Posts

Showing posts with the label ස්වාධීන කොමිෂන්

18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මාස හයයි; තාම කොමිෂන්වත් නැහැ; ජනාධිපති ධුර කාලය දිගු වුණා පමණයි

Image
(2011 පෙබරවාරි 22,  W3Lanka )  පසුගිය සැප්තැම්බර් 07දා 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගන්නට ආණ්ඩුවට තිබුණේ පුදුම තදියමකි. විධායක ජනාධිපති තනතුරට පනවා තිබූ දෙවතාවක සීමාව ඉවත් කිරීම හා ස්‌වාධීන කොමිෂන් සභා පත්කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ විය. එදා කීවේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට බවයි. එහෙත්, වසර කීපයකට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂ ඒකච්ඡන්දයෙන් සම්මත කළ 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද පුළුල් නියෝජනයක් සහිත දස පුද්ගල ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජනාධිපතිගේ බලයට යටත් වූ පංච පුද්ගල කමිටුවක් මෙමගින් හඳුන්වා දෙන ලදී. ඒ මෙසේ ය: 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රටේ සියලුම ඉහළ නිලතල හා කොමිසම්වලට පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් බලතල හොබවන දස පුද්ගල ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයක් පත් කළ යුතු විය. මෙම සභාව විසින් අගවිනිසුරු නීතිපති, ඡන්ද කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි තනතුරු හා ආයතනවලට පත් කිරීම් කළ යුතුව තිබිණි. 17 වැනි සංශෝධනයේ ...