ, ස්වාධීන කොමිෂන් පත් කිරීමේ බලය සහිත පාර්ලිමේන්තු කමිටුව පවා පත් කිරීමට උවමනාවක් නැතිකමින් ඒ බව ඔප්පු වෙනවා නො වේ ද?
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.